යාපනයේ පැවැති තෛපොංගල් උත්සවයකට සහභාගී වීමට ගිය අමාත්‍ය මහින්ද අමරවීර මහතාට යළි කොළඹ බලා පැමිණීමට ගුවන් හමුදාව මගින් විශේෂ හෙලිකොප්ටරයක් ල...
යාපනයේ පැවැති තෛපොංගල් උත්සවයකට සහභාගී වීමට ගිය අමාත්‍ය මහින්ද අමරවීර මහතාට යළි කොළඹ බලා පැමිණීමට ගුවන් හමුදාව මගින් විශේෂ හෙලිකොප්ටරයක් ලබාදී ඇතැයි වාර්තා වේ.
අමරවීර මහතා යාපනයට ගිය පෞද්ගලික ගුවන් සේවාවකට අයත් යානාවක් පලාලිහි ගොඩබෑමට නොහැකිවීම නිසා විනාඩි 45ක පමණ කාලයක් ගුවනේ සැරි සැරූ බව වාර්තා විය. පසුව ගුවන් හමුදා නිලධාරීන්ගේ ආරාධනාව මත ගුවන් හමුදාවට අයත් යානයකින් ආපසු කොළඹ පැමිණීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා එකඟ වී තිබේ.
අමාත්‍යවරයාට ගුවන් හමුදාවට අයත් යානයකින් ආපසු කොළඹ පැමිණීම සඳහා ආරාධනා කළ බවත් ඒ අනුව අමරවීර මහතා ගුවන් හමුදා යානයකින් යළි කොළඹ බලා පැමිණීමට නියමිත බවත් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.
COMMENTS