දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බැඳුම්කරය සම්බන්ධයෙන් එජාපයට චෝදනා නෑ.
Homeගොසිප්

බැඳුම්කරය සම්බන්ධයෙන් එජාපයට චෝදනා නෑ.

PropellerAds

එක් එක් පාර්ශ්වයන් විසින් විවිධ චෝදනා එල්ල කළද බැඳුම්කර විමර්ශන කොමිසන් වාර්තාවට අනුව එක්සත් ජාතික පක්ෂයට සෘජුවම කිසිඳු චෝදනාවක් එල්ල නොවන...

දෙදහස් දහඅටෙත් වැඩකරන දින 209 යි.
මාතලේ රැසක් මෛත්‍රීට : එජාපය සහ ඒකාබද්ධය අනතුරේ.
බැසිල්ගෙන් ඩලස් හා මහින්දානන්දට කැපිල්ලක්.

එක් එක් පාර්ශ්වයන් විසින් විවිධ චෝදනා එල්ල කළද බැඳුම්කර විමර්ශන කොමිසන් වාර්තාවට අනුව එක්සත් ජාතික පක්ෂයට සෘජුවම කිසිඳු චෝදනාවක් එල්ල නොවන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හසීම් මහතා ප්‍රකාශ කරයි.

මේ වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් අධ්‍යයනය කොට තම පක්ෂයේ කිසිවකු හෝ සම්බන්ධ දැයි සොයා බැලීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව ත්‍රිපුද්ගල කමිටුවක් පත්කරන බව පෙන්වාදෙන ඒ මහතා මේ සිද්ධියට එක්සත් ජාතික පක්ෂයේ කිසිවකු හෝ සම්බන්ධ වී ඇත්නම් ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද සමස්තයක් ලෙස බැඳුම්කර කොමිසන් වාර්තාව නිකුත්වීම සම්බන්ධයෙන් සතුටට පත්වන බව ද පවසයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (17) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

එහි දී වැඩිදුරටත් අඳහස් දක්වමින් ඇමැතිවරයා පෙන්වා දුන්නේ පිටු 1200කින් පමණ සමන්විත බැඳුම්කර වාර්තාව සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කළයුතු බවත් බැඳුම්කර නිකුතුවෙන් රටට විශාල පාඩුවක් සිදුව තිබෙන බවට විවිධ පාර්ශ්වයන් විසින් චෝදනා එල්ල කළද මේ මඟින් රටට පාඩුවක් වියහැකි බවට වාර්තාව මඟින් ප්‍රකාශකර ඇතැයි දැන ගන්නට ලැබී තිබෙන බවත්ය.

කෙසේ වුවද පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් රුපියල් බිලියන 11ක මුදලක් අයුතු ලෙස ලාභ ලබා තිබෙන බවට බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන කොමිසන් සභා වාර්තාව මඟින් පෙන්වා දී තිබෙන බව ද බැඳුම්කර කොමිසමක් පත්කොට එහි වාර්තාව නිකුත්කරන තෙක් එක්සත් ජාතික පක්ෂය පූර්ණ සහාය ලබා දී තිබෙන බව ද සඳහන් කළ ඇමැතිවරයා මෙම වාර්තාව නීතිපති වෙත යොමුකර අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගතහැකි බව ද පෙන්වා දුන්නේය.

මේ අතර ඒ මහතා සඳහන් කළේ පර්පචුවල් ට්‍රේෂරීස් සමාගම විසින් අයුතු ලාභයක් ලබා තිබේ නම් එහි සියලු වත්කම් අක්‍රිය කරන ලෙසට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නියෝග කළ බවත් ඒ අනුව මේ වනවිට එම සමාගමේ ගිණුම්වලින් රුපියල් බිලියන 12ක මුදලක් මේ වනවිට අක්‍රියකර තිබෙන බවත්ය. පර්පචුවල් ට්‍රේෂරීස් සමාගම විසින් අයුතු ලාභයක් ලබා තිබේ නම් එම ලාභය රජයට අයකර ගතයුතු ක්‍රමවේදය සම්බන්ධයෙන් මේ වාර්තාව මඟින් පෙන්වා දී තිබෙන අතර ඒ අනුව කිසිඳු අලාභයක් රටට සිදුනොවන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

බැඳුම්කරය සම්බන්ධයෙන් පැමිණිල්ලක් පාර්ලිමේන්තුවට පැමිණි විගස කතානායකවරයා විසින් පිටිපන කමිටුව පත්කළ බව සිහිපත් කළ ඒ මහතා එම කමිටුවේ වාර්තාව නීතිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලෙස අගකමැතිවරයා දැනුම්දුන් බව ද එයින් අනතුරුව විපක්ෂයේ මන්ත්‍රීවරයකුගේ සභාපතිත්වයෙන් යුතුව මේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවක් පත්කළ බව ද කීවේය. කෝප් වාර්තාව ලද පසුව නීතිපතිවරයා වෙත ඉදිරිපත් කළ අතර එයින් අනතුරුව මේ වනවිට ජනාධිපති කොමිසන් සභා වාර්තාව නිකුත්වී තිබෙන බව ද පැවැසීය. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වන වාර්තාව මෙන්ම පසුගිය කාලයේ සිදුවූ දූෂණ හා වංචාවන් සම්බන්ධයෙන් වන වාර්තාව ද ප්‍රසිද්ධියට පත්කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කළ කබීර් හෂීම් මහතා මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා විශේෂ අධිකරණ තුනක් ස්ථාපිත කිරීමට මේ වනවිට රජය පියවර ගනිමින් සිටින බව ද සඳහන් කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බැඳුම්කරය සම්බන්ධයෙන් එජාපයට චෝදනා නෑ.
බැඳුම්කරය සම්බන්ධයෙන් එජාපයට චෝදනා නෑ.
http://ift.tt/2mI5voB
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_366.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_366.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy