දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සීනි සමාගම මිලියන 1174ක ලාභ ලබයි.
Homeගොසිප්

සීනි සමාගම මිලියන 1174ක ලාභ ලබයි.

PropellerAds

ලංකා සීනි සමාගම 2017 වසරට රුපියල් මිලියන 1174 ක ලාභයක්ලබා ඇත. 2015 වසරේදී බිලියනයකට වඩා පාඩු ලබමින් තිබු ලංකා සීනි සමාගම 2016 වසරේදී මිලි...

නිරෝෂා තලගල මව් පදවියට සුදානම් වෙන හැටි
විපක්ෂය අයවැය පාරාජය කරන්න අත් ඉස්සුවත් ජනපති වැය ශීර්ෂය සම්මත කරනවලු
කුඹුරු ඉඩම්වල යන්ත්‍ර යොදාගෙන පතල් කැපීමට යළි අවසර

ලංකා සීනි සමාගම 2017 වසරට රුපියල් මිලියන 1174 ක ලාභයක්ලබා ඇත.

2015 වසරේදී බිලියනයකට වඩා පාඩු ලබමින් තිබු ලංකා සීනි සමාගම 2016 වසරේදී මිලියන 1006 ක ලාභයක් ලැබූ බවත්, එය පසුගිය වසරේදී මිලියන 1,174.6ක ලාභයක් දක්වා වර්ධනය කර ගත හැකි වූ බවත් කර්මාන්ත හා වාණිජ කටුයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. 2018 වසර අවසානය වන විට සීනි නිෂ්පාදනය ඉහළ නංවා බිලියන 1.8 ක (මිලියන 1,816) ලාභයක් ලබා ගැනීමට සැලසුම් කර තිබෙන බවත් ඇමැතිවරයා කියා සිටි.

වර්ෂ 2015 වන විට පාඩු ලබමින් පැවති ලංකා සීනි සමාගම, සිය සෙවනගල හා පැලවත්ත ඒකකයන්හි උක්ගොවීන්ට හා භාණ්ඩ හා සේවා සපයන සැපයුම්කරුවන්ට ගෙවීම් කළ නොහැකි අර්බුදකාරී තත්ත්වයක පැවතුණු බව පවසන පවසන ඇමැතිවරයා තමන් මේ පිළිබඳව අවධානය යොමු කළ බවත් සීනි කර්මාන්තය යළි නගා සිටු වීමට සීනි නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට, නාස්තිය හා අනවශ්‍ය වියදම් වැළැක්වීම සඳහා මනා කළමනාකාරීත්වයක් ඇති කිරීම ඇතුලු පියවරයන් රැසක් ගත් බවත් කියා සිටියේය.

ඒ සඳහා දක්‍ෂ සභාපතිවරයෙකු මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියෙකු අධ්‍යක්‍ෂ මණ්ඩලයක් පත් කර නාස්තිය, දූෂණය වළක්වා මනා කළමනානාරීත්වයකින් යුතුව සේවකයන්ගේ මෙන්ම උක්ගොවි ජනතාවගේ ද සහයෝගය ලබා ගනිමින් සමාගමේ ලාභාංශ වැඩි කිරීමට පියවර ගත් බවද එම නිසා මෙහි ලාභ ඉපයීමට හැකි වූ බවද ඇමැතිවරයා කියා සටියේය.

ලංකා සීනි සමාගම 2016 වසරේ දී සීනි මෙට්‍රික් ටොන් 51,422 ක් නිෂ්පාදනය කරනු ලැබ ඇත. එහි ආදායම මිලියන 4059.9 කි. ඒ අනුව සමාගම ලැබූ ලාභංශය රුපියල් මිලියන 1,006.3 ක් හෙවත් බිලියනයක් ය. මීට අතිරේකව සීනි ආශ්‍රිත නිෂ්පාදන හා ස්ප්‍රීතු ඇතුළු අතුරු නිෂ්පාදනවලද ආදායම මීට අයත් වේ. 2017 වසරේ ඇති ව තිබූ නියඟය ඇතුළු ගැටලු ගණනාවක් නිසාත් සීනි නිෂ්පාදනය මදක් පහළ වැටුණු අතර අතුරු නිෂ්පාදන වල වර්ධනයත්, නාස්තිය හා අමතර වියදම් අවම කිරීම නිසාත් 2017 වසරේදී ද සමස්ත ආදායමේ වර්ධනයක් මෙන්ම ලාභාංශ වර්ධනයක්ද ඇති වී ඇත.

ඒ අනුව 2017 වසරේ සීනි නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 42,841 ක් වුවත්, අතුරු නිෂ්පාදන වර්ධනය වීම හා නාස්තිය ඇතුළු අමතර වියදම් අවම කර ගැනීම තුළ පෙර වසරට වඩා ආදායම වැඩි කර ගැනිමට පාලනාධිකාරිය සමත් වුණාවී ඇත. ඒ අනුව 2017 වසරේ සමස්ත ආදායම රුපියල් මිලියන 4,652.8 ක් වූ අතර ලාභාංශය රුපියල් මිලියන 1,174.6 ක් ලෙස සටහන් වෙනවා. එය පෙර වසරට වඩා මිලියන 174 ක වැඩි වීමක්.

ඒවගේම සෙවනගල ඒකකයේ දෛනික ඇඹරුම (ධාරිතාව) පැවතියේ උක් ටොන් 850 යි. එය අද ටොන් 1550 ක් දක්වා වර්ධනය කරලා තියෙනවා. පැලවත්ත ඒකකයේ දෛනික ඇඹරුම් ධාරිතාව ටොන් 2000 සිට ටොන් 3000 දක්වා අප වැඩි කර තිබේ.

මේ සඳහා සභාපති, ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ සියලුම සේවක සේවිකාවන්, උක්ගොවීන් ඇතුළු සියලුම දෙනාගේ සහයෝගය ලැබුණු බවත් මේ නිසා මේ වන විට ලංකා සීනි සමාගම ණය බරින් තොර වූ ලාභ ලබන මට්ටමට පැමිණ ඇති බවත් ඇමැතිවරයා කියා සිටියේය.

පසුගිය සතියේ දී උක්ගොවි ජනතාව හමු වී ඔවුන්ගේ ගැටලු ගැන සාකච්ඡා කළ බවත් ඔවුන් ප්‍රධාන ගැටලු 10 ක් ඉදිරිපත් කළ බවත් කී බදියුදීන් මහතා ඒ ගැටලු බොහොමයක් අයත් වන්නේ මුදල් අමාත්‍යාංශයට හා කෘෂිකර්ම අමාත්‍යාංශයට බවත් කීවේය. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සීනි සමාගම මිලියන 1174ක ලාභ ලබයි.
සීනි සමාගම මිලියන 1174ක ලාභ ලබයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi4fnALOYQJ_2vBB10f8Imd7ZY2t8hrD2cNa4fjD1V8UvmVIjMGGAVV2FH7ymqo9VNSf6LHeoxTvaViixeKY_S9O0Yy8vqZzkI8gyOwTVroEkeAYI6secZYBxe4eZefIR1FmMz4oQrFhrPo/s1600/lanka+sugar.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi4fnALOYQJ_2vBB10f8Imd7ZY2t8hrD2cNa4fjD1V8UvmVIjMGGAVV2FH7ymqo9VNSf6LHeoxTvaViixeKY_S9O0Yy8vqZzkI8gyOwTVroEkeAYI6secZYBxe4eZefIR1FmMz4oQrFhrPo/s72-c/lanka+sugar.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/1174.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/1174.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy