දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

'රාජපක්ෂලා ආයෙ බලයට ආවොත් UNP එකට කිසිම ප්‍රශ්නයක් නෑ' - ජනාධිපති.

'රාජපක්ෂ ආණ්ඩුවක් නැවත බලයට පැමිණියහොත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හෝ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන්ට කිසිම ප්‍රශ්නයක් ඇති නොවන බව...


'රාජපක්ෂ ආණ්ඩුවක් නැවත බලයට පැමිණියහොත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හෝ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන්ට කිසිම ප්‍රශ්නයක් ඇති නොවන බව' ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (04) පැවති රජයේ කැබිනට් සාකච්ඡාවේදී ඉතා ආවේගශීලීව අගමැතිවරයාගේ මූණටම පවසා තිබේ. එම අවස්ථාවේදී අගමැතිවරයා කිසිදු ආවේගශීලීත්වයක් නොදක්වා සුපුරුදු පරිදි නිහඬ මුවින් පසුවී ඇත.

තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ දැඩි අවදානමක් කරමත පටවාගෙන බවත් යම්හෙයකින් පැරදුනේ නම් සරත් ෆොන්සේකා මහතාට කළ ආකාරයටම පුතා හා බෑණා සිරකර දමා තමාව මරා දැමීමේ සැළසුමක් රාජපක්ෂලාට තිබූ බව ජනාධිපතිවරයා හෙළිකොට තිබේ.

ජනාධිපතිවරයා එසේ ආවේගශීලීව කැබිනට් හමුවේදී කරුණු දක්වා ඇත්තේ පසුගිය ජුනි 30 වැනිදා කාලය අවසන් වූ දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය තවදුරටත් පවත්වාගෙන යන්නේද නැද්ද යන්න පිළිබඳව කැබිනට් මණ්ඩලය හමුවේ සාකච්ඡා වූ අවස්ථාවේදීය. එම කමිටු කාර්යාලයට වගකියන්නේ කවුදැයි ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයෙන් ප්‍රශ්න කර ඇති අතර එවිට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ තමාටද ඊට අයිතියක් නොමැති බවයි.

අගමැතිවරයාගේ පිළිතුරින් කෝපයට පත්ව ඇති ජනාධිපතිවරයා 'නීතිපති දෙපාර්තමේන්තුව තියෙන්නෙ ඔබතුමාලා යටතේ, පොලීසිය තියෙන්නෙ ඔබතුමාලා යටතේ, FCID එක තියෙන්නෙ ඔබතුමාලා යටතේ, CID එක තියෙන්නෙ ඔබතුමාලා යටතේ, නමුත් පහුගිය අවුරුදු එකහමාරට සුපිරි හොරු එකෙක්වත් අල්ලලා නෑ. ඒ වෙනුවට පළාත් සභා මන්ත්‍රීලා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා වගේ මට සහාය දෙන ඇච්චො බැච්චො ටිකකට නඩු දාලා. මම දන්නවා FCID එකටCID එකට කතා කරලා බලපෑම් කරන දේශපාලනඥයො. ඒ මිනිස්සු දන්නෑ ඒ හැම කෝල් එකක්ම රෙකෝඩ් වෙනවා කියලා. ඔබතුමාලා නැහැයි කියනව නං මම දැම්මම ඒ අයව ගෙන්නලා මූණට මූණ තියලා අහලා පෙන්නන්නං. මේක කරන්න බැරිනං අඩුගානෙ ඔය ආයතන ටික මාස තුනකට මට දෙන්න. මම කරලා පෙන්නන්නං' යනුවෙන් දැඩි ස්වරයෙන් පවසා තිබේ. 

ජනාධිපතිවරයාගේ කතාවට පොහොර දමා ඇති අමාත්‍ය චම්පික රණවක හා අමාත්‍ය රාජිත සේනාරත්න පවසා ඇත්තේ ජනාධිපතිවරයාගේ කතාව සම්පූර්ණ සත්‍යයක් බවයි. ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් රාජපක්ෂලාට ආරක්ෂාව සැලසෙන බවයි. නීතිපති දෙපාර්තමේන්තුව ගැන සැලවෙත්ම අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ තමාට මේ සම්බන්ධයෙන් කිසිවක් කළ නොහැකි බවයි. නීතිපතිවරයා පත්කරන්නේ ව්‍යවස්ථාදායක සභාවෙන් බැවින් ඊට ඇඟිලි ගැසීමට තමන් සූදානම් නැති බව විජේදාස රාජපක්ෂ මහතා පවසත්ම අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසා ඇත්තේ 'මේ අධිකරණ ඇමතිතුමාව තියාගෙන මේ වැඩේ කරන්න බෑ. එතුමා දන්නෑ, එතුමා ඉන්නෙ කොයි පැත්තෙද කියලා. මේ රටේ යුක්තිය පසිඳලීමට තියන ලොකුම බාධාව අධිකරණ ඇමතිවරයා' බවයි.

කෙසේ නමුත් දූෂණවිරෝධී කමිටු කාර්යාලයේ අනාගතය පිළිබඳව තීරණයක් ගැනීමට කැබිනට් මණ්ඩලය අපොහොසත් වී ඇති අතර උණුසුම් වචන හුවමාරුවෙන් පසු රාජිත සේනාරත්න ඇමතිවරයා, අගමැතිවරයා හා ජනාධිපතිවරයා උඩුමහළට රැගෙන ගොස් ඔවුන් දෙදෙනා හා කතාබහ කොට තත්වය සමථයකට පත්කර තිබේ. 'මෙහෙම ගියොත් අපි සේරටම වලපල්ලට තමයි යන්න වෙන්නෙ. ඒක නිසා අපි දැන් තීරණය කරන්න ඕනෙ වලපල්ලට යනවද ? ගොඩට යනවද ?' යනුවෙන් රාජිත ඇමතිවරයා කී කතාවට නායකයන් දෙදෙනාම එකඟ වී ඇති අතර ඉදිරි සති දෙකක කාලය තුළ දැනට විමර්ශන අවසන් කර ඇති සුපිරි ගනයේ නඩු 10 ක් වහාම ඇරඹිය යුතු බවට තීරණය කර තිබේ

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29553,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'රාජපක්ෂලා ආයෙ බලයට ආවොත් UNP එකට කිසිම ප්‍රශ්නයක් නෑ' - ජනාධිපති.
'රාජපක්ෂලා ආයෙ බලයට ආවොත් UNP එකට කිසිම ප්‍රශ්නයක් නෑ' - ජනාධිපති.
http://ift.tt/2ulWKU2
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/unp.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/unp.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy