බැඳුම්කර වාර්තාවේ තමා ගැන සඳහන් තොරතුරු සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා කළ ඉල්ලීම කතානායක කරු ජයසූරිය ම...
බැඳුම්කර වාර්තාවේ තමා ගැන සඳහන් තොරතුරු සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා කළ ඉල්ලීම කතානායක කරු ජයසූරිය මහතා අද (24) ප්‍රතික්ෂේප කළේය.
එය වරප්‍රසාද ප්‍රශ්නයක් නොවන බැවින් කතා කිරීමට ඉඩ දිය නොහැකි බව කරු ජයසූරිය මහතා සඳහන් කළේය.
මේ සඳහා අවශ්‍ය නම් වෙනත් දිනයක් ලබාදිය හැකි බව ද කතානායකවරයා පැවසී ය.
ප්‍රකාශය කිරීමට ඉඩ නොදෙන්නේ නම් එය ජනමාධ්‍යයට ලබා දෙන බව රවී කරුණානායක මහතා කියා සිටියේය.
ඒ ගැන ගැටළුවක් නැතැයි කතානායකවරයා සඳහන් කළේය.
COMMENTS