දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'වැලිකඩ සිරකරුවන් පිරිසක් තෝරාගෙන ඝාතනය කරලා'
Homeගොසිප්

'වැලිකඩ සිරකරුවන් පිරිසක් තෝරාගෙන ඝාතනය කරලා'

PropellerAds

වැලිකඩ බන්ධනාගාරය තුළ ආරක්ෂක අංශ සිදු කළ සොදිසි මෙහෙයුමක දී ඇති වු කලහකාරි සිද්ධියේ දී රැදවියන් 27 දෙනෙකු මිය යාමේ සිද්ධියට අදාළව විමර්ශන...

දෙහිවල හිල්වීදියේ අපරික්ෂාකාරීව බස් එකක් හරවපු හැටි (video)
මාකඳුරේ මධුෂ් හොරෙන්ම ලංකාවට ආ කතාව
රේගු ළිඳෙන් ඇදගෙන නාන මංගලට රවීගෙන් සබන් (සඳුදා කාටූන්)

වැලිකඩ බන්ධනාගාරය තුළ ආරක්ෂක අංශ සිදු කළ සොදිසි මෙහෙයුමක දී ඇති වු කලහකාරි සිද්ධියේ දී රැදවියන් 27 දෙනෙකු මිය යාමේ සිද්ධියට අදාළව විමර්ශන පැවැත්විමේ දී එදින රාත්‍රි කාලයේ දී සිවිල් ඇඳුමින් සැරසී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ පොලිස් පරීක්ෂක රංගජිව නිලධාරියා තවත් දෙදෙනෙකු සමඟ වැලිකඩ බන්ධනාගාරයට පැමිණ සිරකරුවන් අතරින් පිරිසක් තොරාගෙන වෙනත් ස්ථානයකට රැගෙන ගිය බවට තොරතුරු අනාවරණය වන්නේ යැයි රහස් පොලිසිය ඊයේ (30) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා වෙත කරුණු වාර්තා කෙළේය.

 මෙලෙස අනෙක් රැදවියන්ගෙන් වෙන් කර රැගෙන ගොස් රැදවියන් අටදෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බවත් එය දණ්ඩ නීති සංග්‍රහයේ 32 සමඟ කියැවෙන වගන්ති අනුව සිදු කැර ඇති වරදක් බවට රහස් පොලිසිය අධිකරණය වෙත කරුණු දක්වා සිටියේය.

මලින්ද නිලෙන්ද්‍ර නොහොත් මාලන්,නිර්මල අතපත්තු,මොහොමඩ් විජය රෝහණ නොහොත් ගුණ්ඩු මාමා ,චින්තමානි මෙහොට්ටිලාගේ තුෂාර චන්දන නොහොත් කළු තුෂාර,පොන්න කපිල නොහොත් අන්ද්‍රපුලිගේ ජොතිපාල,හර්ෂ ශ්‍රී කිර්ති පෙරේරා නොහොත් මංජු ශ්‍රී , මාලි සුසන්ත නොහොත් රයිගමගේ සුසන්ත පෙරේරා, කොණ්ඩ අමිල නොහොත් දේවමලලගේ මලිත් සමිර පෙරේ‍රා යන අය මෙසේ වෙනත් ස්ථානයකට ගෙන ගොස් වෙඩි තබා ඝාතනය කළ බවට වාර්තාවේ සඳහන්ය. සිද්ධියට අදාළව දැනට සිදු කරන ලද විමර්ශනවලට අනුව සාක්කිකරුවන්ගේ ප්‍රකාශ මත මෙම සිද්ධියෙන් අනතුරු රාත්‍රි කාලයේ දි යුද හමුදාව වැලකඩ බන්ධනාගාරයට ඇතුලු වී තත්ත්වය පාලනයෙන් පසු වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටි රැදවියන් අතරින් තොරා ගත් රැදවියන් පිරිසක් ද වෙඩි තබා ඝාතනය කර ඇති බවට කරුණු අනාවරණය වන බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කැර තිබිණ. වැලිකඩ බන්ධනාගාරය සතු ව ඇති මත්ද්‍රව්‍ය ජංගම දුරකථන හා වෙනත් නීති විරෝධි භාණ්ඩ අත්අඩංගුවට ගැනිම සදහා 2012/11/09 දින විශේෂ කාර්ය බලකාය , බන්ධනාගාර බුද්ධි නිලධාරින් හා බන්ධනාගාර ආරක්ෂක අංශ සිදු කළ සෝදිසි මෙහෙයුමක් අතරතුර දි ඊට විරුද්ධව රැදවියන් කලහකාරි ලෙස හැසිරෙමින් දෛනික අවි නිකුත් කරන ගබඩාව බිඳ ගිනි අවි රැගෙන විශේෂ කාර්ය බලකා නිලධාරින්ට වෙඩි තබමින් වැලිකඩ බන්ධනාගාර පාලනය රැදවියන් සියතට ගැනීමෙන් ඇති වු තත්ත්වය පාලනය කිරිම සදහා ක්‍රියාත්මක මෙහෙයුම රැදවියන් ඝාතනයට ලක්විම සම්බන්ධයෙන් පොලිස් පතිවරයාගේ නියෝගය පරිදි 2017/7/18 වන දින රහස් පොලිසිය විමර්ශන භාර ගෙන තිබිණ.

වැලිකඩ බන්ධනාගාරය සතුව ඇති මත්ද්‍රව්‍ය ජංගම දුරකථන හා වෙනත් නීති විරෝධි භාණ්ඩ අත්අඩංගුවට ගැනිම සදහා 2012/11/9 වන දින පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් බන්ධනාගාර බුද්ධි නිලධාරින් හා බන්ධනාගාර ආරක්ෂ අංශ නිලධාරින්ගේ සහාය ඇතිව සෝදිසි මෙහොයුමක් දියත් කැර ඇති අතර එදින 13.45ට පමණ ආරම්භ කර ඇති මෙම මෙහෙයුමේ දි පළමුව වැලිකඩ එල් ශාලාව හා එහි රැදවියන් සෝදිසි කැර ඇත.

ඔවුන් සතුව තිබි ජංගම දුරකථන 41ක් ,හෙරොයින් ග්‍රෑම් 18.79ක් සොයා ගෙන ඇත. මෙම සොදිසි මෙහෙයුම සඳහා බන්ධනාගාර මුලස්ථාන බන්ධනාගාර බුද්ධි හා ආරක්ෂක අංශයේ ප්‍රධාන ජේලර් ඉන්දික සම්පත් නිලධාරියා යටතේ බන්ධනාගාර බුද්ධි හා ආරක්ෂක අංශ නිලධාරින් සහභාගි වී ඇති ඇත.

සිද්ධියට අදාළව එවකට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා මෙම ස්ථානයට පැමිණි බවත් එවකට යුද හමුදාපතිවරයාගේ උපදෙස් මත සන්නද්ධ රථ දෙකක් ද මෙම ස්ථානයට පැමිණි බවත් සිද්ධියෙන් රැදවියන් 27 දෙනෙකු ඝාතනයට ලක් වු බවට රහස් පොලිසිය අධිකරණය වෙත දන්වා තිබිණ.

බන්ධනාගාරයේ දෛනිකව අවි නිකුත් කිරිමේ අවිගබඩාව බිඳ ගිනි අවි ලබා ගෙන ආරක්ෂක අංශ වෙත දිගින් දිගටම ප්‍රහාර එල්ල කළ බවත් කලහාකාරි රැදවියක් පලා යැම සදහා පොලිස් විශේෂ කාර්ය බලකාය වැලකඩ බන්ධනාගාරයේ එම ආරක්ෂක රාජකාරියේ යෙදි සිටිය දි 2012/11/9 දින රාත්‍රි 12.00ට පමණ වැලිකඩ බන්ධනාගාරයේ සිටි පිටතට ගිනි අවි සහිතව පැමිණි පොලිස් විශේෂ කාර්ය බලකායට වෙඩි තබමින් බන්ධානාගාර නිල නිවාස වෙත පළා යාමට තැත් කළ රැදවියන් පිරිසක් වෙත විශේෂ බලකාය ප්‍රතිප්‍රහාරය එල්ල කර ඇත.

එම ප්‍රතිප්‍රහාරයෙන් පළා යැමට තැත් කළ දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කිරිමෙන් අනතුරුව මරණයට පත් ව ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ රණවිර පටබැදිගේ ලෙස්ලි හා ලියනආරච්චිගේ අනුර නැමැත්තන්ය. එම ස්ථානයේ තිබි විශේෂ කාර්ය බලකාය ටී 56 ගිනි අවියක් හා ජිව උණ්ඩ බොරැල්ල පොලිසිය වෙත පසු දින භාර දි තිබේ.

සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර උඨාත 2018/25 වන දින සී.ආර්.එල් 17/13 යටතේ නිතිපතිවරයා‍වෙත යොමු කර ඇති බවට ද රහස් පොලිසිය අධිකරණය වෙත දන්වමින් සිද්ධියෙන් අත්අඩංගුවට ගත් ටී 56 ගිනි අවි 158ක් මි.මි 8 එම්.එම් රිවෝල්වර 3ක් රස පරික්ෂක වෙත යොමු කර වාර්තාවක් කැඳවිමට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අදාළ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා නඩු භාණ්ඩ රස පරික්ෂක වෙත යොමු කැර වාර්තාවක් කැඳවිමට රස පරික්ෂක වෙත නියෝග නිකුත් කෙළේය. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'වැලිකඩ සිරකරුවන් පිරිසක් තෝරාගෙන ඝාතනය කරලා'
'වැලිකඩ සිරකරුවන් පිරිසක් තෝරාගෙන ඝාතනය කරලා'
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhz6uCr7lrGDNgr-aGVTK0LtO4OHWfuGDFEIoIy1NalQOvvejKOmbBnEFHiVGeI2gPsC7tn5DA1yva7my8KX_gbXxRccA_U5QaBa5CwHZ-kh7JUwxZnA95aUgZDddRjw008wsssz0GjoA0s/s1600/sri-lanka-welikada-prison-clash-killed-27-2.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhz6uCr7lrGDNgr-aGVTK0LtO4OHWfuGDFEIoIy1NalQOvvejKOmbBnEFHiVGeI2gPsC7tn5DA1yva7my8KX_gbXxRccA_U5QaBa5CwHZ-kh7JUwxZnA95aUgZDddRjw008wsssz0GjoA0s/s72-c/sri-lanka-welikada-prison-clash-killed-27-2.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_734.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_734.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy