දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපතිට එරෙහි දෝෂාභියෝගයක් : එජාපයත් රාජපක්ෂ පවුලත් එක මතයක.
Homeගොසිප්

ජනපතිට එරෙහි දෝෂාභියෝගයක් : එජාපයත් රාජපක්ෂ පවුලත් එක මතයක.

PropellerAds

දහනව වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇති ප්‍රතිපාදන නොසළකා වසර 6ක් බලයේ රැඳී සිටීමට උත්සාහ කළහොත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහි දෝෂාභියෝග...

දම් රැජිණ බස් එකේ ඇතුළත ගැන විස්තර (video)
හිටප්‍ර ශ්‍රිලනිප ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස සක්‍රිය දේපාලනයට
බීපීඑල් ගිය තිසර පෙරේරා පන්දු 26 කට 74 ක් ලබාගත් සුපිරි ඉනිම (වීඩියෝ)

දහනව වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇති ප්‍රතිපාදන නොසළකා වසර 6ක් බලයේ රැඳී සිටීමට උත්සාහ කළහොත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහි දෝෂාභියෝගයක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂයේ සහ රාජපක්ෂ පවුලේ ප්‍රබලයන් පිරිසක් අතර සාකච්ඡාවක් ඇරඹී ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් අනාවරණය වේ. 

කවර චෝදනා යටතේ මෙම දෝෂාභියෝගය රැගෙන එන්නේද යන්න මෙතෙක් හෙළිවී නැතත් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම මූලික එකඟතාවක සිටින බවට දැනට හෙළිවී තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ මතය වී ඇත්තේ ජනාධිපති වරයා මේ වන විට එක්සත් ජාතික පක්ෂයට සතුරු ප්‍රතිපත්තියක සිට කටයුතු කරන බවයි. විශේෂයෙන්ම සිය ධූර කාලය සම්බන්ධ ප්‍රශ්නයද ඔහු කිසිදු විටෙක එක්සත් ජාතික පක්ෂය හෝ එහි නායකත්වය සමග සාකච්ඡා නොකළ බවද එජාප ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. 

මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එජාප ප්‍රකාශකයෙකු සඳහන් කළේ ජනාධිපති ධුරකාලය වසර 5කට සීමා වන බවට වන ප්‍රතිපාදනය වත්මන් ජනාධිපතිවරයාටද අදාළ බව එක්සත් ජාතික පක්ෂයේ මතය වන බවයි. එය 19 වන සංශෝධනයේ 49 (1) බී වගන්තියේ ඉතා පැහැදිලිව සඳහන් වන බවද ඔහු අවධාරණය කළේය. 

මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මතයද එයම බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ඒ අනුව ජනාධිපති වරයා ව්‍යවස්ථාමය රාමුවට පිටින් කටයුතු කළහොත් දෝෂාභියෝගයක් ගෙන ඒම හැර වෙනත් විකල්පයක් නැති බවද ඔහු හෙළි කළේය.  

මහින්ද යළි ශ්‍රිලනිප නායකත්වයට?

දේශපාලන විචාරකයන් සඳහන් කරන්නේ දෝෂාභියෝගයක් මගින්  ජනාධිපතිවරයා බලයෙන් පහ වුවහොත් ඔහුගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයද ඉක්මනින්ම අහෝසි වී යනු ඇති බවයි. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වශයෙන් පත් කෙරුණේ ශ්‍රිලනිප සාමාජිකයෙකු ජනාධිපතිවරයා බවට පත් වුවහොත් ඔහුට පක්ෂ සභාපතිත්වය හිමිවන බවට වන පක්ෂ ව්‍යවස්ථා ප්‍රතිපාදනයට යටත්වය. 

මේ අනුව, එවැනි තත්වයක් යටතේ යළිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය හිමි කරගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අවකාශ හිමිවේ. 

මේ වන විට පාර්ලිමේන්තුවේ ඇති සංයුතිය අනුව එක්සත් ජාතික පක්ෂයට ආසන 105ක් හිමිව ඇති අතර එයින් මන්ත්‍රී වරුන් දෙදෙනෙක් ( විජයදාස රාජපක්ෂ සහ අතුරලියේ රතන හිමි ) ස්වාධීන මන්ත්‍රීවරු ලෙස ක්‍රියා කරති. එක්සත් ජනතා නිදහස් සන්ධානය සතුව මන්ත්‍රීවරුන් 95ක් සිටින අතර එයින් 50 දෙනෙක් පමණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යටතේ ඒකාබද්ධ විපක්ෂය වටා ගොනුවී සිටිති. 

මෛත්‍රිපාල සිරිසේන මහතාට මේ වන විට පාර්ලිමේන්තුව තුළ සහය ලබා දෙන්නේ මන්ත්‍රීවරුන් 45 දෙනෙකු පමණකි. ඔවුන්ගෙන් පිරිසක්ද රාජපක්ෂ පවුල සමග හොර රහසේ සබඳතා පවත්වන බව පසුගිය කාලයේ පක්ෂ අභ්‍යන්තරයෙන්ම චෝදනා එල්ල වී තිබිණි.

මේ යටතේ ඉතා පහසුවෙන්ම පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී පිරිසකගේ සහය මෙම් දෝෂාභියෝගය සඳහා ලබා ගත හැකි බව දෙපක්ෂයේම මතය වී තිබේ.  ඔවුන් ප්‍රකාශ කරන්නේ යම් හෙයකින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී පිරිසක් ජනාධිපතිවරයාට සහය ලබා දෙන්නට කටයුතු කළත් එයින් දෝෂාභියෝගයට කිසිදු බලපෑමක් සිදුනොවන බවයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපතිට එරෙහි දෝෂාභියෝගයක් : එජාපයත් රාජපක්ෂ පවුලත් එක මතයක.
ජනපතිට එරෙහි දෝෂාභියෝගයක් : එජාපයත් රාජපක්ෂ පවුලත් එක මතයක.
http://ift.tt/2DfEkvC
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_456.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_456.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy