මීතොටමුල්ල කුණු කන්ද දිගින් දිගටම ගිනි ගැනීමට ලක් වන්නේ එහි මීතේන් වායුව අධික ලෙස නිෂ්පාදනය වීම නිසා බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්...
මීතොටමුල්ල කුණු කන්ද දිගින් දිගටම ගිනි ගැනීමට ලක් වන්නේ එහි මීතේන් වායුව අධික ලෙස නිෂ්පාදනය වීම නිසා බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා සන්ධාන කළේය.
උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 සීමාවට පැමිණෙන විට මීතේන් වායුව නිෂ්පාදනය ඉහළ යන බවද ඔහු පවසා සිටියේය.
මීතේන් වායු නිෂ්පාදනය වීම හරහා ගිනි ගැනීම්වලට ලක්වීමට අමතරව පිපිරීම් ද ඇති විය හැකි බවද පවසා සිටියේය.
මේ නිශ සියලුම කුණු කඳුවල නිෂ්පාදනය කරන මීතේන් වායුව බට යොදාගෙන පිටතට ගැනීමට වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවද හෙතෙම කියා සිටියේය.
COMMENTS