ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ලබා ගැනීම සඳහා රුපියල් කෝටි 250 ක මුදලක් පසුගියදා (29) නිදහස් කළ බව ජනාධිපතිවරයා පවසයි. ගොවි ජනතාවට පොහොර ලබා ග...
ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ලබා ගැනීම සඳහා රුපියල් කෝටි 250 ක මුදලක් පසුගියදා (29) නිදහස් කළ බව ජනාධිපතිවරයා පවසයි.
ගොවි ජනතාවට පොහොර ලබා ගැනීම සඳහා බැංකු වෙත මුදල් ලැබී නොමැති බවට තමන් වෙත ලැබුණු තොරතුරක් අනුව තමා මුදල් අමාත්‍යාංශයෙන් ඒ පිළිබඳ විමසීමක් සිදු කොට ඒ දිනයේම එම මුදල් අදාළ බැංකුවල ගොවි ජනතාවගේ ගිණුම් වෙත යොමු කිරීමට උපදෙස් දුන් බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ පසුගියදා (30) පස්වරුවේ පොළොන්නරුව බැඳිවැව ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.
ග‍්‍රාමීය ජනතාවගේ ගැටලු විසඳමින් එම ප‍්‍රදේශ සංවර්ධනය කරා ගෙන යාමේදී රාජ්‍ය නිලධාරින්ගේ මෙන්ම මහජන නියෝජිතයින්ගේ ද අදහස් හා යෝජනා ඉතා වැදගත් බව මෙහිදී පැවසු ජනධිපතිවරයා සංවර්ධනය සඳහා අවශ්‍ය මුදල්වල කිිසිදු අඩුපාඩුවක් නොමැති අතර අවශ්‍යව ඇත්තේ ගමේ සංවර්ධනයට කැපවන ජනතා නියෝජිතයින් පිරිසක් බව ද කියා සිටියේය.
එම ගැටලුව එළැඹෙන පෙබරවාරි 10වනදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සමග අවසන්වනු ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා අද රටපුරා ක්‍රියාත්මක වන පුළුල් සංවර්ධන වැඩපිළිවෙළට සමගාමීව ග‍්‍රාමීය ජනතාවගේ ගැටලු විසඳමින් ඔවුන්ට සංවර්ධනයේ ප‍්‍රතිලාභ අත්කරදීමේ වැඩපිළිවෙළ ඒ සමගම ක්‍රියාත්මක වනු ඇති බව සඳහන් කළේය.
COMMENTS