කඩුවට කැපෙන ඒවා කොයි පැත්තෙන් කැපෙයිද යන්න නොදන්නා බවත් කඩුව වෙන කෙනෙකුට දීලා කොපුව අතේ තියා ගනීද යන්න නොදන්නා බවත් හිටපු ජනාධිපති මහි...
කඩුවට කැපෙන ඒවා කොයි පැත්තෙන් කැපෙයිද යන්න නොදන්නා බවත් කඩුව වෙන කෙනෙකුට දීලා කොපුව අතේ තියා ගනීද යන්න නොදන්නා බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තංගල්ල මැතිවරණ කාර්යාලය විවෘත කිරීමේ උත්සවයකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“මහ බැංකුව මංකොල්ල කාපු හැටි. අද වාර්තාවක් තියෙනවා මහ පොත් තුනක්. දැන් ඉදිරිපත් කරලා තියෙනවා. අපි බලාගෙන ඉන්නවා දැන් ඒ වාර්තාව පුස් කාවිද?, නැත්තම් ඒ වාර්තාව ක්‍රියාත්මක වේවිද?, මේකේ කවුද වැරදිකාරයෝ?, කවුද නිවැරදිකාරයෝ? මේවා එළියට එන්න ඕනේ. හැබැයි අපි ඔක්කොම දන්නවා මේකට හවුල් මේ ආණ්ඩුව. මේ ආණ්ඩුව කවුද?, මේ ආණ්ඩුව පිහිටුවලා තියෙන්නේ කවුද? එක්සත් ජාතික පක්ෂය, මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, අර පැත්තේ ඉදන් ජන්දේ පාවිච්චි කරන ජනතා විමුක්ති පෙරමුණ හා දෙමල සන්ධානය. වාර්තාව ඇවිල්ලා වැඩක් නැහැ. මේ වාර්තාවට ජනතාව ජන්දේ දේවි. වාර්තාව ආවට පස්සේ. ඒක නිසා මේක සමහර විට එළියට එන එකකුත් නැහැ. කඩුවට කැපෙන ඒවා කොයි පැත්තෙන් කැපෙයිද දන්නේ නැහැ. කොපුව එයිද දන්නෙත් නැහැ. කඩුව වෙන කෙනෙකුට දීලා කොපුව අතේ තියා ගනීද දන්නෙත් නැහැ.”
COMMENTS