දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පහේ හපනුන්ගේ සම්පූර්ණ විස්තරේ
Homeගොසිප්

පහේ හපනුන්ගේ සම්පූර්ණ විස්තරේ

PropellerAds

සිතිජගේ පියා ගබඩා සහායකයෙක් රුවන්යාගේ පියා වෛද්‍යවරයෙක ගෝකුලදාසන්ගේ දෙමාපියන් ගුරුවරු ජනපතිනියක වීමට සිහින දකින උමාසංකර් පහේ හපනුන්ගේ ...

භික්ෂූන්ට පරිපාලන තනතුරු දෙන්න එපා-ගුරු තනතුරු විතරක් ඇති-මල්වතු මහ නා හිමි
යළි කිසි දිනෙක අධ්‍යාපන ඇමති නොවෙමි - බන්දුල
මලින්ද පුෂ්පකුමාර ඉනිමක කඩුලු 10ම ගෙන තැබූ වාර්තාව

සිතිජගේ පියා ගබඩා සහායකයෙක්
රුවන්යාගේ පියා වෛද්‍යවරයෙක
ගෝකුලදාසන්ගේ දෙමාපියන් ගුරුවරු

ජනපතිනියක වීමට සිහින දකින උමාසංකර්

පහේ හපනුන්ගේ සම්පූර්ණ විස්තරේ

ඊයේ දැනගත් ප්‍රතිඵල අනුව පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ මුල් ස්ථාන 12ට තේරුන දරුවන් පිළිබ‍ඳ වැඩි විස්තර මේ සමග පළවේ.

196 ක් ලබා ලංකාවෙන්ම පළමු තැන දිනූ  සිතිජ නිරාන්
 දික්වැල්ල අධ්‍යාපන කොට්ඨාසයේ ඌරුගමුව මෙතෝදිස්ත විද්‍යාලයේ සිතිජ නිරාන් සමරවික්‍රම  හකලම්මුල්ල 'යෝෂිත' ලිපිනයෙහි පදිංචි ප්‍රියන්ත සමරවික්‍රම සහ පී.එම්. හර්ෂිකා එරන්දි දෙපළගේ දෙවැනි පුත්‍රයාය.
ඔහු ආර්ථික අපහසුතා මැද අධ්‍යාපනය ලබන්නෙකි. පියා සේවය කරන්නේ වීරකැටිය සමූපකාරයේ ගබඩා සහායකයෙකු
ලෙසය. මවට රැකියාවක් නැත.
ගුරුවරුන් 12 ක් පමණක් සිටි ඔහු ඉගෙනුම ලැබූ  පර්චස් 80 ක කුඩා පාසලේ පිට්ටනියක්වත් නැත.
සිතිජට වැඩිමල් සොයුරෙකු හා බාල සොයුරෙකු සිටී.ඔහුගේ වැඩිමහල් සොහොයුරා 2014 වර්ෂයේදී එම විද්‍යාලයෙන්ම ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වී දැනට දෙවිනුවර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ 7 පන්තියේ ඉගෙනුම ලබයි. සිතිජගේ මල්ලී ඔහුගේ පාසලේම පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. කොළඹ පාසලක අධ්‍යාපනය ලබන්නට ඔහු කැමතිය. අනාගතයේ ඉංජිනේරුවෙකු වන්නට අපේක්ෂා කරන බවද ඔහු මාධ්‍ය වෙත කීවේය.



195 ක් ලබා ලංකාවෙන්ම සම දෙවන තැන දිනූ රුවන්‍යා මෙත්මිණි


කුලියාපිටිය ඇස්සැද්දුම සුභාරතී කනිෂ්ඨ විද්‍යාලයේ රුවන්‍යා මෙත්මිණි ගුණසේකර දැරියගේ මව කුලියාපිටිය සාරානාත් විද්‍යාලයේ ගුරුවරියකි. පියා බිංගිරිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට අනුයුක්තව සේවය කරන වෛද්‍යවරයෙකි. දවස මුළුල්ලේම පොතට පතට සීමා නොවී සංගීතය, යෝග භාවනා ආදියට දැඩිසේ ඇලුම් කරන ඇය ඕගන් වාදනයට දක්ෂතා දක්වන්නියකි. බාල සොහොයුරන් දෙදෙනකු සහිත පවුලේ වැඩිමලා වූ මෙත්මිණී නිරන්තර කෙළිදෙළෙන් පසුවූ දැරියකි.
පළමුවෙන් කළ දැනුම් දීම මත ඇය සිතා සිටියේ ලංකාවෙන් පළමු වෙනියා බවකි. ඇගේ නම දෙවැනි තැනට පත්වූ ආරංචියෙන් ඇය තරමක් සසල වුවත් එය සිදුවූයේ ඇගේ දෝෂයකින් නොවේ.මෙත්මිණි ඒ ගැන පැවැසුවේ,

මම හිතාගෙන හිටියා ලකුණු 180 ඉක්මවා ගන්න බව. ඒත් ලකුණු 195ක් ලැබෙයි කියලා නම් හීනෙකින්ත් හිතුවේ නැහැ. ලැබුණ දේ ගැන සතුටුයි. අනාගතයේදී හාද ශල්‍ය වෛද්‍යවරියක්වීම ප්‍රාර්ථනාවයි.


195 ක් ලබා ලංකාවෙන්ම සම දෙවන තැන දිනූ ගෝකුලදාසන් අභිසිකන්


වවුනියාව රම්භකුලම මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලද ගෝකුලදාසන් අභිසිකන්ගේ මවුපියන් ගුරුවරුන් වන අතර දරුවාගේ දක්ෂතාවය සම්බන්ධයෙන් ඉතා සතුටට පත්වන බැව් ඔවුන් කියා ඇත.
 රූපවාහිනි බැලීම අඩු කර ගුරුවරුන්ගේ උපදෙස් මත කාලසටහනකට අනුව වැඩ කිරීම හේතුවෙන් මෙම ජයග්‍රහණය ලද බව ඔහු කියයි.
අනාගතයේදී ඉන්ජිනේරුවරයකු වී රටට සේවය කිරීම තම බලාපොරොත්තුව බවද ඔහු පවසයි.



194 ක් ලබා ලංකාවෙන්ම සම තෙවැනි තැන දිනූ  සෙනිත් දිල්වන්

ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන සෙනිත් දිල්වන් රාජපක්ෂගේ පියා නෞකාවක සේවය කරන්නෙකි. මාස කිමහිපයකට වරක් පමණක් පියාව ඔහුට මුණගැසේ.මව දඹදෙණිය මූලික රෝහලේ හෙදියකි. ඉගෙනීමට මෙන්ම බාහිර ක්‍රියාකාරකම් වෙනුවෙන්ද කැපී පෙනෙන දක්ෂතා දැක්වූ සිසුවකු වන සෙනිත් පාසලෙන් දෙන එදිනෙදා වැඩකටයුතු නිසි අයුරින් සිදුකළ අයෙකි. ඔහුගේ නිවුන් සොහොයුරාද මෙවර විභාගයට පෙනී සිට ලකුණු 176ක් ලබමින්  ජයග්‍රහණය කර ඇත.



194 ක් ලබා ලංකාවෙන්ම සම තෙවැනි තැන තේජන කෞෂිත්

කුලියාපිටිය, ඇස්සැද්දුම සුභාරතී විද්‍යාලයේ ශිෂ්‍යත්වයෙන් දෙවැනියාවූ රුවන්‍යාට අමතරව තේජන කෞෂිත් විජේකෝන් සිසුවාත් මෙවර දිවයිනේ තෙවැනි ස්ථානයක් හිමිකරගෙන ඇත.
දරු දෙදෙනකුගෙන් යුත් පවුලක වැඩිමහල් දරුවා වූ තේජනගේ පියා දුම්රිය නියාමකවරයකු වන අතර මව කුලියාපිටිය රෝහලේ හෙදියකි.
තේජනට කුඩා නැගණීයකද සිටී.අනාගතයේ කවුරුවෙන්න කැමතිද යන පැනයට දැන්ම පිළිතුරුදෙන්න කැමති නැති බව ඔහු පවසා ඇත.







194 ක් ලබා ලංකාවෙන්ම සම තෙවැනි තැන උමාසංකර් ජයනි

යාපනය හින්දු ප්‍රාථමික විද්‍යාලයේ උමාසංකර් ජයනි සිසුවිය පාසලේ බාහිර කටයුතු රැසක් කරමින් සිටින්නියකි. ඇය සමාජ වැඩ වලටද කැමතිය.තමන් සාමාන්‍ය පරිදි කාලසටහනක් අනුව විභාගය වෙනුවෙන් කැපවීම හේතුවෙන් තමන්ට උසස් අයුරින් විභාගය සමත්වීමට හැකියාව ලැබුණ බැව් ඇය කියා ඇත.
අනාගතයේදී  කවුරු වෙන්න කැමතිදැයි විමසූ විට ඇය කියා ඇත්තේ රටේ ජනතාව වෙනුවෙන් සේවය කිරීම සඳහා තමන් කැපවෙන බවත් අනාගතයේ ලංකාවේ ජනාධිපතිනිය වන්නට වැඩ කරන බවත්ය.




194 ක් ලබා ලංකාවෙන්ම සම තෙවැනි තැන දිනූ  රෙහාරා බිනෝලි


කඩුවෙල, බෝමිරිය, මුනිදාස කුමාරතුංග විද්‍යාලයේ රෙහාරා බිනෝලි මිස්කින් ශිෂ්‍යාව කඩුවෙල හේවාගම රාමහැර පදිංචිව සිටී. ඇය 4 පන්තිය දක්වාම අධ්‍යාපනය ලබා ඇත්තේ කඩුවෙල ජේ.එම්.සී විද්‍යාලයේය.
 ඇය තම ජයග්‍රහණය පිළිබඳව මෙසේ කියයි. මම ලංකාවෙන් තුන් වැනියා කියලා දැනගත් වෙලාවේ ලොකු සතුටක් හිතට දැනුණා. මගේ ජයග්‍රහණය පිටිපස්සෙ මගේ පාසල් විදුහල්පතිතුමා, පන්ති භාර ගුරුතුමිය විනීතා හිරිපිටිය මහත්මිය වගේම මගෙ අම්මා පවිත්‍රා සෙව්වන්දි, තාත්තා තුවාන් නිස්කින් දෙදෙනා විශාල ශක්තියක් වුණා. මට පුංචි මල්ලි කෙනෙක් ඉන්නවා. අමිල් නිස්කින්. එයා තාම පෙර පාසල් යනවා. මට මෙවැනි ජයග්‍රණයක් දිනා ගන්න ලැබුණෙ එදිනෙදා පාසලේ වැඩ එදිනෙදා කිරීමෙන්. පාසලේ සවස පන්තිවලට සහභාගි වුණා. වෙනත් බාහිර පන්තිවලට ගියේ නෑ. උත්සාහයෙන් කැපවීමෙන් වැඩ කිරීමෙන් තමා මේ ජයග්‍රහණය ලැබුණේ.

194 ක් ලබා ලංකාවෙන්ම සම තෙවැනි තැන දිනූ  ඉරේෂ් දුලංජන

වෙන්නප්පුව සාන්ත ජෝශප්වාස් විද්‍යාලයේ ඉරේෂ් දුලංජන චන්ද්‍රසිරි දංකොටුව හාල්දඬුවන පදිංචිව සිටී.ඔහු පාසලේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමටද සමත්වූවෙකි.
ඉරේෂ්ගේ පියාද ජෝශප්වාස් විද්‍යාලයේ ඉගෙනුම ලබා ඇති අතර ඔහුට දැනට ක්‍රීඩා පුහුණුකරුවකු ලෙස කටයුතු කරමින් සිටියි. ඉරේෂ්ගේ මව ගෘහණියකි.
ශිෂ්‍යත්ව විභාගයට අමතර පන්ති කිසිවකට නොගිය ඉරේස් සමබරව සියලු කටයුතු කළමනාකරණය කරගෙන විභාගයට මුහුණදුන් බව දන්වා සිටී.



194 ක් ලබා ලංකාවෙන්ම සම තෙවැනි තැන දිනූ නෙත්මි සුබෝධිනි

ඉබ්බාගමුව ආදර්ශ මහා විද්‍යාලයේ එම්.එම්. නෙත්මි සුබෝධිනී සිසුවිය
ඉබ්බාගමුව, පබලුව ප්‍රදේශයේ පදංචිව සිටි. ඇගේ මව හා පියා දෙදෙනාම ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  නිලධාරීන් ලෙස සේවය කරති. ඇයට තවත් බාල සහෝදරියක්ද සිටී. අධ්‍යාපනයෙන් මෙන්ම බාහිර විෂය ක්‍රියාකාරකමවලින්ද දක්ෂතා පෙන්වා ඇති සුබෝධිනී සිසුවිය විද්‍යාලයේ කනිෂ්ඨ ශිෂ්‍ය නායිකාවක් වශයෙන්ද කටයුතු කරන්නීය. ඇයට කුඩා නැගණියකද සිටී.


194 ක් ලබා ලංකාවෙන්ම සම තෙවැනි තැන දිනූ සදෙස්නා රාජපක්‍ෂ

 කෑගල්ල, දැදිගම කනිෂ්ඨ විද්‍යාලයේ අධ්‍යාපනය ලබන නදිනි සදෙස්නා රාජපක්‍ෂ ශිෂ්‍යාව  මහපල්ලේගම වාසය කරයි.ඇගේ පියා  සැලසුම් ශිල්පියෙකු වන අතර මව දැදිගම මහපල්ලේගම ග්‍රාමීය රෝහලේ දන්ත වෛද්‍යවරියකි.  ඇය  චෙස් ක්‍රීඩාවට උපන් හපන්කම් ඇති දක්‍ෂ ශිෂ්‍යාවකි. මින් ඉහත 2013 වසරේ රටවල් 19ක ශිෂ්‍ය ශිෂ්‍යාවන් එක්ව පැවැති චෙස් ශූරතාවලියේදී ඇය ලෝකඩ පදක්කම හිමිකරගෙන තිබිණි. අමතර පන්ති කිසිවකට සහභාගී නොවී ඇය සිය ජයග්‍රහණය ලබා ඇත.පාසලේදී නිවේදන කටයුතුවලටද දායක වන ඇය එම කණිටු විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙසද කටයුතු කරන්නීය.

194 ක් ලබා ලංකාවෙන්ම සම තෙවැනි තැන උදයරාජන් කෝෂිකන්


ත්‍රිකුණාමලය ආර්.කේ.එම්. ශ්‍රී කෝනේශ්වරා හින්දු විද්‍යාලයේ (ප්‍රාථමික) උදය රාජන් කෝෂිකන්ගේ පියා පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමක තත්ත්ව කළමනාකරුවකු ලෙස සේවය කරන අතර, මව නැඟෙනහිර පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ වැඩසටහන් සම්පාදකවරියක් ලෙස කටයුතු කරයි. කෝෂිකන් කුඩා කල සිටම අධ්‍යාපනයට මෙන්ම ක්‍රීඩාවටද දක්‍ෂතා දක්වන්නෙකි. ඔහුගේ වැඩිමල් සොයුරියද මින් ඉහත ශිෂ්‍යත්ව විභාගයෙන් එම දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස සමත්වී ඇත.





194 ක් ලබා ලංකාවෙන්ම සම තෙවැනි තැන ලිසදි ඉමෙත්මා


 හොරණ රාජකීය විද්‍යාලයේ ලිසදි ඉමෙත්මා හඳපාන්ගොඩගේ පියා සේවය කරන්නේ හොරණ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේය. මව කළුතර දිස්ත්‍රික් කාර්යාලයේ විගණන නිලධාරිනියකි. ඇගේ බාල සොයුරා දෙකේ පන්තියේ ඉගෙනුම ලබයි. හැමදාම ඉස්කෝලෙදි කියා දෙන පාඩම් ගෙදර ගිහින් එදාම පාඩම් කර ගැනීම ඇගේ පුරුද්දක්වී තිබේ.
වෛද්‍යවරියක් වෙන්න තමයි ගොඩක්ම ආස කරන්නෙ...යයි ඇය කියා තිබේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29388,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පහේ හපනුන්ගේ සම්පූර්ණ විස්තරේ
පහේ හපනුන්ගේ සම්පූර්ණ විස්තරේ
http://ift.tt/2dTrcR7
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_830.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_830.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy