දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රීලනිප මැතිවරණ ව්‍යාපාරය දැඩි මූල්‍ය අර්බුදයක.
Homeගොසිප්

ශ්‍රීලනිප මැතිවරණ ව්‍යාපාරය දැඩි මූල්‍ය අර්බුදයක.

PropellerAds

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණපා තිබෙන බව වාර්තා වේ.   20,000න් ඡන්ද කරන්න පු...

රූමත් ශ්‍රීලන්කන් ගුවන් සේවිකාවට මරු කැඳවමින් සිදු වූ දොහා කාන්තාර සෆාරි අනතුර
පෙම් කරන්න ගුවන් සේවිකාවන්ම තෝරන හේතුව සනත් කියූ හැටි
රජය යෝජනා කළ මරණ දඬුවමට කතෝලික රදගුරු සංසදයේ විරෝධය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණපා තිබෙන බව වාර්තා වේ. 

20,000න් ඡන්ද කරන්න පුළුවන්ද ?

ශ්‍රීලනිප පොළොන්නරුව ප්‍රදේශයේ අපේක්ෂකයින්ට පක්ෂයෙන් ලැබී ඇත්තේ එක් අයකුට රුපියල් 20,000ක පමණ මුදලකි. එවන් මුදලකින් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් කිරීමට තබා සිතීමට හෝ නොහැක. ශ්‍රීලනිප පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරයෙක් ද මේවන විට රුපියල් මිලියන 20ක් පමණ තම හිතවතුන්ට ණය වී මැතිවරණ ව්‍යාපාරය කරගෙන යන බව වාර්තා වේ.

මෙම මූල්‍ය අර්බුදයට හේතුවී ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ක්‍රියාකලාපයයි. සෑම පක්ෂයක් ම මැතිවරණ අරමුදල් සපයා ගන්නේ තමන්ට හිතවත් ව්‍යාපාරිකයින් ලැබෙන ආධාර මුල් කරගෙනය. එහෙත් ජනාධිපතිවරයා මේවන විට අනුගමනය කරමින් සිටින්නේ 'ව්‍යාපාරික විරෝධී' ප්‍රතිපත්තියකි. ඔහු සිතා සිටින්නේ සියලුම ව්‍යාපාරිකයින් දූෂිත බවකි. තම නමට කැළලක් වෙතැයි සිතා ඔහු ව්‍යාපාරිකයින් සමඟ ගනුදෙනු වලින් සම්පූර්ණයෙන් ම වැළකී සිටී. එහෙයින් ශ්‍රීලනිප මැතිවරණ ව්‍යාපාරයට මුදල් එකතු වන්නේ නැත.

එක්සත් ජාතික පක්ෂය කවදත් ව්‍යාපාරිකයින් සමඟ හොඳින් ගනුදෙනු පවත්වාගෙන ගිය පක්ෂයකි. ඔවුන් මෙම මැතිවරණය වෙනුවෙන් රුපියල් බිලියනයක පමණ අරමුදල් රැස් කරගැනීමට සමත් වී ඇතැයි ආරංචිමාර්ග සඳහන් කරයි.

කෙසේවෙතත් මෙම මැතිවරණ අරමුදල් සටනේ ජයග්‍රාහකයා වී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. ඔවුන්ට අසාමාන්‍ය ලෙස මුදල් ගලා එන ආකාරයක් පෙනෙන්නට තිබේ. එක් පසකින් ඉන්දියාවෙන් ඔවුන්ට මුදල් සැපයෙන් අතර පසුගිය රාජපක්ෂ පාලන සමයේ ඔවුන් සමඟ සිටි ව්‍යාපාරිකයින්ගෙන් ද පොදුජන පෙරමුණට ආධාර ලැබේ. ඒ අනුව පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව මෙම මැතිවරණයේදී වැඩිම මුදලක් වියදම් කරමින් ප්‍රචාරක කටයුතු කරන ආකාරය දැකගත හැකිය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29339,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රීලනිප මැතිවරණ ව්‍යාපාරය දැඩි මූල්‍ය අර්බුදයක.
ශ්‍රීලනිප මැතිවරණ ව්‍යාපාරය දැඩි මූල්‍ය අර්බුදයක.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiSWNi1t_3sKExY3-QU2BSogZZhKgZU_mlnjI4hLgJQ2qwAiQSDJv2XqC4ZXF1rCIpThTgJC36XnWEw7i1B21PmiwJlnp9D1taLL28P-CKpT3OhSG2LLL1tjCV40MhLc8uvooloApLOKyFZ/s1600/freedom+party.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiSWNi1t_3sKExY3-QU2BSogZZhKgZU_mlnjI4hLgJQ2qwAiQSDJv2XqC4ZXF1rCIpThTgJC36XnWEw7i1B21PmiwJlnp9D1taLL28P-CKpT3OhSG2LLL1tjCV40MhLc8uvooloApLOKyFZ/s72-c/freedom+party.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_766.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_766.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy