හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එක් දුරකථන ඇමතුමකින් කාර්යයන් ඉටු කළ බවත් එවැනි පුද්ගලයන් ද අවශ්‍ය බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එක් දුරකථන ඇමතුමකින් කාර්යයන් ඉටු කළ බවත් එවැනි පුද්ගලයන් ද අවශ්‍ය බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ රෝහල් සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“ඉදිරියේදී රෝහල් 02ක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. එක් රෝහලක් නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ සහ අනෙක් රෝහල කොළඹ නගරයේ යි. ඒ සඳහා ආධාර ලබාදෙන්නේ රුසියාව සහ එක්සත් රාජධානියයි.
රජයේ අනුමැතිය මත ක්‍රියාත්මක සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සහ අර්ධ රාජ්‍ය රෝහල් පැවැතීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස මම සතුටට පත් වෙනවා. මා මිත්‍ර ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්තූතිවන්ත වෙනවා ඔහු සතුව තිබූ බලතල යොදා ගනිමින් මෙවැනි විශ්වවිද්‍යාල බිහිකිරීම පිළිබඳව. එක දුරකථන ඇමතුමකින් ඔහු මෙවැනි වැඩකටයුතු සිදු කළා. එවැනි පුද්ගලයිනුත් අපට සිටිය යුතුයි. ඒ නව ප්‍රතිපත්ති රටට හඳුන්වාදීම සඳහායි.” යැයි ද පවසා සිටියේය.
COMMENTS