අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමට අනුව බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයක් අද (10...
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමට අනුව බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයක් අද (10) පෙරවරු 10.30 ට කැඳවීමට කථානායක කරූ ජයසූරිය මහතා තීරණය කර තිබේ.
ස්‌ථාවර නියෝග 14 ප්‍රකාරව මෙම විශේෂ පාර්ලිමේන්තු සැසිවාරය කැඳවීමට කථානායකවරයා තීරණය කර ඇත.
නව වසර සඳහා පාර්ලිමේන්තුව රැස්‌වීමට නියමිතව ඇත්තේ මෙම 23 වැනිදාය. එහෙත් බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව විවාද කිරීම සඳහා නියමිත දිනට පෙර මහ සභාව රැස්‌කරන ලෙසට පක්‍ෂ ගණනාවක් කථානායකවරයාගෙන් ඉල්ලීම් කර තිබුණි.
ඒ අනුව කථානායකවරයා පාර්ලිමේන්තුව රැස්‌කිරීමට තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායකයන්ගේ රැස්‌වීමක්‌ද පැවැත්විණි.
COMMENTS