දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
“නායකත්වයේ දුර්වලතාවය නිසා එජාපය විශාල අර්බුදයක“ - ප්‍රදීප් ජයවර්ධන
Homeප්‍රවෘත්ති

“නායකත්වයේ දුර්වලතාවය නිසා එජාපය විශාල අර්බුදයක“ - ප්‍රදීප් ජයවර්ධන

PropellerAds

කොළඹ පුරපති සටන මේවන විට උණුසුම් වී තිබේ. විශේෂයෙන්ම මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රධාන පක්ෂ ඇතුළු සියලු දේශපාලනඥයන්ගේ අවධානයද කොළඹ මහ නගර ...

දියවන්නාවේ ජලය කහ පාට වූ හේතුව ජොන්ස්ටන් සොයාගනී
ජාතිවාදය විකිණිමට ගිය රාජපක්ෂලාගේ ගෝලයා මිලින්ද සමාජ ජාල තුල නාගනී
පිළිකාකාරක අඩංගු පොල්තෙල් කන්ටේනර් 13 ක් වෙළද පොලට නිකුත් වී ඇත..! විජේදාස රාජපක්ෂ මහතා දැනුම් දෙයි
“නායකත්වයේ දුර්වලතාවය නිසා එජාපය විශාල අර්බුදයක“ - ප්‍රදීප් ජයවර්ධන

කොළඹ පුරපති සටන මේවන විට උණුසුම් වී තිබේ. විශේෂයෙන්ම මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රධාන පක්ෂ ඇතුළු සියලු දේශපාලනඥයන්ගේ අවධානයද කොළඹ මහ නගර සභා මැතිවරණය දෙසට යොමු වී තිබේ. කොළඹ මහ නගර සභාවේ බලය ලබාගැනීමට සියලු පක්ෂ වැඩිම බරක්‌ යොදා ඇත. එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයද අනෙකුත් පළාත් පාලන ආයතනවලට වඩා කොළඹට උපරිම ජවයක්‌ යොදා මෙවර තමන් අතට බලය ලබාගැනීමට පිඹුරුපත් සකස්‌ කරමින් ඡන්ද සටනට පිවිස සිටියි.

රටේ අගනගරය වන කොළඹ නගරය මෙතෙක්‌ කාලයක්‌ එක්‌සත් ජාතික පක්‌ෂයේ බලකොටුවක්‌ව පැවැතුණි. සිංහල, දෙමළ හා මුස්‌ලිම් යන සියලු ජාතීන්ගේ සංයුතියකින් යුතු කොළඹ නගරය කෝටිපති ධනවතුන්ගෙන් මෙන්ම දුගී දුප්පත් පැල්පත්වාසීන්ගෙන්ද සමන්විත වෙයි.
කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක් මෙවර කොළඹ මහ නගර සභාව මැතිවරණයට තරග වදී.

ඒ අතරින් උණුසුම් වූ කොළඹ සටන ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ කොළඹ නගර සභාවට තරඟ කරන හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ මුණුබුරු ප්‍රදීප් ජයවර්ධන මහතා අප සමග කළ සංවාදයකි මේ.

එජාපයේ හිටපු නායකයෙකු වගේම හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ මුණුබුරු ලෙස ඇයි ඔබතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කොළඹ මහ නගර සභාවට තරග කරන්න හිතුවේ?

