දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජී.එල්. කපා, බැසිල් පෙරට: ජන රැලි අධීක්ෂණය රෝහිතට.
Homeගොසිප්

ජී.එල්. කපා, බැසිල් පෙරට: ජන රැලි අධීක්ෂණය රෝහිතට.

PropellerAds

මැතිවරණ උණුසුමින් සෙසු පක්ෂ පෙරට යන වටාපිටාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ අභ්‍යන්තර මතගැටුම් හටගෙන ඇති ස්වරූපයක් දක්නට ඇතැයි වාර්තා වේ. ...

ගෝඨා ගැන සරත් අමුණුගමගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව.
පිළිගත් පක්ෂ ලෙස සලකුණු පක්ෂ 6කට.
එජාප යොවුන් පෙරමුණෙහි ප්‍රභලයෙක් ජනපති පුතෙකු සමඟ රහස් සාකච්ඡාවක.

මැතිවරණ උණුසුමින් සෙසු පක්ෂ පෙරට යන වටාපිටාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ අභ්‍යන්තර මතගැටුම් හටගෙන ඇති ස්වරූපයක් දක්නට ඇතැයි වාර්තා වේ.

කුරුණැගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ පිරිස් විසින් නව පක්ෂය තම දේශපාලනයේ අරමුණු ඉටුකර ගැනීමට වාහනයක් ලෙස යොදාගන්නා ආකාරය පිළිබඳ පක්ෂයේ සෙසු පිරිස් කලකිරී ඇතැයිද වාර්තා වේ.

පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අබිබවා හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා නව පක්ෂය මෙහෙයවීම ආරම්භ කිරීම, රාජපක්ෂ පවුලේ උදවියගේ දැඩි බලපෑමක් ඊට එක් කිරීම මේ ගැටුම්වලට මුල් වී ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ටික දෙනෙකු මේ නව පක්ෂය සමඟ කටයුතු කරන්නට මුල දී පියවර ගත් අතර, මෑතක සිට රාජපක්ෂවරුන් දැඩි බලපෑමක් සිදු කිරීම නිසා ඔවුහු කලකිරී සිටිති.

තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය දරන මහින්ද රාජපක්ෂ මහතා තම බාල පුතු රෝහිත රාජපක්ෂ මහතා කරලියට ගෙනවිත් දේශපාලන ගමනක් යෑම මේ මත බෙදිල්ලට හේතුවක් වී තිබේ.

රාජපක්ෂ මහතා සහභාගි වන ජන රැලි මාලාවට වේදිකාව ඉදිකිරීමේ සිට සියලු කටයුතු අධීක්ෂණය රෝහිත රාජපක්ෂ මහතාට පවරා ඇතැයි ද වාර්තා වේ. මහින්ද රාජපක්ෂ මහතා නව පක්ෂය මෙහෙයවීමට කොපමණ කටයුතු කළත් පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන නැත. ඊට අමතරව ගෝඨාභය රාජපක්ෂ මහතා එළිය සංවිධානය සමඟ වෙනම දේශපාලන ගමනක් යෑමට වැඩ ආරම්භ කොට ඇත. පක්ෂයට සහාය නොදී රාජපක්ෂවරුන් එකිනෙකා කටයුතු කරන බවක් දක්නට ද ලැබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙකු ප්‍රකාශ කර සිටියේ ජනාධිපති ධුරයට පත්වීමට පවා උදව් කළ පක්ෂයට ගුණමකු ලෙස මහින්ද රාජපක්ෂ මහතා අද කටයුතු කරන බවයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29335,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජී.එල්. කපා, බැසිල් පෙරට: ජන රැලි අධීක්ෂණය රෝහිතට.
ජී.එල්. කපා, බැසිල් පෙරට: ජන රැලි අධීක්ෂණය රෝහිතට.
http://ift.tt/2mDN0lP
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_105.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_105.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy