දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඡන්දෙ කාලේ පොහොට්ටුවෙන් කියන බොරුවක් ගැන හෙළිදරව්වක්!
Homeගොසිප්

ඡන්දෙ කාලේ පොහොට්ටුවෙන් කියන බොරුවක් ගැන හෙළිදරව්වක්!

PropellerAds

පළාත් පාලන මැතිවරණය ආණ්ඩු පෙරළන, ජනාධිපති අගමැති මාරු කරන මැතිවරණයක් යැයි පවසනමින් ජනතාව මුළා කිරීමේ වැඩපිළිවෙලක පොහොට්ටු පක්ෂයේ අයවළුන් ...

පොලිස් පුතා බොරැල්ල ට්‍රැෆික් ඕඅයිසීව හප්පා පළාගිය හැටි CCTV
බොරැල්ල ට්‍රැෆික් ඕඅයිසීට බරපතල තුවාල කරමින් ඉස්කෝලෙ යාළුවො එක්ක ඩිෆෙන්ඩර් පැද්ද ජනපති ආරක්ෂකේ පොලිස් පුතා අත්අඩංගුවට
ස්ටේෂන් මාස්ටර් කෙනෙක් වුණු ජපානයේ සුරතල් පූසා

පළාත් පාලන මැතිවරණය ආණ්ඩු පෙරළන, ජනාධිපති අගමැති මාරු කරන මැතිවරණයක් යැයි පවසනමින් ජනතාව මුළා කිරීමේ වැඩපිළිවෙලක පොහොට්ටු පක්ෂයේ අයවළුන් නිරතව සිටින බවත් ඔවුන්ගේ අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී, වැඩක් කළ හැකි අවංක ගමේ නායකයන් ඡන්දයෙන් තෝරා පත් කර ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

අමාත්‍යවරයා එසේ කියා සිටියේ හබරාදූව ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින පොලිස්  විවාහක නිවාස සංකීර්ණයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි. මෙම නිවාස සංකීර්ණය නිවාස 192 කින් සමන්විතය.

එම අවස්ථාවේ දී අමාත්‍යවරයා මෙසේ ද කීය.

"ශ්‍රී ලංකා පොලිසියේ වෘත්තිමය ඉහල භාවයක් අපි රජයක් වශයෙන් බලාපොරොත්තු වනවා.ඒ කියන්නේ ඉතාමත් ඉහල සේවයක් අපි ශ්‍රී ලංකා පොලිසියෙන් බලාපොරොත්තු වනවා.ඒ සේවය බලාපොරොත්තු වන අතරම අපි පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න දිහත් බලනවා.එක තමයි අපේ ප්‍රතිපත්තිය.ඉතින් අපි වැටුප් වැඩි කරන්න කටයුතු කරා,රාජකාරි කරන්න අවශ්‍ය උපකරණ,තාක්ෂණය මේ වගේ දේවල් ගෙනෙන්න කටයුතු කළා.අනිත් පැත්තෙන් විශේෂයෙන් පොලිස් නිලධාරීන්ගේ බැරැක්ක සහ විවාහක නිවාස සම්බන්ධව වැඩ රාශියක් අපි පහුගිය වර්ෂය තුල කළා.අපි බැරැක්ක අලුත්වැඩියා කරන්න කටයුතු කළා.මේ වගේම තට්ටු නිවාස 100ක් ගාල්ලේ  වැකුනුගොඩ ප්‍රදේශයෙන්  මිලදී අරගෙන ශ්‍රී ලංකා පොලිසියට බාරදුන්නා.

කොළඹත් අපි මහල් 12ක විවාහක නිවාස ඉදිකරන්න පොලිස්පතිතුමා මෑතකදී මුල්ගල් තිබ්බ.මෙතනත් අපි පහුගිය වර්ෂයේ මුදල් වලින් තට්ටු නිවාස 192ක් මිලදී ගන්න කටයුතු කරා,ඒ අත්තිකාරම් මුදල් බැඳලා ගිවිසුමක් අත්සන් කරලා මාස 4ක් යන තැන ඒවා අපේ භාරයට ගන්න කටයුතු නිමකරන්න අපි අත්සන් කරලා තියෙන්නේ.ඉතින් අද ආවේ මේ වැඩකටයුතු කොහොමද යන්නේ  කියලා නිර්ක්ෂණය කරන්නයි.

