මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පළාත් 7 ක ජයග්‍රහණය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් දිනා ගන්නා බවත් උතුර හා නැගෙනහිර පළාතවල දෙවැනියා විය හැක...
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පළාත් 7 ක ජයග්‍රහණය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් දිනා ගන්නා බවත් උතුර හා නැගෙනහිර පළාතවල දෙවැනියා විය හැකි බවත් එම පක්ෂයේ ප්‍රධාන සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ඊයේ(11) පැවති එම පක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.
අලුත් පක්ෂයක් ලෙස ඉතා අඩු කාලයක් තුළ මෙවර මැතිවරණයට මුහුණ දිමට බලාපොරොත්තු වන බව පැවසු බැසිල් රාජපක්ෂ මහතා නැගෙනහිර පළාතේ අම්පාර හා සේරුවාවිල මෙන්ම ත්‍රිකුණාමලය, අම්පාර හා මඩකලපුව ප්‍රථම වරට ඉදිරිපත් වන තැන් අතරින් විශාල තරගයක් ලබා දීමට බලාපොරොත්තු වන බව ද පැවසීය.
කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුව තුළින් රටේ ජාතික සමඟියට හා ස්වෛරීයභාවයට බොහෝ හානි සිදුවී ඇති බව ද කියා සිටි රාජපක්ෂ මහතා නීතියේ ආධිපත්‍ය අද වන විට බිඳවැටී ඇති බව ද කියා සිටියේය.
COMMENTS