කොළඹ, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය, රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ, එහි උරුමය සුරැකෙන පරිදි සංවර්ධනය කර සුඛෝපභෝගී හෝටල් සන්නාම...
කොළඹ, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය, රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ, එහි උරුමය සුරැකෙන පරිදි සංවර්ධනය කර සුඛෝපභෝගී හෝටල් සන්නාමයක් බවට පත් කිරීමට සැලසුම් කර තිබේ.
මේ සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම පිණිස සිංගප්පූරුවේ HPL Hotels and Resorts සමාගම විසින් යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ තිබේ.
ඒ අනුව, එම යෝජනාව ඇගයීම සඳහා ව්‍යාපෘති කමිටුවක් පත් කිරීමටත්, රජයේ අදාළ මාර්ගෝපදේශයන්ට යටත්ව මේ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කිරීමටත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම් මහතා සහ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS