සංවර්ධන වැඩපිළිවෙළ කාර්යක්ෂම කර ගැනීම සඳහා විනයක් සහිත මහජන නියෝජිතයින් පිරිසක් පළාත් පාලන ආයතනවලට තෝරා පත් කර ගත යුතු බව ජනාධිපති මෛත්‍ර...
සංවර්ධන වැඩපිළිවෙළ කාර්යක්ෂම කර ගැනීම සඳහා විනයක් සහිත මහජන නියෝජිතයින් පිරිසක් පළාත් පාලන ආයතනවලට තෝරා පත් කර ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
මෙරට දේශපාලන සංස්කෘතියේ පවතින වැරදි නිවැරදි කරමින් වංචාවෙන් දූෂණයෙන් තොර ජනහිතකාමී ගමනකට මුල් පියවර තබන මෙම මැතිවරණයේදී ජනතාව ඉතා වගකීමෙන් තම යුතුකම් ඉටු කළ යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභාවට තරඟ කරන අපේක්ෂකයින්ගේ ජය තහවුරු කරමින් හිගුරක්ගොඩ ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය.
COMMENTS