මම එක්සත් ජාතික පක්ෂයේ 1994 ගාමිණී දිසානායක මැතිතුමාත් එක්ක කිට්ටුවෙන් වැඩ කෙරුවා ජනාධිපතිවරණයට. එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනකොට මගේ සීයා තමයි එතුමාව නැවත එක්සත් ජාතික පක්ෂය ගන්න ක්‍රියා කළේ. ප්‍රේමදාස ජනාධිපතිතුමා නැති වෙලා දින ගානක්වත් ගිහිල්ලා නැහැ. එතුමා ගාමිණීව ගෙන්නලා කිව්වා එක්සත් ජාතික පක්ෂයට එන්න කියලා ආයෙත්. මම එතුමත් එක්ක කිට්ටුවෙන් වැඩ කෙරුවා, එතුමා ජනාධිපතිවරණයට යනකොට. පස්සේ කාලේ එතුමා නැති වුණා. කැම්පේන් එක ව්‍යාපාරය මැද. ඊට පස්සේ මම දැක්කා එක්සත් ජාතික පක්ෂයට ඒ යන දිශාව සහ ඒ නායකත්වය ප්‍රශ්නයක් තියෙනවා කියලා මට හොඳට තේරෙනවා. ඊට පස්සේ මම අයින් වෙලා හිටියා දේශපාලනයට මම සම්බන්ධ වුණේ නැහැ. ඒ කාලේ ඇතුළත මම සිවිල් විදුලි ව්‍යාපෘතියක් ව්‍යාපෘතියක් කරගෙන ගියා. ඒක තමයි මම කෙරුවේ. දැන් මේ වෙලාවේ මම ඉදිරිපත් වෙලා තියෙන්නේ මට තේරෙනවා අපිටඅවශ්‍යතාවයක් තියෙනවා කියලා. දේශපාලනයට සම්බන්ධ වෙලා මේ රට යන තැන, මේ නගරය යන තැන අපිට වෙනසක් කරන්න අවශ්‍යතාවයක් තියෙනවා කියලා මට තේරෙනවා. අපි මේ රටේ ජිවත් වෙනවා නම්, අපේ ළමයිටඉදිරියේදී අනාගතයක් තියෙන්න ඕනේ නම්,මන් හිතන්නේ මේ රට දැන් යන දිශාවට වැඩිය හොඳ දිශාවකට ගෙනියන්න අවශ්‍යයි. මේක තමයි හේතුව. මේ වෙලාවේ එක්සත් ජාතික පක්ෂයේ එදා මන් දැක්ක දේ අඩුපාඩුකම අද මන් හිතන්නේ හැමෝටම තේරෙනවා. නායකත්වයේ දුර්වලතාවයක් නිසා විශාල අර්බුදයකට දැන් ගිහිල්ලා තියෙනවා එක්සත් ජාතික පක්ෂය. ඇත්තටම ලොකුම වංචාවකට අහු වෙලා තියෙනවා. නායකත්වය ඒකට වග කියන්න ඕනේ. නායකයා සම්බන්ධද නැද්ද කියන එක නෙවෙයි ඒකෙ තියෙන්නේ. එතුමා වග කියන්න ඕනේ එහෙම දෙයක් එතුමාගේ පක්ෂය ඇතුළේ, එතුමාගේ වැඩපිළිවෙල තුලින් වෙලා තියෙනවා නම් ඒ තත්ත්වය ඇති වුණේ කොහොමද කියලා එතුමා ඒකට වග කියන්න ඕනේ. ඒ හින්දා මගේ තීරණය නිවැරදියි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වෙන්න ගත්ත තීරණයත් නිවැරදියි.

එජාපයේ පක්ෂ නායකත්වය වෙනස් නොකිරීමද එජාපයේ ඔබ කියන වෙනස නොවීමට හේතුවෙලා තියෙන්නේ?

නායකත්වයක් විතරක් වෙනස් වෙලා කරන්න අමාරුයි. නායකත්වය අවුරුදු 25ක් හිටපු නිසා දෙවෙනි පෙලේ නායකයන්ගේ ප්‍රශ්නයකුත් තියෙනවා, සංවිධානයේ ප්‍රශ්නයකුත් තියෙනවා. ව්‍යූහයේ ප්‍රශ්නෙකුත් තියෙනවා. ඒ සියලු ප්‍රශ්න දැන් ඇති වෙලා තියෙන්නේ. අවුරුදු 25ක් වැරදි දිශාවකට පක්ෂයක් ගියොත් ඒකෙ ඉන්න දෙවෙනි පෙලේ හොඳ නායකයෝ අයින් වෙනවා. පාක්ෂිකයන් අයින් වෙනවා. සම්පුර්ණ සංවිධානයේ අඩුපාඩුකම් ඇති වෙනවා. ඒ තත්ත්වය තමයි එක්සත් ජාතික පක්ෂයට වෙලා තියෙන්නේ. නායකයා වෙනස් කරලා පමණක් මදි. අවුරුදු 02, 03ක ව්‍යාපාරයක් කරන්න ඕනේ මේක නැවත ගොඩගෙන, හොඳ තත්ත්වයකට ගේන්න. සියාටත් අවුරුදු 05ක් ගියා එක්සත් ජාතික පක්ෂය 71පැරදුනාට පස්සේ ජිවිත කාලයක් ගියා එක්සත් ජාතික පක්ෂය ගොඩ ගන්න. හොඳ ශක්තිමත් ජන්ද දිනන්න පුළුවන් සංවිධානයක් හැටියට ඇති කර ගන්න.

