දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

'රටේ ආරක්ෂාවට තර්ජනයක් ඇති බවට බුද්ධි අංශ වාර්තා නැහැ'

මේ ර‍ටේ ආරක්ෂාවට බාධා වන ආකාරයේ යම් තර්ජනකාරි දෙයක් සිදුවෙයි නම් ඒ පිළිබඳ සෙවීමට ත්‍රිවිධ හමුදාව සහ පොලීසියෙන් සමන්විත වූ ආරක්ෂක ජාලයක් තිබ...


මේ ර‍ටේ ආරක්ෂාවට බාධා වන ආකාරයේ යම් තර්ජනකාරි දෙයක් සිදුවෙයි නම් ඒ පිළිබඳ සෙවීමට ත්‍රිවිධ හමුදාව සහ පොලීසියෙන් සමන්විත වූ ආරක්ෂක ජාලයක් තිබෙන බව පවසන නව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා රටේ ආරක්ෂාවට යම් තර්ජනයක් ඇති බව එම ආරක්ෂක බුද්ධි අංශවලින් හෝ වාර්තා වී නොමැති අතර රටේ ආරක්ෂාව සම්පූර්ණයන් තහවුරු කිරීමට යුද්ධ හමුදාව කැප වී සිටින බවද පවසයි.

යුද්ධ හමුදාපති මහේෂ් සේනානායක මහතා ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ 22වැනි යුද්ධ හමුදාපතිවරයා වශයෙන් ඊයේ වැඩ බාර ගැනීමෙන් පැවති මාධ්‍ය හමුවේදී මෙම තොරතුරු හෙළිදරව් කෙළේය. හමුදාවේ ශක්තිය තිබෙන්නේ නිල අඳුම තුළ නොවෙයි හමුදා සෙබළාගේ විනය හා කැපවීම මතයි. පසුගිය වකවානුවේ රට තුළ වූ කුරිරු යුද්ධය හමුදාවේ ශක්තියෙන් අවසන් කර මේ රටේ ජනතාවට නිදහස ලබා දීමට සිය කැප වුණා. ඒ වාගේම රටේ ආරක්ෂාව තහවුරු කිරීමටත් හමුදාව කැප වු කටයුතු කරනවා.

තවද හමුදාවන්ට යුද අපරාධ චෝදනා කිසිදු සත්‍යතාවයකින් තෙර ඒවා බව කිව යුතුමයි ඔවුන් එම චෝදනා නගා සිටින්නේ එම යුද්ධය ඇසින් දැකලා හෝ එම ස්ථානවලට ගොස් හෝ නොවේ. යුද්ධයේ අවසාන අවස්ථාව දක්වා සිටි කෙනෙක් විදියට මේ චෝදනාවලින් කියන කරුණු සත්‍යතාවයකින් තොර ඒවා බව පවසන හමුදාපතිවරයා ඒ සම්බන්ධයෙන් පවත්වන පරීක්ෂණවලට කිසිඳු පැකිලීමකින් තොරව සහාය ලබාදෙන බවද පවසයි. මේ අතර පසු ගිය කාලයේ සිදුවූ ඇතැම් අපරාධ සිදුවීම්වලට හමුදා සාමාජිකයන් හසු වි සිටීම සම්බන්ධයෙන් මාධ්‍ය නැගූ ප්‍රශ්නයකට පිළිතුරුු දෙමින් හමුදාපතිවරයා කියා සිටියේ හමුදාව කියන්නේ අජරාධ නීති දෙකකට යටත්වූ පිරිසක් එනම් ඔවුන් හමුදා නීතියටත් දණ්ඩ නීති සංග්‍රයටත් යටත්ව සිටින පිරිසක් එම නිසා ඔවුන් යම් අපරාධයක් හිතා මතා සිදු කර තිබේනම් ඒ සම්බන්ධයෙන් ඔවුන් දඩුවම් ලැබිය යුතුයි. ඔවුන් එම වරද සිදු කළේ ඉහල නියෝගයකින් නම් එම නියෝගය කළ පුද්ගලයා හෙළිදරව් වන පරිදි පරීක්ෂණ සිදු විය යුතු බවද හමුදාපති ‍මහේෂ් සේනානායක මහතා පැවැසීය.

යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨත්වය තීරණය කරන්නේ හමුදාවට බැඳණු දිනය මත මිස උපන් දිනය මත නොවෙයි. මට මෙම හමුදාපති ධූරය ජනාධිපතිතුමාත් , අගමැතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා සාකච්ජා කර ලබා දෙන්නට ඇත්තේ දක්ෂතාවය මත විය හැකියි. ජ්‍යෙෂ්ඨත්වයට නොව හැකියාව මත හමුදාපති ධූරයක් ලබා දුන් දෙවන අවස්ථාවද මෙයයි ඉදිරියේදීද හමුදාවේ දක්ෂයන්ට හැකියාවට තැන ලබා දෙන බවද හමුදාපතිවරයා පැවසූවේ ඔහුට මෙම ධූරය් ලැබීම සම්බන්ධ්ය මාධ්‍ය නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමිනි.

තවද උතුරේ හෝ නැගෙණහිර වේවා හමුදාවේ කඳවුරු තිබූ ඉඩම්වලින් එම කඳවුරු ඉවත් කළයුතුද නැද්ද යන්න සම්බන්ධව තොරතුරු රජයට කරුණු ගෙන හැර පෙන්නන්නේ හමුදාවයි. ඒ සම්බන්ධව විෂය දැනුම ඇත්තේ හමුදාවටයි. යම් කඳවුරක් ඉවත් කර එම ඉඩම් හිමිකරුවන්ට බාර දුන් පමණින් එම පළාත්වල ආරක්ෂාවට බාධාවක් ඇති වන්නේ නැහැ. එම පළාත්වල ආරක්ෂාවේ තත්ත්වය දන්නේ හමුදාව මිස වෙනත් අයකු නොවන බවද හමුදාපතිවරයායි. මේ නිසා විග්නේෂ්වරන් කියන කතාවලට කළබල විය යුතු නැහැ කළබල වෙන්නේ වෙනත් අයෙක් තවද හමුදාව දේශපාලනය කරන්නේ නැහැ අවශ්‍ය තැනට හමුදාව සූදානමින් සිටිනවා.. උතුරේ සහ නැගෙණහිර හමුදා කඳවුරු හා ඒවා පිහිටි ඉඩම් හිමි කරුවන්ට ලබා දීම සම්බන්ධය කරුණූ පැහැදිලි කරමින් කියා සිටියේය.

හමුදාවට විවිධ ආකාරයේ අභියෝග ඇතිවෙනවි. මිට පෙර තිබුණේ යුද්ධය හා සම්බන්ධ වු අභියෝගයි දැන් තිබෙන්නේ ඊට වඩා වෙනස් තත්ත්වයක් දැනට හමුදාව ස්වාභාවක ආපදා වැනි දේවල් වලට මුහුණ දි ඒ සම්බන්ධව කටයුතු කරනවා ඒ සඳහා විවිධ අව්‍ශ්‍යතා තිබෙන අතර හිටපු හමුදාපතිවරයාත් එම අවශ්‍යතා ලබා ගැනීමට අව්‍ශ්‍ය කටයුතු කර තිබෙන බවද එම අවශ්‍යතා ලබා ගැනීමෙන් පසු එවැනි කටයුතු වලදී හමුදාවට මීටත් වඩා දක්ෂ ලෙස එම අභියෝගවලට මුහුණ දිය යුතු බවද හමුදාපතිවරයා මෙම හමුදාපති ධුරය ට ඒ මහතා පත් කළ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයටත් සිය කෟතඥතාවය පිරිනමමින් පසු ගිය කාලයේ පැවති දරුණු යුද්ධය අවස්ථාවේ හමුදාව කළ කැපවීම වෙනුවෙන් මේ අවස්ථාවේ හමුදාවටත් එවැනිම කැපවීමක් සිදුකරමින් ‍රටේ පැවැති යුද්ධය සහ හමුදාව කළ කැපවීම රටවැසියන්ටත් පෙන්වා දෙමින් විශාල සේවයක් කළ මාධ්‍යටත් ස්තූති කළ හමුදාපතිවරයා හමුදාවේ සුභ සාධනය වෙනුවෙන් මේ වන විට සිදු වෙමින් පවතින වැඩ කොටස තව දුරටත් පුළුල්ව සිදු කිරීමට කටයුතු කරන බවත් මෙහිදී තව දුරටත් ප්‍රකාශ ‍කෙළේය. 

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29553,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'රටේ ආරක්ෂාවට තර්ජනයක් ඇති බවට බුද්ධි අංශ වාර්තා නැහැ'
'රටේ ආරක්ෂාවට තර්ජනයක් ඇති බවට බුද්ධි අංශ වාර්තා නැහැ'
http://ift.tt/2tSYvLi
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_484.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_484.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy