දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හින්දි චිත්‍රපට ගේමක් ගැසූ උපාධිධාරියා අහුවෙයි.
Homeගොසිප්

හින්දි චිත්‍රපට ගේමක් ගැසූ උපාධිධාරියා අහුවෙයි.

PropellerAds

කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ නාඳුනන මළ සිරුරක් තම ඥාතියකුගේ බව පවසමින් වෙනත් පුද්ගලයකු ලවා අයිතිවාසිකම් කියාපාමින් මරණ...

ෆොන්සේකා නාලකට කෝල් කරනවා ඒ නිසා ඝාතන කුමන්ත්‍රණය කළේ එයායි රනිලුයි - නාමල් කුමාර
රනිල්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉල්ලයි
බුදු බණට හීලෑ වුණු යක්කු බොලව් අපි

කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ නාඳුනන මළ සිරුරක් තම ඥාතියකුගේ බව පවසමින් වෙනත් පුද්ගලයකු ලවා අයිතිවාසිකම් කියාපාමින් මරණ සහතිකයක් ලබාගෙන නීතිපති දෙපාර්තමේන්තුවට ලබාදී මහාධිකරණයේ පවරා තිබූ නඩුවක් ඉවත්කර ගැනීමට උත්සාහ දැරූ වෛද්‍යවරයකු ලෙස නම් තුනකින් පෙනී සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු බොරලැස්ගමුව නිවෙසක සැඟව සිටියදී ඊයේ (25දා) අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කියයි.

වාරියපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි සැකකරු මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලකට ළමයින් ඇතුළත් කරගන්නා ලෙස ව්‍යාජ ලිපි ලේඛන සාදා මෙරට උසස්ම කාර්යාලයකින් මෙන්ම අමාත්‍යාංශයකින් එම විදුහලට ලිපි සකස් කිරීම සම්බන්ධයෙන් මහනුවර වංචා විමර්ශන අංශයෙන් සැකකරුට එරෙහිව මහාධිකරණයේ නඩු පවරා තිබූ බව පොලිසිය කියයි.

මාස කිහිපයක් රිමාන්ඩ් භාරයේ සිටි සැකකරුට ඇප ලබාදී තිබූ අතර, ඔහුට ඇප දී ඇත්තේ බිරියගේ මව නැන්දම්මා බව පොලිසිය කියයි.
ඇප ලැබීමෙන් පසුව සැකකරු අධිකරණයට ඉදිරිපත් නොවීමෙන් ඇප තැබූ නැන්දම්මා රිමාන්ඩ් භාරයට පත්වූ අතර, සැකකරු ප්‍රදේශය අතහැර පලාගොස් තිබිණි. මහාධිකරණයෙන් සැකකරුට වරෙන්තු තුනක් නිකුත් කෙරිණි.

අනතුරුව මෙම පුද්ගලයා ඔහුගේ මිත්‍රයකු කැමැති කරවාගෙන කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තිබෙන නාඳුනන මළ සිරුරක් තම ඥාති සහෝදරයාගේ බවට එහි බලධාරීන්ට ඒත්තු ගන්වා අවශ්‍ය කටයුතු සිදුකරගෙන මරණ සහතිකය ඔහුගේ නමට ලබාගෙන එම මළ සිරුර බොරැල්ල කනත්තේ වළදමා ඇතැයිද පොලිස් නිලධාරියෙක් පැවසීය.

මේ සැකකරු වකුගඩු හා දියවැඩියා වැනි රෝග කිහිපයකින් පෙළී ඇති බව පවසන පොලිසිය ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා ලෙස ඔහුම පෙනී සිට මරණ සහතිකය රැගෙන නීතිපති දෙපාර්තමේන්තුවට ගොස් භාරදී ඔහු වෙනුවෙන් ඇප වී රිමාන්ඩ් ගතව සිටින නැන්දම්මාව ද බේරාගෙන ඇති බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
කෙටි දිනකින්ම සැකකරුව කෙසෙල්වත්ත පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු රිමාන්ඩ් භාරයට නැවතත් පත්විය.

රෝගාබාධ කිහිපයකින් පෙළුණු සැකකරු බන්ධනාගාර නිලධාරියකුගේ ආරක්ෂාව ඔස්සේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මීට මාස කිහිපයකට ඉහතදී සැකකරු පලාගොස් සිටියදී උප පොලිස් පරීක්ෂක සමන් ශ්‍රී පද්මලාල් මහතාට ලද තොරතුරක් අනුව බොරලැස්ගමුව නිලම්මහර ප්‍රදේශයේ කුලී නිවෙසක සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

එම නිවෙස් හිමිකරුට වෛද්‍යවරයකු ලෙස හඳුන්වා තිබූ සැකකරු රුපියල් හතළිස් දහසක මාසික කුලී පදනම මත මීගොඩ ප්‍රදේශයෙන් සුඛෝපභෝගී මෝටර් රථයක් කුලියට ලබාගෙන තිබූ බව පොලිසිය කියයි.

ජාතික හැඳුනුම්පත නොමැති සැකකරුට රියැදුරු බලපත්‍රය පමණක් තිබෙන බව පොලිසිය කියයි.
හතළිස්දෙවැනි වියේ පසුවන සැකකරු දෙදරු පියෙකි.

බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ, නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරී ප්‍රසාද් රණසිංහ, සහකාර පොලිස් අධිකාරී සමන් සිගේරා මහත්වරුන්ගේ උපදෙස් මත මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා, උප පොලිස් පරීක්ෂක සමන් ශ්‍රී පද්මලාල් - හේමන්ත කුමාර, සැරයන් සුනිල් (56951), ප්‍රසන්න (56958) කොස්තාපල් ඩිලන්ත (85188), ප්‍රසන්න (40248), සමීර (81600) මහත්වරු පරීක්ෂණ පවත්වති.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හින්දි චිත්‍රපට ගේමක් ගැසූ උපාධිධාරියා අහුවෙයි.
හින්දි චිත්‍රපට ගේමක් ගැසූ උපාධිධාරියා අහුවෙයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiXhC8HC5Q_x9b9DFcKpxJvambB12i_7lQekozk5Y4httFegICL7RNIaR8_YrlHWgdqt1IsFZF7wi7Fzl81CfkHMHoHBeGM-eKBSEdifxgZDlIfESJFX8-Dph0J9YJTaNm0e5xUC165yTM/s1600/f345eb2884.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiXhC8HC5Q_x9b9DFcKpxJvambB12i_7lQekozk5Y4httFegICL7RNIaR8_YrlHWgdqt1IsFZF7wi7Fzl81CfkHMHoHBeGM-eKBSEdifxgZDlIfESJFX8-Dph0J9YJTaNm0e5xUC165yTM/s72-c/f345eb2884.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_616.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_616.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy