ලංකාවේ ප‍්‍රථම පුරපතිනිය පත් කෙරෙන ඓතිහාසික සටන රෝසි සේනානායක මහත්මිය විසින් පසුගිය දා ආරම්භ කළේය. රාජ්‍ය තාන්ති‍්‍රක මට්ටමේ අත්දැකීම් සහ...
ලංකාවේ ප‍්‍රථම පුරපතිනිය පත් කෙරෙන ඓතිහාසික සටන රෝසි සේනානායක මහත්මිය විසින් පසුගිය දා ආරම්භ කළේය. රාජ්‍ය තාන්ති‍්‍රක මට්ටමේ අත්දැකීම් සහිත සේනානායක මහත්මිය ආර්ථිකය, පරිසරය, නූතන ඉදිකිරීම්, නවීන ජීවන රටා ආදි සියල්ල පිළිබඳව මනා පරිචයක් ඇති අති දක්‍ෂ කාන්තාවක් වශයෙන් පිලිගැනේ. විශේෂයෙන්ම ඇයට ඇති ජාත්‍යන්තර සබඳතා දැනට මෙරට දේශපාලනයේ නියුතු කිසිදු කාන්තාවකට නොමැති තරම්ය.
නගරයක දියුණුව හෝ සුන්දරත්වය මිණිතය වන්නේ ගොඩනැගිලි හෝ මං මාවත් වලින් පමණක් නොවේ. එකී නගරයේ ජනතාවගේ ජීවන රටාව උසස් තලයකට ගෙන ඒමද අතිශයින් වැදගත්ය. මේ වනවිට කොළඹ අසංවිධිත ඉදිකිරීම්වල ජීවත් වන අව වරප‍්‍රසාදිත ජන සංඛ්‍යාව අති විශාලය. නිසි අධ්‍යාපනයක්, සෞඛාරක්‍ෂිත වටපිටාවක්, සුරක්‍ෂිත ජීවන රටාවක් ඔවුන්ට හිමිකරදීම රෝසි සේනානායක මහත්මියගේ අභිලාෂයයි.
මෙමගින් කොළඹ නගරය ආසියාවේ ඇති සුන්දරම නගරය පමණක් නොව, එහි ජීවන රටාව ආසියාවේ ඇති උසස්ම ජීවන රටාවන් අතරට ගෙන ඒම රෝසි සේනානායක මහත්මිය අපේක්‍ෂා කරන අතර, ඒ සඳහා තමාට ඇති ජාත්‍යන්තර සබඳතා පූර්ණ වශයෙන් යොදාගන්නටද ඇය අපේක්‍ෂා කරයි.
COMMENTS