දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වයස 25 කොල්ලෙකු නායකයා වුණ ‘ආවා‘ එන්නේ කුමකටද?
Homeගොසිප්

වයස 25 කොල්ලෙකු නායකයා වුණ ‘ආවා‘ එන්නේ කුමකටද?

PropellerAds

වයස 25 කොල්ලෙකු නායකයා වුණ ‘ආවා‘ එන්නේ කුමකටද? මහින්ද හැදූ කල්ලියක් කතාව ඇත්තද? පසුගියදා යාපනයේ සරසවි සිසුන් දෙදෙනෙකු පොලිසිය අතින් ඝා...


වයස 25 කොල්ලෙකු නායකයා වුණ
‘ආවා‘ එන්නේ කුමකටද?

මහින්ද හැදූ කල්ලියක් කතාව ඇත්තද?

පසුගියදා යාපනයේ සරසවි සිසුන් දෙදෙනෙකු පොලිසිය අතින් ඝාතනය වීමෙන් සහ ඉන් ටික දිනකට පසු බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු මන්නා පහර කා තුවාල ලැබීමෙන් පසුව
ආවා (AAVA Gangsters)  නමින් හැඳින්වෙන මංකොල්ල කල්ලියක් ගැන වැඩි දෙනෙකුගේ අවධානයක් ඇතිවිය.
ආවා යනු ජාතිවාදී කල්ලියක්ද?  පාතාල කල්ලියක්ද? ඔවුන් මැඩ පවත්වන්නට උතුරේ සිටින දහස් ගණන් හමුදාවකගේ පොලිසියකගේ ආරක්ෂාව මැද අසමත්ව තිබෙන්නේ කෙසේද? යන්න දකුණේ අයට මතුවූ ගැටලූවයි.
මෙම කථාබහ අතරේ ආවා කල්ලිය සම්බන්ධ දේශපාලන කටකතාද
දැන් නිර්මාණය වෙමින් පවතී.
වාර්තාවන ආකාරයට 1991 උපත ලැබූ තවමත් වයස අවුරුදු 25 ක තරුණයෙකු මෙම සංවිධානයේ නායකයාය. ‘ආවා’ නමැති පාතාල නමින් හඳුන්වන ඔහුගේ සැබෑ නම ගුණසේකරම් දේවයුදන්ය. මනීපායිහි උසාවිය පාරේ ඔහුගේ නිවස පිහිටා ඇතැයිද පැවසේ.
මේ වනවිට සිදුකරන පොලිස් විමර්ශන අනුව ආවා මෙම කල්ලිය ගොඩනගා ඇත්තේ ඉතාමත් අඩු වයසේ තරුණ පිරිසක් හවුල් කරගෙනයි. ඔහුගේ ප‍්‍රධාන සගයන් දෙදෙනා
දේවන්න හෙවත් නල්ලලිංගම් ප‍්‍රසන්න (24) හා ප‍්‍රකාශ් හෙවත් ස්ටැන්ලි ගුණසීලන් (22) යන අයයි. ඔවුන් පිලිවෙළින් කොකුවිල් හා උඩුවිල්හි


පදිංචිකරුවන්ය.
ඔවුන් සමග විශාල පිරිසකගේ කල්ලියක් එක්ව සිටින බව පැවසෙන අතර එම ගණන තවම සංඛ්‍යාත්මකව තහවුරු කර නැත. මෙම කණ්ඩායමේ අයගේ අවම වයස 17 හා උපරිම වයස අවුරුදු 30 කි.පසුගිය 2014 ජනවාරි මාසයේ සිදු කළ වැටළීමකදී පොලිසිය මෙම කල්ලියේ 19 දෙනෙකු කඩු මන්නා තොගයක් සමග අත්අඩංගුවට ගත් බව මාධ්‍ය වාර්තාවලද සටහන් විය.

ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ගැනීම, මංකොල්ල කෑම, කුලියට බියවැද්දීම,කුලියට මිනී මැරීම මෙම අයගේ කාර්ය අතර ප‍්‍රධාන තැනක් ගනී.

මොවුන්ගේ ගොදුරු බවට පත්වූ අය සිංහල දෙමළ භේදයකින් තොරය. මුදල් සොයාගැනීම සඳහා පාතාල වැඩ කිරීම නිසා ‘ආවා‘ කල්ලිය නමක් දරා ඇත.
මොවුන්ට එම ප‍්‍රදේශවල අය දක්වන බිය නිසා කිසියම් අපරාධයක් සිදුවුවත් පාඩුව විඳගෙන නිසොල්මනේ සිටිනු විනා ඒවා ගැන පොලිසියට පැමිණිලි කරන්නට නොයන්නේ තවත් කරදර ඇතිවේය යන බිය නිසා බවද වාර්තා වුණා.



මෙම කණ්ඩායම යුද්ධයට පෙරත් සිටි බවට සහ මෙය මහින්ද ජනපතිවරයා හමුදාවේ උදව්වෙන් නිර්මාණය කළ කණ්ඩායමක් බවට විවිධ ආරංචි පැතිර තිබෙන නමුත් ඒවා තහවුරු කළ ඒවා නොවේ.
මෙම කණ්ඩායමේ නායකයා ලෙස හඳුනාගෙන සිටින 25 හැවිරිදි තරුණයා 2009 යුද්ධය අවසන් වන කාලයේ අවුරුදු 18 ක පාසල් යන වයසේ කොලූ ගැටයෙකු විය යුතුය.

පොලිසිය සරසවි සිසුන් දෙදෙනාට වෙඩි තබා මරන්නට මුල්වූයේ ඔවුන් ආවා කල්ලියේ අය යයි සැක කළ නිසා බවට වාර්තා පළවූ අතර ඉන් පසු බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනා අහම්බෙන් මන්නා පහර කෑමේ සිද්ධියේදී එම වගකීම ලිපියක් ලියමින් භාරගෙන තිබුනේ මෙම ආවා කල්ලියයි.
මේ වනවිටත් ආවා ප‍්‍රධාන නායකයන් තිදෙනා ඇතුළු කණ්ඩායම අල්ලා ගැනීමේ විශේෂ මෙහෙයුමක් පොලිසිය අරඹා තිබෙයි.
පහත පළවන්නේ සරසවි සිසුන් මැරූ පලිය ගන්නට බුද්ධි අංශ වලට පහරදුන් බවට ආවා කල්ලිය බෙදා හැර තිබුණ පත‍්‍රිකාවක් සහ 2014දී මන්නා තොගයක් සමග ඔවුන් කොටුවූ අවස්ථාවේ ඡායාරූපයි.





Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29307,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වයස 25 කොල්ලෙකු නායකයා වුණ ‘ආවා‘ එන්නේ කුමකටද?
වයස 25 කොල්ලෙකු නායකයා වුණ ‘ආවා‘ එන්නේ කුමකටද?
http://ift.tt/2eTW2EW
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/25_27.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/25_27.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy