දෙමළ ජාතික සන්ධානයෙන් වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාවට තරඟ කරන අපේක්ෂකයෙකුට එරෙහිව සභාවේ කාන්තා කටයුතු පිළිබඳ ඇමතිනී ආනන්දි සෂිහරන් මහත්මිය ...
දෙමළ ජාතික සන්ධානයෙන් වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාවට තරඟ කරන අපේක්ෂකයෙකුට එරෙහිව සභාවේ කාන්තා කටයුතු පිළිබඳ ඇමතිනී ආනන්දි සෂිහරන් මහත්මිය යාපනයේ වඩ්ඩුකෝඩ්ඩේ පොලීසියට පැමිණිල්ලක් කොට තිබේ.
මුහුණු පොත හා සමාජ මාධ්‍ය හරහා තමන්ගේ කීර්ති නාමයට හානි වන අන්දමට අසත්‍ය තොරතුරු හා ඡායාරූප කීපයක් පල කල බවට ඇය මෙම පැමිණිල්ල ඉදිරිපත් කොට ඇත.
පොලීසිය අදාළ පුද්ගලයාව පොලීසියට කැඳවා මේ පිළිබදව ප්‍රශ්න කල අවස්ථාවේදී ඔහු වරද පිළිගෙන සිද්ධිය සමථයකට පත් කර ගැනීමට කැමැත්ත පල කොට ඇතත් අමාත්‍යවරිය පොලීසියට පවසා ඇත්තේ මේ සිද්ධිය සුළුපටු නොවන නිසා අධිකරණය හමුවට මෙම පැමිණිල්ල ඉදිරිපත් කොට තමන්ට සාධාරණය ඉටු කොට දෙන ලෙසයි.
දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් දේශපාලනයේ නිරත තමන්ට දෙමළ ජාතික සන්ධානයේම පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයෙකු මේ අන්දමට අපහාස කරන්නේ නම් එය තමන්ගේ දේශපාලන ජීවිතයට සිදු කරන විශාල හානියක් බවද අමාත්‍යවරිය පොලීසියේදී පවසා තිබේ.
ඒ අනුව වඩුක්කෝඩේ පොලීසිය අදාළ සැකකරුගෙන් ප්‍රශ්න කොට යාපනය අධිකරණය වෙත ඔහුව ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ.
(දිනසේන රතුගමගේ)
COMMENTS