දුම්රියේ අතීතය වර්තමානය හා අනාගතය පදනම් කරගත් දුම්රිය කෞතුකාගාර ලෝකයේ දුම්රිය මූලික කර ගත් උප සංස්කෘතීන් ඇති බොහෝ රටවල ඇත. ජාතික දුම්රිය කෞ...
දුම්රියේ අතීතය වර්තමානය හා අනාගතය පදනම් කරගත් දුම්රිය කෞතුකාගාර ලෝකයේ දුම්රිය මූලික කර ගත් උප සංස්කෘතීන් ඇති බොහෝ රටවල ඇත. ජාතික දුම්රිය කෞතුකාගාරය යැයි ඇ`ගිල්ල දිගු කොට පෙන්වීමට තරම් පරිපූර්ණ දුම්රිය කෞතුකාගාරයක් මෙරට මෙතෙක් ස්ථාපිත වී නොතිබුණ ද දුම්රිය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අය වෙනුවෙන්, මෙතෙක් ලොව විවිධ ස්ථානයන්හි ස්ථාපති කර ඇති ලෝක මට්ටමේ ජාතික දුම්රිය කෞතුකාගාර මගින් අපට බොහෝ දේ දැන ඉගෙන ගත හැක.
මහා බි්‍රතාන්‍යයේ යෝර්ක්හි පිහිටුවා ඇති ජාතික දුම්රිය කෞතුකාගාරයට දේශභ්‍යන්තරිකවත් ජාත්‍යන්තරවත් හිමිවන්නේ සුවිශේෂී වටිනාකමකි. දුම්රිය හා බැදුණු වසර තුන්සියයක ඉතිහාසය සම්බන්ධයෙන් ප්‍රදර්ශන භාණ්ඩ පමණක් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් මෙම කෞතුකාගාරයේ ප්‍රදර්ශන වස්තූන් ලෙස තැන්පත් කර ඇත. එපමණක් නොව, දුම්රිය පිළිබ`ද ලිපි, පෝස්ටර් ආදිය මෙන්ම කලා සාහිත්‍ය මාධ්‍යයන් තුළ දුම්රිය පිළිබ`ද වූ නිර්මාණයන් බොහෝමයක් මෙහි ඇත. අතීතයේ පටන් භාවිත වූ තාක්ෂණික උපකරණ, දුම්රිය සංඥාවන් ආදී සියල්ල මෙහිදී දැක ගත හැකිය. විෂය පිළිබ`ද පුළුල් දැනුමකින් හා අවබෝධයකින් යුතු උපකාරක සේවා සපයන්නන් විසින් මෙහි පැමිණෙන සංචාරකයින් වෙත ලබා දෙන දැනුම ශාස්ත්‍රාලීය අධ්‍යයනයකට සමානය. එසේම, දුම්රිය සේවය තුළ සාර්ථකත්වයට පත්වූ යෙදවූ මෙන්ම විවිධ කටයුතු වෙනුවෙන් විවිධ මට්ටම් දක්වා පමණක් සිදු කළ පර්යේෂණයන් සම්බන්ධයෙන් පවා තොරතුරු මෙහිදී දැක ගත හැකිය. එපමණක් නොව, යෝර්ක් කෞතුකාගාරය සතුව ඩිජිටල් පුස්තකාලයක්ද ඇති අතර ඒවාහි ඇති පොත පත ලේඛන මෙන්ම කාල සටහන්, සිතුවම් ආදියද පාඨකයින්ට පහසුවෙන් පරිශිලනය කළ හැකිය.
ඇමරිකා එක්සත් ජනපදයේ ඉලිනෝයි ප්‍රාන්ත දුම්රිය කෞතුකාගාරය සාර්ථක හා විධිමත් දුම්රිය කෞතුකාගාරයක් පිළිබ`ද ප්‍රතිමූර්ති සාක්ෂියක් සපයයි. වාෂ්ප, ඩීසල්, විද්‍යුත්, භාණ්ඩ ප්‍රවාහන සහ මගී ප්‍රවාහන උපකරණ හා රථ මෙන්ම දුම්රිය මාර්ග, සංඥා, ගොඩනැගිලි හා අනන්‍ය භූගෝලීය ලක්ෂණයන් විදහාපාන දේවල්, රේල් බස්, මෙහෙයුම් උපකරණ ආදී සියල්ල මෙහි විධිමත්ව ස්ථානගත කර ඇත්තේ පරම්පරා ගණනක් පිළිබ`ද අවබෝධයක් ලබා ගත හැකි පරිදිය. එසේම, පුස්තකාලයක් විද්‍යුත් මෙහෙයුම් පද්ධතීන්, අධ්‍යාපන කේන්ද්‍ර, සම්මන්ත්‍රණ ශාලා, අධ්‍යාපනික හා ප්‍රදර්ශනික භාණ්ඩ ආදියෙන් මෙය සමන්විත වන අතර දුම්රිය අත්දැකීම් බොහෝමයක් එහිදී අත්වි`දිය හැකිය.
අප දන්නා පරිදි අපේ රටේද දුම්රිය හා සබැ`දුණු ගීත, නාට්‍ය, සිනමා නිර්මාණ පමණක් නොව ජනකතා හා සමාන පෞරාණික කතා, ගීත ආදිය බොහෝමයක් ඇත. එමෙන්ම මහා බි්‍රතාන්‍යයේ හා අමරිකාවේ ද දුම්රිය හා සබැ`දුණු ජන සාහිත්‍යයක් පවතින බව ඔබ ඇතැම් විට නොදන්නවා ඇති. ඒ නිර්මාණ ද හැම එකක්ම පාහේ යෝර්ක් හා ඉලිනෝයි දුම්රිය කෞතුකාගාර වලදී දැක බලා ගත හැකි වීම විශේෂත්වයකි.
එසේම ලෝකප්‍රකට මෙම කෞතුකාගාර දෙකේදීම ටීෂර්ට් කැප් ඔරලෝසු වැනි සමරු සිහිවටන, මතක සටහන්, පොත පත මිලදී ගැනීමේ අවස්ථාවද ඇත. තවත් සදහන් කළ යුතු කරුණක් නම් මෙම කෞතුකාගාර වැඩිහිටියන්ට පමණක් නොව දරුවන්ට පවා ඉතාම ආකර්ෂණීය ස්ථානයන්ය. ඡායාරූප ලබා ගැනීම වෙනුවෙන්ම සෑදුණු ස්ථාන, දුම්රිය කෞතුකාගාර මිතුරු සමාජ, සමාජ හා සංවිධාන මෙන්ම කෞතුකාගාරය වෙනුවෙන් කෞතුක භාණ්ඩ හා ආධාර ප්‍රදානය කරමින් මීට දායක වීමේ අවස්ථාවක් ද පැවතීම තුළින් මෙහි යන එන පුද්ගලයින්ටද මෙහි ක්‍රියාකාරකම් හා එක්වීමට අවස්ථා සැලසීමක් සේ සැලකිය හැකිය.
බි්‍රතාන්‍යයේ හෝ අමරිකාවේ පමණක් නොව පමණක් නොව, අසල්වාසී ඉන්දියාවේ ද ස්වකීය ගමනාගමන හා ප්‍රවාහන ක්ෂේත්‍රයේ ජීවනාලිය වන් දුම්රිය සේවාව පිළිබ`ද වූ කෞතුකාගාරයක් නව දිල්ලි අගනුවර පිහිටුවා ඇත. ඔවුන්ට අනුවම, එය ඉන්දීය දුම්රිය උරුමය පිළිබද ලෝකයට කියාපාන අතුරුමුහුණතයි. ටෝකියෝ, හොන්කොන්, බුලවායෝ හෝ නයිරෝබි හෝ වේවා දුම්රිය කෞතුකාගාරයක් යනු සිය ජාතියේ උරුමයකි. එපමණක් නොව, එවැන්නක් අවිධිමත් නමුත් පුළුල් අධ්‍යාපනයක් ලබා දෙන ශාස්ත්‍රාලයකට සමානය. ඇතැමුන්ට පැරණි කෝච්චි පෙට්ටි හා අත්හැර දැමූ දේවල් වල එකතුවක් ලෙස පෙණුන ද කෞතුකාගාරයක් යනු යුග ගණනක අත්දැකීම්වල සම්පිණ්ඩනයක් පැය කිහිපයක දී අත්වි`දිය හැකි තැනකි. පර්යේෂකයින්ට හොද පර්යේෂණාගාරයකි. විද්‍යාලයකි. ශාස්ත්‍රාලයකි.
- මාලින්ද ජයතිලක
COMMENTS