දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ‍්‍රී ලංකාවේ කුඩාම වැව සංවර්ධන වේ.
Homeගොසිප්

ශ‍්‍රී ලංකාවේ කුඩාම වැව සංවර්ධන වේ.

PropellerAds

ශ‍්‍රී ලංකාවේ කුඩාම වැව ලෙස සැලකෙන මහරගම බොරලැස්ගමුව වැව විධිමත්ව සංවර්ධනය කිරීම අද(03) උදෑසන 11.05 යෙදුණු සුභ මොහොතින් ආරම්භ කෙරිණ. පසු...

හිටපු ජනපති ඇතුළු පිරිස එක්වූ බන්දුල ගුණවර්ධන පුතුගේ නව නිවසට ගෙවැදීමේ උත්සවය
සංවර්ධනේ ගැන දන්නෙ පයිලට්ල විතරයි (සඳුදා කාටූන්)
රත්මලානෙන් ගුවන් යානයක් පැහැරගෙන IS පහර දෙන ඔත්තුව මාධ්‍ය වාර්තා පමණයි - ගුවන් හමුදාව

ශ‍්‍රී ලංකාවේ කුඩාම වැව ලෙස සැලකෙන මහරගම බොරලැස්ගමුව වැව විධිමත්ව සංවර්ධනය කිරීම අද(03) උදෑසන 11.05 යෙදුණු සුභ මොහොතින් ආරම්භ කෙරිණ.

පසුගිය කාලය පුරාවටම අපිරිසිදු තත්වයේ පැවැති සහ අවට පරිසර පද්ධතිය විනාශ වෙමින් පැවති බොරලැස්ගමුව වැව අවට ප‍්‍රදේශය විධිමත්ව සංවර්ධනය කිරීම සහ එහි ප‍්‍රතිලාභ ප‍්‍රදේශවාසීන්ට සහ සංචාරකයින්ට ලබාදීම මූලික අරමුණ බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ධනුෂ්ක රාමනායකගේ ව්‍යාපෘති සැලසුමක්


අමාත්‍යාංශයේ හිටපු මාධ්‍ය ලේකම් ධනුෂ්ක රාමනායක මහතාගේ ව්‍යාපෘති සැලසුමකට අනුව මෙහි මූලික කටයුතු සම්පාදනය කෙරී ඇති අතර ඒ අනුව වැව් ජලාශය සහ වැව අවට ප‍්‍රදේශය පළමු අදියරයේදී පිරිසිදු කිරීම සිදු කෙරේ. නාවික හමුදාවේ දායකත්වය ඇතිව අද ආරම්භ වන එම කටයුතු දින 30කින් සම්පූර්ණ කෙරෙන අතර ඉන් අනතුරුව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පූර්ණ අධික්‍ෂණය යටතේ ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ තාක්ෂණික සහ මෙහෙයවීම් දායකත්වය ඇතිව වැව වටා කි.මි. 2.5 ක ප‍්‍රදේශයක් ඇවිදින මංතීරුවක් බවට පත් කිරීමත්, සංචාරක නැරඹුම් මධ්‍යස්ථානයක්, ජාතික තරුණ සේවා සභාවේ ඉල්ලීම මත එළි මහන් රංගපීඨයක් අවිධිමත්ව බැහැර කරන අපජලය විධිමත් අන්දමින් බැහැර කිරීමේ ක‍්‍රමවේදයක්, මධ්‍ය දූපත් ති‍්‍රත්වය සංචාරක ආකර්ෂණය ගත හැකි දූපත් බවට පත් කිරීම සහ වැව් ඉවුර මත පිහිටි වැව පාර විධිමත් මාර්ග පද්ධතියක් සහ පදික මංතීරුවක් සහිතව සංවර්ධනය කිරීම සිදුකෙරේ.

මේ සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ සුඛිත පුරවර ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 175 ක් ආයෝජනය කිරීමට නියමිතය. ශ‍්‍රී ලංකා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ පවතින බොරලැස්ගමුව වැවේ පිටවාන වැව් බැම්ම සහ ඉවුර විධිමත් වාරි තාක්ෂණික ක‍්‍රමවේද යටතේ සංවර්ධනය කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී. ඒ සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව ආයෝජනය කරන මුදල රුපියල් මිලියන 50 කි.

2018 වසරේ දෙසැම්බර් මස වන විට අලංකාර පරිසර පද්ධතියක් සහිත අංග සම්පූර්ණ වැවක් බවට බොරලැස්ගමුව වැව පත් කිරීමට සියළු පියවර ගන්නා බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි. ඊට සමගාමීව වාරි ජලයෙන් අස්වසන කුඹුරු සහ කෘෂි ආර්ථිකය ගොඩනැංග්වීම සඳහා ද විශේෂ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කෙරේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ‍්‍රී ලංකාවේ කුඩාම වැව සංවර්ධන වේ.
ශ‍්‍රී ලංකාවේ කුඩාම වැව සංවර්ධන වේ.
http://ift.tt/2EG9Wbx
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_58.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_58.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy