දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආණ්ඩු පෙරළන කුමන්ත්‍රණයක් - බුද්ධි අංශ අනාවරණය කරයි.
Homeගොසිප්

ආණ්ඩු පෙරළන කුමන්ත්‍රණයක් - බුද්ධි අංශ අනාවරණය කරයි.

PropellerAds

ජනාධිපති බැඳුම්කර කොමිසමේ වාර්තාව පදනම් කරගෙන සම්මුති ආණ්ඩුව පෙරළීමේ කුමන්ත්‍රණයක් දියත්වූ බවට තොරතුරු අභ්‍යන්තර බුද්ධි අංශ අනාවරණය කරගෙ...

ලසන්ත ඝාතනයට හවුල් කාරයාගේ චිත්‍රය නැවත ප්‍රසිද්ධ කෙරේ
ජී එල් නිසා පොහොට්ටුවත් එක්ස්පයර්ඩ් (සතිඅන්තයේ කාටූන්)
Gossip Lanka Events

ජනාධිපති බැඳුම්කර කොමිසමේ වාර්තාව පදනම් කරගෙන සම්මුති ආණ්ඩුව පෙරළීමේ කුමන්ත්‍රණයක් දියත්වූ බවට තොරතුරු අභ්‍යන්තර බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ වාර්තා වූ අවස්ථාවේ සිට ඒ මත පදනම්ව සම්මුති ආණ්ඩුව බිඳ දැමීම වෙනුවෙන් සැළසුම් සහගතව දියත්ව ඇති මෙම කුමන්ත්‍රණය අදියර කිහිපයක් හරහා දියත් කර ඇත.

පළමු ගොදුර රවී

ඒ අනුව කුමන්ත්‍රණයේ පළමු අදියර දියත්ව ඇත්තේ සම්මුති ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අර්බුදයක් නිර්මාණය කිරීමය. ඒ වෙනුවෙන් ඔවුන් ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව හිටපු අමාත්‍ය රවී කරුණානායක වගකිව යුතු බවට මහා පරිමාණයේ මාධ්‍ය ප්‍රචාරයක් ලබාදීමය.

අගමැතිට එරෙහිව මාධ්‍ය මෙහෙයුමක්

මෙහිදී කුමන්ත්‍රණකාරී කණ්ඩායමේ ඉලක්කය වුයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වුවත් පළමු අවස්ථාවේ දී ඔවුන් රවී කරුණානායක ඉලක්ක කර ඇත. පසුව ශ්‍රී ලංකා මහ බැංකුව විෂය භාර අමාත්‍යවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා බව සඳහන් කරමින් ඔහු ඉලක්කකර මාධ්‍ය මෙහෙයුම දියත් කර ඇත. 

රනිල් - මෛත්‍රී කොටවන සැළසුම

අනතුරුව එය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර ප්‍රශ්නයක් ඇතිවන තැනක් දක්වා වර්ධනය කර ඇති බව සඳහන් කරන බුද්ධි තොරතුරු පෙන්වා දෙන්නේ එහි අවසාන අදියර ලෙස බැඳුම්කර ජනාධිපති කොමිසමේ වාර්තාව පදනම් කරගෙන ජනාධිපතිවරයා සිදුකළ විශේෂ ප්‍රකාශයද විකෘති කිරීමට කටයුතු කර ඇති බව අනාවරණය වී ඇති බවය.

හදිසි විශේෂ ප්‍රකාශයට උපදෙස් දුන්නේ කවුද?

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයා වෙත ලබාදෙනු ලැබුවේ පසුගිය දෙසැම්බර් 30 වනදාය.

අනතුරුව ජනාධිපතිවරයා ඒ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරන බවට නිවේදනය වූ අතර එම ප්‍රකාශය ජනාධිපතිවරයා සිදුකළේ ජනවාරි 03 වනදාය. පසුව දේශපාලන පක්ෂ ඇතුළු සිවිල් සමාජ ක්‍රියාකාරීන් මැදිහත්ව බැඳුම්කර කොමිසමේ වාර්තාව මෙන්ම ඒ වන විටත් ජනාධිපතිවරයාට ලබාදී තිබු වංචා සහ දුෂණ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසමේ අතුරු වාර්තා 34 ද පාර්ලිමේන්තුවෙ සභාගත කළයුතු බවට සමාජ මතයක් නිර්මාණය කෙරිණ.

කතානායකවරයා විසින් අදාළ වාර්තා පාරිමෙන්තුවට ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට දැනුම්දුන්නේද පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ මැදිහත්ව කතානායකවරයා වෙතින් සිදුකළ ඉල්ලීමකට දැක්වූ ප්‍රතිචාරයක් වශයෙන්ය.

ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ලේකම් කාර්යාලය දැනුම්දී සිටියේ ජනවාරි 17 වනදා අදාළ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවය. ඒ අනුව ඊයේ (17) එම වාර්තා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් පාර්ලිමේන්තුව වෙත ලබාදෙනු ලැබීය.

ඒ වන විටත් බැඳුම්කර කොමිසමේ නිර්දේශ ඇතුළත් වාර්තාව නීතිපතිවරයා, ශ්‍රී ලංකා මහ බැංකුව වෙත යොමුකර ඇති බවටද මාධ්‍ය වාර්තා පළවිය. එසේම හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකද සඳහන් කර සිටියේ අදාළ වාර්තාවේ පිටපතක් තමන්ටද ලැබී ඇති බවත් ඊට අනුව තමන් බැඳුම්කර ගනුදෙනුවට කිසිඳු සම්බන්ධයක් නොමැති බව ඔප්පු වන බවය.

පාර්ලිමේන්තුව රැස්වීම කඩාකප්පල් කිරීම

කෙසේ වුවත් ජනාධිපති බැඳුම්කර කොමිසමේ නිර්දේශ ඇතුළත් වාර්තාව පාර්ලිමේන්තුවට නිකුත් වන බව නිවේදනය වූ අවස්ථාවේ සිට පාර්ලිමේන්තුව කඩාකප්පල් කිරීමේ සුදානමක් පිළිබඳව සහ ඉන් පසුවද පාර්ලිමේන්තුව රැස්වීම කඩාකප්පල් කිරීමේ සැළැස්මක් පිළිබඳ බුද්ධි තොරතුරු අනාවරණය වූ අතර ඒ පිළිබඳ කතානායක කාර්යාලයද නිවේදනයක් නිකුත් කොට තිබිණ.

බැඳුම්කර ගනුදෙනුව සහ එහි වාර්තාව පදනම් කරගෙන සම්මුති ආණ්ඩුව පෙරළීමේ කුමන්ත්‍රණයක් සිදුවූ බව අනාවරණය කරන බුද්ධි වාර්තා සඳහන් කරන්නේ මෙම පාර්ලිමේන්තුව රැස්වීම කඩාකප්පල් කිරීමේ සහ ආණ්ඩුව පෙරළීමේ කුමන්ත්‍රණය අතරද සම්බන්ධයක් පවතින බවය. ඒ කෙසේ හෝ අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ගෙන ඒම වැලැක්වීම සඳහාය.

කුමන්ත්‍රණකරුවන් ජනාධිපතිගේ විශේෂ ප්‍රකාශයත් යොදාගෙන

ඊට අදාළව ඉහත ආණ්ඩු පෙරළීමේ කුමන්ත්‍රණය සම්බන්ධව විමර්ශනය කළ බුද්ධි තොරතුරු සඳහන් කර සිටින්නේ ජනාධිපතිවරයාගේ එම විශේෂ ප්‍රකාශය සහ ජනාධිපති කොමිසම් වාර්තාවේ තොරතුරු අතර බරපතල විෂමතා පවතින බවය. විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සම්බන්ධව ජනාධිපතිවරයා සිදුකළ විශේෂ ප්‍රකාශයේ සහ කොමිෂන් වාර්තාවේ කරුණු අතර පැහැදිළි විකෘතියක් පවතින බව බුද්ධි විමර්ශනය තුළ අනාවරණය කරගෙන ඇත.

දැනුවත්ව ජනාධිපතිගේ ප්‍රකාශය විකෘති කළේ කවුද ?

ජනාධිපතිවරයා සිදුකළ විශේෂ ප්‍රකාශයේ සිංහල පිටපතේ රවී කරුණානායක මන්ත්‍රීවරයා සම්බන්ධව පලකළ අදහස් දැක්වීම මෙසේය.

"ඇලෝසියස් පවුලට අයත් සහ ඔවුන්ගේ පාලනයට නැතුව තිබූ වෝල්ට් ඇන්ඩ් රෝ සමාගම විසින් පෙන්ට්හවුස් තට්ටු නිවසකට කුලිය ගෙවීම පිළිබඳව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත වගකීම වාර්තාවේ සඳහන් වෙනවා. ඔහුට විරුද්ධව අල්ලස් දුෂණ පනත යටතේ නඩු පැවරිය යුතු බවත් දණ්ඩ නීති සංග්‍රහය යටතේ කොමිෂන් සභාවට ඔහු අසත්‍ය සාක්ෂි දීම සම්බන්ධයෙන් ද නඩු පැවරිය යුතු බව මෙම වාර්තාවේ සඳහන් වෙනවා."




නමුත් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බැඳුම්කර ජනාධිපති කොමිසමේ වාර්තාවේ නිර්දේශ අතර සඳහන්ව ඇත්තේ මෙවැන්නකි.



කොමිෂන් වාර්තාවේ එම කොටස සම්බන්ධව වන විකෘති නොකළ පරිවර්තනය විය යුත්තේ මෙසේය.

24] 24 වැනි පරිච්ඡේදය තුළ පෙන්වා ඇති පරිදි, අප කොමිසම නිර්දේශ කරනවා, අල්ලස් හෝ දූෂණ පිළිබඳ චෝදනා විමර්ශනය කරන මෙන්. 
තවද, ගරු රවී කරුණානායක මුදල් අමාත්‍යවරයා වශයෙන් සිටියදී වොල්ට් සහ රෝව් ඇසෝශියේට්ස් ( එය පර්පෙටුවල් ට්‍රෙෂරීස් ආයතනයට අයත් සහකාර සමාගමකි, එහි අයිතිය සහ පාලනයද පර්පෙටුවල් ට්‍රෙෂරීස්හි පුද්ගලයින් විසින් ම කරන ලදී ) මගින් කරන ලද බදු ගෙවීම් මගින්, සැලකිය යුතු වාසියක් ගරු රවී කරුණානායක සහ ඔහුගේ පවුලේ අය රැදී සිටි නිවසේ කල්බද්ද සඳහා අත්පත් කර ගත්තේද යන්න සලකා බලන මෙන්.

එසේ නම්, මන්ත්‍රී, ගරු රවී කරුණානායක හට එරෙහිව අල්ලස් පනත යටතේ සුදුසු ක්‍රියා මාර්ග ගත යුතුද ? යන්න තීරණය කරන මෙන් අප නිර්දේශ කරනවා.

25] 24 වන පරිච්ජේදයේ සඳහන් කර ඇති පරිදි, අප ඉදිරිපිට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් ලබා දුන් සාක්ෂි අසත්‍යයද, එසේනම් ගරු නීතිපතිතුමා සහ අනෙකුත් සුදුසු බලධාරීන් දණ්ඩ නීති සංග්‍රහයේ 179 වැනි වගන්තිය සහ/හෝ 188 වැනි වගන්තිය යටතේ හෝ නීතියේ සෙසු අදාළ විධිවිධාන සමඟ අංක17, 1948 කොමිෂන් සභා විමර්ශන පනතෙහි 9 වන කොටසට අනුව ඔහුට එරෙහිව නඩු පැවරිය යුතු ලෙස නිර්දේශ කරනවා.

කොමිසමේ නිර්දශ නඩු බවට පෙරළුවේ කවුද ?

 ඒ අනුව බුද්ධි විමර්ශන තොරතුරු සඳහන් කර සිටින්නේ මෙහිදී ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශය තුළ රවී කරුණානායක සම්බන්ධව කොමිෂන් වාර්තාවේ නිර්දේශ විකෘති කිරීමක් සිදුව ඇති බවය.

එනම් ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයේ වෝල්ට් ඇන්ඩ් රෝ සමාගම විසින් පෙන්ට්හවුස් තට්ටු නිවසකට කුලිය ගෙවීම පිළිබඳ රවී කරුණානායකට එරෙහිව නඩු පැවරිය යුතු බව සඳහන් වුවත් අදාළ වාර්තාවේ එය සඳහන් වන්නේ ඊට හාත්පසින්ම වෙනස් කරුණක්ය.

ඊට අනුව නම් කොමිසම නිර්දේශ කර ඇත්තේ රවී කරුණානායක මුදල් අමාත්‍යවරයා වශයෙන් සිටියදී වොල්ට් සහ රෝව් ඇසෝශියේට්ස් මගින් කරන ලද බදු ගෙවීම් මගින්, සැලකිය යුතු වාසියක් ගරු රවී කරුණානායක සහ ඔහුගේ පවුලේ අය රැදී සිටි නිවසේ කල්බද්ද සඳහා අත්පත් කර ගත්තේද යන්න සලකා බලන ලෙස අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට සිදුකර ඇති නිර්දේශයකි.

එසේම එම විමර්ශන හරහා එවැන්නක් ඔප්පු වුවහොත් ඊට සුදුසු පියවරක් අල්ලස් හෝ දුෂණ විමර්ශන පනත යටතේ ගන්නා ලෙස සිදුකර ඇති නිර්දේශයකි.

ඒ බව දක්වමින් බුද්ධි වාර්තා සඳහන් කරන්නේ ජනාධිපතිවරයාගේ සිංහල කතාව දැනුවත්ව උල්ලංඝණය කිරෙමක් සිදුව ඇති බවත් එසේ නොවන්නට ජනාධිපතිවරයකුගේ ප්‍රකාශයක් වෙනුවෙන් වන පරිවර්තනයක මෙවැනි දෝෂ මතුවීමට කිසිසේත්ම ඉඩක් නොමැති බවත්ය.

 ජනාධිපතිගේ විශේෂ ප්‍රකාශයේ සිංහල- ඉංග්‍රීසි පිටපත් වල බරපතල වෙනස්කම්

 එසේම ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයේ සිංහල පිටපතේ සහ ඉංග්‍රීසි පිටපතේද බරපතල විකෘතියක් සිදුකර ඇති බවද බුද්ධි විමර්ශනයේදී අනාවරණය වී ඇත.

විශේෂයෙන්ම ජනාධිපති ලේකම් කාර්යාල වෙබ් අඩවියේ ජනාධිපතිවරයා කල විශේෂ ප්‍රකාශයේ සිංහල හා ඉංග්‍රීසි පරිවර්තන යම් පරස්පරතාවයන් දක්නට හැකි වීම බරපතල ගැටළුවක් බව සඳහන් කරන බුද්ධි වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එහිද විකෘති කිරීම සිදුකර ඇත්තේ රවී කරුණානායක සම්බන්ධ කරුණු ආශ්‍රිතව බවය.




එහිදී ඇලෝසියස් පවුලට අයත් සහ ඔවුන්ගේ පාලනයට නැතුව තිබූ වෝල්ට් ඇන්ඩ් රෝ සමාගම විසින් පෙන්ට්හවුස් තට්ටු නිවසකට කුලිය ගෙවීම ලෙස සිංහල පරිවර්තනයේ කරුණු නිවැරදිව දක්වා ඇති නමුත් ඉංග්‍රීසි පරිවර්තනයේ දැක්වෙන්නේ අදාළ නිවස ඇලෝසියස් පවුලට සහ ඔවුන්ට අයත් වෝල්ට් ඇන්ඩ් රෝ සමාගමට අයත් බවය.

ඒ අනුව ජනාධිපතිවරයාවද මෙම පරිවර්තනය හමුවේ බරපතල හෑල්ලුවකට ලක්කර ඇති බවත් ඊට හේතුව අදාළ නිවසේ හිමිකාරීත්වය පවතින්නේ අනිකා විජේසුරියට බව ඉතා පැහැදිළිව කොමිසම හමුවේ අනාවරණයවී තිබීම බවද බුද්ධි තොරතුරු වල සඳහන්ය.

 ජනාධිපතිගේ කීර්ති නාමයත් පරදු තියලා

 එසේම අප අනාවරණය කරගත් බුද්ධි තොරතුරු වලට අනුව සම්මුති ආණ්ඩුව පෙරළීමේ කුමන්ත්‍රණය දියත් කළ පාර්ශව මේ හරහා සිය ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වුවහොත් බැඳුම්කර ජනාධිපති කොමිසමේ වාර්තාවද හෑල්ලුවට ලක්කිරීමේ සැළසුමක් සහිතව කටයුතු කර ඇති බවද සඳහන්ව ඇත.

ඒ හේතුව නොවන්න කිසිසේත්ම රාජතාන්ත්‍රික වටිනාකමක් සෘජුවම හිමිවන රාජ්‍ය නායකයාගේ ප්‍රකාශය සහ බැඳුම්කර කොමිෂන් වාර්තාවේ නිර්දේශ විකෘති කිරීමක් සිදුවිය නොහැකි බවද එහි සඳහන්ය.

ඒ බව තවදුරටත් තහවුරු කරමින් බුද්ධි තොරතුරු පෙන්වා දෙන්නේ බැඳුම්කර ජනාධිපති කොමිසමේ වාර්තාව නිකුත් කිරීමෙන් පසුවත් එක් පසෙකින් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය පවා යොදාගනිමින් රවී කරුණානායක තවදුරටත් බැඳුම්කර ගනුදෙනුවට වගකිව යුතු බව තහවුරු කළත් කොමිෂන් වාර්තාවේ කරුණු හමුවේ එම ප්‍රකාශය අවලංගු වන බවය.

එනම් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක හෝ මුදල් අමාත්‍යංශය ශ්‍රී ලංකා මහ බැංකුවට හෝ රාජ්‍ය බැංකු තුනට කිසිත් විධාන කිරීමක් කර ඇති බවට කොමිසම ඉදිරිපිට සාක්ෂි කිසිත් නොමැති බව අදාළ කොමිෂන් වාර්තාවේ සඳහන් බවද බුද්ධි තොරතුරු අනාවරණය කර සිටියි.

වැඩිම අපවාදය ජනාධිපතිට

කෙසේ වුවත් මේ වන විට බැඳුම්කර ජනාධිපති කොමිසම සහ එහි වාර්තාවත්, ඊට අදාළව විකෘති කරනු ලැබූ ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයත් පදනම් කරගෙන ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර දැඩි ආතතිගත තත්ත්වයක් පෙන්නුම් කරයි.

එසේම නීති විශාරදයින්ද සඳහන් කර සිටින්නේ පිටු දහසකට අධික කොමිෂන් සභා වාර්තාව ලැබී දින තුනක් වැනි ඉතා කෙටි කාලයක් තුළ ඒ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් ජනාධිපතිවරයා විසින්ම සිදුකිරීම සම්බන්ධව තමන්ද මවිතයට පත්කළ සිදුවීමක්වූ බවය.

එසේම රාජ්‍ය නායකයාව මෙවැනි අවධානමකට පත්කිරීම හේතුවෙන් ජාත්‍යන්තරවද ජනාධිපතිවරයා අපවාදයකට ලක්වීමක්ද සිදුවන බවත් එය ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපයටද හානිකර බව ඔවුන් සඳහන් කර සිටියි.


(NewsTube.lk)
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආණ්ඩු පෙරළන කුමන්ත්‍රණයක් - බුද්ධි අංශ අනාවරණය කරයි.
ආණ්ඩු පෙරළන කුමන්ත්‍රණයක් - බුද්ධි අංශ අනාවරණය කරයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgw2RtEu2FCmeGLxe0v1bV7vMKAZ9P8LDHOBjQdewtNVOZgD3T68-ZPwxBxNfJEtKEroNulcNF3ZxCx2fPNBQfr-tEYJnPonlS0XDvNjAsDVXz7VhykSeJMSi8umhy2maMmvrIAfFuLp2pS/s1600/459767850.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgw2RtEu2FCmeGLxe0v1bV7vMKAZ9P8LDHOBjQdewtNVOZgD3T68-ZPwxBxNfJEtKEroNulcNF3ZxCx2fPNBQfr-tEYJnPonlS0XDvNjAsDVXz7VhykSeJMSi8umhy2maMmvrIAfFuLp2pS/s72-c/459767850.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_866.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_866.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy