‘‘දැන් මේගොල්ලො හිතන් ඉන්නෙ මහින්ද රාජපක්ෂගෙන් ආප්ප කාලා ඇවිල්ලා මහින්ද රාජපක්ෂට කෙළියා වගේ අපේ පිහිටෙන් ජනාධිපතිවෙලා ඊළඟ ඡන්දෙදි අපට කෙළි...
‘‘දැන් මේගොල්ලො හිතන් ඉන්නෙ මහින්ද රාජපක්ෂගෙන් ආප්ප කාලා ඇවිල්ලා මහින්ද රාජපක්ෂට කෙළියා වගේ අපේ පිහිටෙන් ජනාධිපතිවෙලා ඊළඟ ඡන්දෙදි අපට කෙළින්න‘‘යැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.
ඒ ගොතටුව මාණික්කමුල්ලේ පැවැති ජනහමුවකදීය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
‘‘දැන් මං අහගෙන කියනවා ඊයේ පෙරේදා ඒ අය ඒ අයට හොරා කියනවා. මේ අය මේ අයට හොරා කියනවාලු. හරියට පිටකොටුවේ පික්පොකට් ගහල දුවන අය වගේලු. ඔව් අපි පික්පොකැට් ගැහුවා. මහින්ද රාජපක්ෂගේ සාක්කුවට පික්පොකට් ගහල ඒ පික්පොකට් ගහල උස්සපු කෙනා තමයි අද ජනාධිපති පුටුවේ වාඩි වෙලා ඉන්නේ. එයාට මතක නෑ පික්පොකැට් ගහපු ජනාධිපති කෙනෙක් එයා කියලා. ඒ නිසා පික්පොකැට් ජනාධිපති කළේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය උදා කරන්න‘‘
COMMENTS