සංවිධානාත්මක අපරාධ ඒ කියන්නේ පාතාලය සහ මත්ද්‍රව්‍යය කියන දේවල් අපි අපේ රටින් තුරන් කරන්න ඕන.අපිට ඒ පිළිබඳව තියෙන්නේ මේක බිංදුවටම අඩුකළ යුතුයි. කියන ප්‍රතිපත්තියේ ඉඳන් තමයි අපි කටයුතු කරන්නේ.  ඒ කියන්නේ අපි එකට ඉඩ තියන්නම බෑ.අද මත්ද්‍රව්‍ය විශාල ප්‍රශ්නයක් රටේ,ලංකාව මත්ද්‍රව්‍ය බෙදාහරින මධ්‍යස්ථානයක් හැටියට පාවිච්චි වෙන්න පටන් ගත්ත .ඒ වගේම එයින් සමහර මත්ද්‍රව්‍ය අපේ රටට ඇතුල්වෙලා අපේ රටේ බෙදාහැරීමක් උනා.ඉතින් මේ දෙකම අපි කඩනවා.ඒ දෙක කැඩුවොත් කුඩා පරිමාණයේ බෙදාහැරීම් කරන්න අවශ්‍ය මත්ද්‍රව්‍ය නැතිවෙනවා.හුවමාරු මධ්‍යස්ථානයක් වෙන එක නවත්තන්න වගකීමක් තියනවා අපිට රටක් වශයෙන් අපේ අසල්වැසි රටවල් වලට ජාත්‍යන්තරෙට අපිට වගකීමක් තියනවා.අනිත් එක තමයි රට පුරාම බෙදාහරින ප්‍රධාන කට්ටිය,ඒක කඩන්න ඕන.ඒ දෙකටම අපි වැඩපිළිවෙලක් හදල සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය දිසාව ස්ථාපිත කළා.ඒ කටයුතු හොදින් කෙරීගෙන යනවා.විශාල මත්ද්‍රව්‍ය තොගයක් කිලෝග්‍රෑම් 928 යි ග්‍රෑම් දෙසිය අනු ගානක විශාල මත්ද්‍රව්‍ය තොගයක් 2016 වැටලීමකින් අල්ලගත්ත මත්ද්‍රව්‍ය තොගයක් තමයි අපි ඊයේ විනාස කළේ ,ඒ වගේම අනෙකුත් එකතුවන මත්ද්‍රව්‍යත් විද්‍යානුකුලව,විද්‍යාත්මකව විනාෂ කරන්න අපි ඉදිරියේදී පියවර ගන්නවා

විශේෂයෙන් පොහොට්ටුව පක්ෂයේ කට්ටිය මේ මැතිවරණය පෙන්නෙන්න යන්නේ අගමැති වෙනස් කරන, මේක ආණ්ඩු වෙනස් කරන , ජනාධිපති පත් කරන ඡන්දයක් කියලා. නමුත් ඒ කතාව බොරුවක්.මේක ගමේ ආණ්ඩුව පිහිටුවන මැතිවරණයක්.මේකේ අපි හැමෝම උනන්දු වන්න ඕන ජනතාව වශයෙන් අපේ ගමට වැඩකරන මන්ත්‍රීවරයෙක් පත්කරගන්න.ඒ කියන්නේ සමාජය ගැන හොඳ දැනුමක් තේරුමක් තියන ගම ගැන හොඳ දැනුමක් තේරුමක් තියන විනයක් තියන හොඳ විස්වාසවන්ත සහ මුදල් ගසාකන්නේ නැති අවංක අය පත්කරගන්න.ඒ සඳහායි මේ සටන. මේක මේ ආණ්ඩුව වෙනස්කරගන්නවත් අගමැති පත්කරගන්නවත් යන මැතිවරණයක්වත් නෙමෙයි.අනිත් එක පත්වෙන කෙනාට වැඩකරන්න පුළුවන් වෙන්න ඕන.වැඩකරන්න පුළුවන් ආණ්ඩුව පැත්තේ ඉන්න පත්වෙන අයට තමයි.ඉතින් ඒ වැඩටික කරගන්න පුලුවන් ගමේ අවංක පුද්ගලයෝ පත්කරගන්න මහජනතාව කටයුතු කරන්න ඕන.එතකොට රජය ගෙනියන වැඩපිළිවෙල ගමට හොඳට ගෙන්න අපිට පුළුවන් වෙනවා."  යැයි අමාත්‍යවරයා කීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඡන්දෙ කාලේ පොහොට්ටුවෙන් කියන බොරුවක් ගැන හෙළිදරව්වක්!
ඡන්දෙ කාලේ පොහොට්ටුවෙන් කියන බොරුවක් ගැන හෙළිදරව්වක්!
http://ift.tt/2mNcopo
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_857.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_857.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy