තමාගේ රූපයේ අයිතිය ඇත්තේ පොහොට්ටුව ලකුණින් තරඟ කරන ඒකාබද්ධ පොදුජන පෙරමුණට පමණක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (02) පැවසීය. සෑ...
තමාගේ රූපයේ අයිතිය ඇත්තේ පොහොට්ටුව ලකුණින් තරඟ කරන ඒකාබද්ධ පොදුජන පෙරමුණට පමණක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (02) පැවසීය.
සෑම කෙනෙකුටම තමගේ ජායාරූප අවශ්‍ය වී තිබෙන බැවින් ඕනෑම අයෙකුට එය යොදා ගත හැකි බවද සඳහන් කළේය.
මේ හේතුවෙන් ඒකාබද්ධ පොදු ජන පෙරමුණේ අපේක්ෂකයන් අභියෝගයකට මුහුණ දී තිබෙන බවත් එම අභියෝග ජය ගනිමින් මැතිවරණය ව්‍යාපාරය මෙහෙයවිය යුතු බවත් ඔහු කීය.
“රට වනසන ආණ්ඩුව පන්නමු - යළිත් අපි රට හදමු” යන මැයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වූ ඒකාබද්ධ පොදුජන පෙරමුණේ සමුළුව අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.
එහිදී හිටපු ජනාධිපතිවරයා මෙසේ අදහස් දැක්වීය.
“රටම වැඩබිමක් කරපු අපි කෑම ටික එනකන් ගෝල්ෆේස් පිට්ටනියට ගිහිල්ලා උඩ බලාගෙන ඉන්නවා නැව එනකන් හාල්. අද මේ පොහොට්ටුවේ නියෝජනය වෙන්නේ සම්පත් විකුණනවට විරුද්ධ කණ්ඩායම. පොහොට්ටුවේ නියෝජනය වෙන්නේ මේ රටේ මැතිවරණ කල් දානවට විරුද්ධ වෙච්ච කණ්ඩායම. මත්තල ගුවන් තොටුපල හැදුවා. ඒක විකුණගන්න හදන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලවා. ඒකයි මේකේ වෙනස. අර බළල්ලු ලවා කොස් ඇට බාවනවා වගේ. අපිට GSP නැති වුණත් කරගෙන ගියා ඒ කාර්යය ඉතාමත් හොඳින්. මේක දුන්නම මහා වර්ණනාවක් කළා. දැන් ඇමරිකාවත් තහනම් කරලා. මෙයාලා බලයට ගෙනාපු පිරිස් තරහා කරගෙන තියෙනවා. නෙලුම් කුළුන ආවම නෙළුම් පොහොට්ටුව තියෙනකොට ඒක ඉක්මණට ගිහින් කොළ පාට නෙළුම් මලක් බිහි කළා. ඉතිහාසයේ පළවෙනි වතාවට.දරුවෝ ලියන්න පුළුවන් පාට මොකක්ද කියලා මේක දැකලා නෙළුම් මලේ පාට නොදැක්ක ළමයි කොළ පාට නෙළුම් මල් පිපෙනවා කියලා.”
“එක්සත් ජාතික පක්ෂය බලයට ආපු හැම අවස්ථාවකම කළේ දුප්පත් මිනිහට ගහපු එක. ඔබ අන්න ඒ දුක් විදින මිනිස්සුයි නියෝජනය කරන්න යන්නේ. පොහොර ටික ගේන්න බැරි වුණාම ටෙලිෆෝන් කරනවා. හාල් ටික නැති වුණාම ටෙලිෆෝන් කරලා නැව ගෙන්න ගන්නවා. අපේ කාලේ වී ටික දාන්න තැනක් නැතුව අරන් ගිහින් මත්තල ගුවන්තොටුපලේ තැන්පත් කළා. එක අරමුණයි තියෙන්නේ අපි ඔක්කොටම. මතක තියා ගන්න ඔබට නාම යෝජනා හම්බුණේ 75,000ක් පමණ ඉල්ලපු තැනකින්. 8000ටයි හම්බුණේ. ඔබ පොහොට්ටුවට විරුද්ධව ජන්දය දෙනවා නම් ඒ හැමදෙනාම කරන්නේ මේ රට පාවා දෙන්න, රට බෙදන්න, රට කෑලිවලට කඩන්න යන්නේ ඒකට ඉඩ තියන්න එපා කියන පණිවිඩය තමුන්නාන්සේලාට අනිවාර්යයෙන්ම ජනතාවට දිය යුතුව තියෙනවා. හැමෝටම ඕනේ වෙලා තියෙන්නේ මගේ ෆොටෝ එක. ඉතින් මන් මොකටද ඒක එපා කියන්නේ. හැබැයි ඒක අයිති පොහොට්ටුවට. ඔබට හැර වෙනකෙනෙකුට නෙවෙයි. ඕනේ කෙනෙකුට ගහ ගන්න පුළුවන්. හැම පළාත් ප්‍රදේශීය සභාවක බලය, නගර සභාවකම බලය අපිට අනිවාර්යයෙන්ම පොහොට්ටුවට ලැබෙනවයි කියන එක අපිට දැඩි විශ්වාසයක් තියෙනවා.”
COMMENTS