විෂයභාර ඇමැතිවරයාට කැමැති පුද්ගලයන් රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් ලෙස පත් කිරීමේ ක්‍රමවේදය නතර කළ යුතු බව බරපතළ වංචා, දූෂණ විමර්ශනය කිරීමේ ජනාධ...
විෂයභාර ඇමැතිවරයාට කැමැති පුද්ගලයන් රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් ලෙස පත් කිරීමේ ක්‍රමවේදය නතර කළ යුතු බව බරපතළ වංචා, දූෂණ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම රජයට නිර්දේශ කර තිබේ.
දූෂණ ක්‍රියා බොහෝමයක් සිදුව ඇත්තේ ඇමැතිවරයාගේ අභිමතය පරිදි ආයතන ප්‍රධානීන් පත් කිරීම නිසා බව පෙන්වා දෙන කොමිසම මෙවැනි තනතුරුවලට පත් කිරීමට සුදුසු පුද්ගලයන් තෝරා ගැනීමට සුදුසු ක්‍රියාවලියක් හඳුන්වාදීමට රට තුළ නීති රාමුවක් ස්‌ථාපිත විය යුතු බවද කියා සිටී.
රජයේ උසස් තනතුරකට පත් කිරීම සඳහා යමෙකුගේ නමක් යෝජනා වූ විට එකී පුද්ගලයා දූෂණ ක්‍රියාවන්ට සම්බන්ධ ද නැද්ද හෝ එවැනි ක්‍රියාවන්ට ප්‍රවණතාවක් දක්‌වන පුද්ගලයකු දැයි සොයා ගැනීමට ක්‍රමවේදයක් රට තුළ නැතැයි පවසන කොමිසමේ සාමාජික විනිසුරුවරු මෙවැනි පුද්ගලයන් පිළිබඳ දත්ත ගබඩාවක් බලධාරි ආයතන තුළ පවත්වාගෙන යා යුතු බවද කොමිසමේ අවසන් වාර්තාවේ සඳහන් කර සිටිති.
COMMENTS