මානව හිමිකම් ක්‍රියාකාරීන් වන ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන් වීමට අදාළ නඩුවේ සාක්ෂි විමසීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ හ...
මානව හිමිකම් ක්‍රියාකාරීන් වන ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන් වීමට අදාළ නඩුවේ සාක්ෂි විමසීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ කැඳවීමට නියමිත බව නීති ක්ෂේත්‍රයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි.
අදාළ නඩුවේ පැමිණිලිකාර පාර්ශ්වය විසින් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා සාක්ෂිකරුවකු වශයෙන් කැඳවන ලෙස කරන ලද ඉල්ලීමකට අනුව මෙසේ ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට කැඳවීමට ඉඩ ඇති බවට අදාළ ආරංචි මාර්ග විශ්වාසය පළ කරයි. පසුගිය වසරේ දෙසැම්බර් 08 වැනිදා පැවැති නඩු වාරයේදී ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා සහ තවත් ආරක්ෂක අංශ ප්‍රධානියකු සාක්ෂි වශයෙන් කැඳවන ලෙස පැමිණිලිකාර පාර්ශ්වය ඉල්ලා ඇත.
2011 දෙසැම්බර් 09 වැනිදා යාපනය, නිර්වේලි හිදී ලලිත්-කූගන් දෙදෙනා අතුරුදන් කෙරුණු අතර, ඒ සම්බන්ධයෙන් වන නීතිමය කටයුතු පැවතියේ දැඩි පසුබෑමක ය.
(resa.lk)
COMMENTS