සකුරා නැමැති ගුවන් සේවයකින් යාපනයේ පැවැත්වෙන තෛයිපොංගල් උත්සවයකට සහභාගිවීමට ගිය අමාත්‍ය මහින්ද අමරවීර මහතාට යළි කොළඹ පැමිණීම සඳහා ගුවන් හ...
සකුරා නැමැති ගුවන් සේවයකින් යාපනයේ පැවැත්වෙන තෛයිපොංගල් උත්සවයකට සහභාගිවීමට ගිය අමාත්‍ය මහින්ද අමරවීර මහතාට යළි කොළඹ පැමිණීම සඳහා ගුවන් හමුදාවට විශේෂ හෙළිකොප්ටරයක් ලබාදීමට සිදුව ඇතැයි වාර්තා වේ.
මෙම විශේෂ හෙළිකොප්ටර් යානය එහි යවා ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් බවද කියැවේ.
අදාළ, උත්සවය සංවිධානය කළ අය අමාත්‍යවරයා ඊට සහභාගිකර ගැනීමට හෙලිකොප්ටරයක් ලබාදී තිබේ.
සකුරා නැමැති ගුවන් සේවයෙන් අදාළ හෙළිකොප්ටරය ලබාදී ඇති අතර එම හෙළිකොප්ටරය රැගෙනගිය ගුවන් නියමුවා පලාලි ගුවන් තොට නොදැන තලෙයිමන්නාරම වෙත අමාත්‍යවරයා රැගෙනයාම නිසා මේ අකරතැබ්බය සිදුව ඇති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.
එම හෙලිකොප්ටරය ගොඩබෑමට නොහැකිවීම නිසා විනාඩි 45ක පමණ කාලයක් ගුවනේ සැරි සැරිසරා ඇති බවද පැවසේ.
මේ සම්බන්ධයෙන් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් කළ විමසුමකදී ඔහු කියා සිටියේ අමාත්‍යවරයාට ගුවන් හමුදාවට අයත් යානයකින් ආපසු කොළඹ පැමිණීම සඳහා ආරාධනා කළ බවත් ඒ අනුව අමරවීර මහතා ගුවන් හමුදා යානයකින් යළි කොළඹ බලා පැමිණීමට නියමිත බවත් ය.
COMMENTS