මැතිවරණ කාලයේදී යම් යම් අය නොහිතන ප්‍රකාශ කළද පෙබරවාරි 10 මැතිවරණයෙන් පසු මෛත්‍රිපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එ...
මැතිවරණ කාලයේදී යම් යම් අය නොහිතන ප්‍රකාශ කළද පෙබරවාරි 10 මැතිවරණයෙන් පසු මෛත්‍රිපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එකතුවන බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයන් දිනවීමට ඊයේ (28) යටිනුවර පැවති උත්සවයක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.
“මම එක්සත් ජාතික පක්ෂයේ අයට කියන්නේ කලබල වෙන්න එපා මැතිවරණ කාලයන් තුළදී කරන ප්‍රකාශ සම්බන්ධව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් වෙනම ඡන්දය ඉල්ලනව. මහින්ද රාජපක්ෂ මහත්තයත් වෙනම ඡන්දෙ ඉල්ලනව. අපිත් වෙනම ඉල්ලනව. ඒ අයගේ ඡන්ද ගොඩ වැඩි කර ගන්න බැණ ගන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය අපිට බනිනව. පොහොට්ටුවත් අපිට බනිනව. ඒ අයගේ ගොඩ වැඩි කර ගන්න කියන කතාවලට තමුන්නාන්සේලා බිය විය යුතු නෑ.”
COMMENTS