කොළඹ නගරයේ දැනට තිබෙන ගැටලුත් එක්ක කොළඹ සටන දිනා ගැනීමට ඔබතුමාගේ වැඩපිළිවෙල මොකක්ද?

කොළඹ තියෙන විශාලම ප්‍රශ්න විසදන්න ඉක්මන් පියවර ගන්නවා. පළවෙනි ප්‍රශ්නය තමයි මන් දකින්නේ මේ ට්‍රැෆික් ප්‍රශ්නය. ඒකට විසදුමක් ගන්න අවශ්‍යයි. ඒකට එක විසදුමක්නෙවෙයි තියෙන්නේ මන් හිතන්නේ විසදුම් ගණනාවක් ගන්න වෙනවා ඒකට. පියවර ගණනාවක් ගන්න වෙනවා. පියවර 20ක්, 30ක් විතර ගන්න වෙයි. කොළඹට එන ට්‍රැෆික් ප්‍රමාණය අඩු කිරීමේ ක්‍රමයක් අවශ්‍යයි. පොදු ප්‍රවාහන සේවා ඇති කරන්න අවශ්‍යයි. පාර්කින් ප්‍රශ්නය ගැන බලන්න අවශ්‍යයි. කොළඹ පාර්කින් ලොකු ප්‍රශ්නයක් තියෙනවා අද. ඒ වගේම රයිඩ්ශෙයාරින් අලුත් ක්‍රම අපි පාවිච්චි කරන්න අවශ්‍යයි. ඒ වගේමමන් හිතන්නේ කොළඹ ඇතුළේ අපිට අවශ්‍යයි පදික වේදීන්ගේ දැනටමත් හැමෝම දන්නවා ටොරින්ටන් එක වටේ,රේස්කෝස් වටේ හොඳ ඇවිදීම් මේවා එකක් තියෙනවා. ඒක ඉතින් විවේක සුවයට හොඳ ඇවිදීම් මේවා එකක් කියලා. ඒ විතරක් නෙවෙයි ඇවිදීමෙන් තමන්ගේ දෛනික දේවල් කරන්න ක්‍රමයක් ඇති වෙන්න ඕනේ. එතකොට කාර් එක පාවිච්චි කරන්නේ නැතුව බොහෝ දෙනාට පුළුවන් ඇවිදලා තමන්ගේ අවශ්‍යතාවය කර ගන්න. මේ කරන්න පාරවල් විතරක් නෙවෙයි. අපි රෝලින් එකත් වෙනස් කරන්න ඕනේ. දෙවෙනි ප්‍රශ්නේ තමයි දැන් තියෙන දියුණුව ඇත්තටම ඉතාමසස්ටේනබල් නැහැ. ඒ කියන්නේ කිසිම ප්ලෑන් එකක් නැහැ. රෝලින් එකක් කොළඹ තියෙනවා, රෝලින් එක 18 වන සියවසේ ආපු රෝලින් ක්‍රමයක්. මොකද බිස්නස් සහ ෆැක්ටරි සහ ගෙවල් වෙන් කරන්න තිබුනඅවශ්‍යතාවය තිබුණා 18 වෙනි සියවසේ. ඒ හැදුන රෝලින් ක්‍රමය තමයි අද තියෙන්නේ. ඒ රෝලින් ක්‍රමය නුතන ක්‍රමයට ගැලපෙන්නේ නැහැ. මේ රෝලින් ක්‍රමය පාවිච්චි කරන නිසා තමයි යම් යම් ක්‍රම වලින් ඉඩක් හදාගෙනමිනිස්සු බිස්නස් දැන් අද ඇති කරන හොඳ කුරුදුවත්ත වගේ ගෙවල් තියෙන ප්‍රදේශවල එක එකබිස්නස් මතු වෙනවා. ගිහිල්ලා බැලුවම ඒ නගර සභාවෙන් දීලා නැහැ කියනවා. කාගෙන් හරි මොකක් හරි ඇප්රුවල් එකක් අරගෙන බිස්නස් කරනවා. අවශ්‍යතාවයක් තියෙනවා බිස්නස් එකක් දාන්න ඇත්තටම. නමුත් ඒක ප්ලෑන් එකක් නැතුව වෙන්නේ. මේ පරණ රෝලින් ක්‍රමය සම්පුර්ණයෙන්ම වෙනස් කරලා අලුත් රෝලින් ක්‍රමයක් ගේන්න ඕනේ. ඒ රෝලින් ක්‍රමයෙන් නිවාස ආරක්ෂා වෙන්න ඕනේ. අලුතෙන් ඇති වන බිස්නස්වලට මේ නිවාස ආසන්නවබිස්නස් කරන්න හැකියාවක් අපි හදන්න ඕනේ. ඒකට අලුතින් හදපු ක්‍රම තියෙනවා වෙනත් රටවල් කරලා තියෙන, වෙනත් නගරවල් කරලා තියෙන, ඒවා අපිට බලලා ඇත්තටම ඒ වගේ ක්‍රමවලට යන්න පුළුවන්. සිංගප්පුරුව ඇත්තටම ලංකාවත් එක්ක තියෙන නරකම ආදර්ශය. සිංගප්පුරුව කියන්නේ සම්පුර්ණයෙන්ම නගරයක් විදියට හැදුනු රටක්. පුදුම විදියට යටිතල පහසුකම් තියෙන නගරයක්. ගෙවල්වල අඩුපාඩුවක් නැහැ. ලංකාවේ තත්ත්වයට ගොඩක් වෙනස්. අපි පොඩි නගරයක්නේ. නගරය වටා විශාල ජන ගහනයක් ඉන්නවා,හැමදාම මේ නගරය ඇතුලට මේ ජනගහනය එනවා. වැඩ කරන්න. කොළඹ සියලු දේ එකට මිශ්‍ර වෙලා තියෙනවා.

කොළඹ මහ නගර සභා සීමාව තුළත් එක් එක් ප්‍රදේශවල සංවර්ධනය සිදු කිරීමේදී විවිධ වෙනස් කම් තිබෙනවා. ඒ නිසාම ඇතිවුණ ප්‍රශ්න විශේෂයෙන්ම පැල්පත්වාසීන්ගේ ගැටලු මෙවැනි ප්‍රශ්න විසදීමට ඔබතුමාගේ දැක්ම කුමක්ද?

සියලු පැල්පත්වාසින්ව, අඩු ආදායම්ලාභින්ව කොළඹ ඇතුළේ ජිවත් වෙන්න අවශ්‍යයි කියලා. කොළඹින් පිටට දාන එකට මම සම්පුර්ණයෙන්ම විරුද්ධයි. මේගොල්ලෝ ඇත්තටම කොළඹ ජනතාව. වැදගත් ජනතාවක් හැටියට අපි හිතන්න ඕනේ. මොකද මේ ගොල්ලෝ කොළඹට විශාල සේවාවක් සපයනවා. ආහාරපාන නිෂ්පාදනය කරනවා, ශ්‍රමය දෙනවා,ත්‍රිවිල් වගේ පොඩි ව්‍යාපාර කරනවා. විවිධ අන්දමින් සේවාවක් කරනවා. ඒගොල්ලනට අයිතියකුත් තියෙනවා, සේවාවකුත් කොළඹට දෙනවා. මේවා ඇත්තටම අද දියුණුයි. ඒගොල්ලන්ගේ ජිවන තත්ත්වය නංවන්න ඕනේ කොළඹ ඇතුලෙම. මේවා කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒගොල්ලෝ ඉන්න ඉඩමේම අපිට පුළුවන් ඇත්තටම පුළුවන් හොඳ නිවාස තනන්න. ඒගොල්ලන්ටත් ජිවත් වෙන්න පුළුවන් ඉඩමෙන් තවත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්,සමහරවිට ව්‍යාපාර ඇති කරන්න පුළුවන්. ජිවත් වෙන්නත් පුළුවන් විදියට අපි දියුණු කරන්න ඕනේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: “නායකත්වයේ දුර්වලතාවය නිසා එජාපය විශාල අර්බුදයක“ - ප්‍රදීප් ජයවර්ධන
“නායකත්වයේ දුර්වලතාවය නිසා එජාපය විශාල අර්බුදයක“ - ප්‍රදීප් ජයවර්ධන
http://am.lk/media/k2/items/cache/1cf17d709a9dadbdffd0589767b9772c_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_870.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_870.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy