දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දුම්රිය වැඩ වර්ජනය පිටුපස දේශපාලන පක්ෂයක් - දුම්රිය ස්ථානවලට පොලීසිය කැඳවයි (PHOTOS)
Homeප්‍රවෘත්ති

දුම්රිය වැඩ වර්ජනය පිටුපස දේශපාලන පක්ෂයක් - දුම්රිය ස්ථානවලට පොලීසිය කැඳවයි (PHOTOS)

PropellerAds

වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා අතර අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය...

ජාතිවාදයෙන් නැවත රට ගිනි තියන්න ඉඩ දෙන්නේ නෑ - දිලිප් වෙද ආරච්චි
රාජ්‍ය සේවකයින්ට දෙවන රාජ්‍ය භාෂා ප‍්‍රවීණතාවය ලබාගැනීම පිළිබඳව මනෝගනේෂන් ඇමතිවරයා සමග සාකච්ඡාවක්
“වස විස නැති ජාතිය” සහ ඊට අයත් ග්ලයිෆොසේට් කළුකඩය - මහාචාර්ය චන්ද්‍ර ධර්මවර්දන
දුම්රිය වැඩ වර්ජනය පිටුපස දේශපාලන පක්ෂයක් - දුම්රිය ස්ථානවලට පොලීසිය කැඳවයි (PHOTOS)

වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා අතර අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.

එම සාකච්ඡාවට වර්ජනයේ නිරත සියලු වෘත්තීය සමිති සහභාගී කරවන ලෙස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම් දුන් බව ජනාධිපති ලේකම්වරයා සඳහන් කර ඇත.

ඊයේ දිනයේදී වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති සහ ප්‍රවාහන අමාත්‍යංශ ලේකම්වරයා අතර සාකච්ඡාවක් පැවති නමුත් එය අසාර්ථක වූ බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.

මේ අතර ඊයේ සවස සාකච්ජාවක් පවත්වමින් දුම්රිය එන්ජින් රියදුරු සහයක සංගමය චෝදනා කලේ දේශපාලන පක්ෂයක අවශ්‍යතාවය මත මෙම දුම්රිය වර්ජනය ක්‍රියාත්මක වන බවයි.

දුම්රිය එන්ජින් රියදුරු සහයක සංගමයේ සභාපති ධනුෂ්ක පෙරේරා මහතා මෙසේ අදහස් දැක්වීය.

“මේක නීති විරෝධී වැඩ වර්ජනයක්. ඒ සංගමයට කිසිම අගතියක් අපගේ පටිපාටියෙන් සිදු වෙලා නැහැ. මේගොල්ලෝ මේ කියන්නේ සුදුසුකම් තියන මිනිස්සු ගන්න එපා. ඒ ගොල්ල්ලන්ට ඕනේ ආවතේවකම් කරන කොටසක් බදවා ගන්න කියලා තමයි මේ දුම්රිය රියදුරන් මේ දිගින් දිගටම වැඩ වර්ජන කරන්නේ.”

තාක්ෂණ හා මෙහෙයුම් සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසේන බණ්ඩාර මහතා මෙසේ අදහස් දැක්වීය.

“තමන්ගේ පාදඩකරණය හා දේශපාලන වුවමනාවන් ඉෂ්ඨ කර ගන්න කරන්නා වූ මේ වැඩ වර්ජනය අපි බලවත් ලෙස හෙලා දකිනවා. මේ සංගමයේ නිලතල දරන දෙදෙනාම විකල්ප දේශපාලන පක්ෂ නියෝජනය කරන දෙන්නෙක්. දේශපාලන ඇජෙන්ඩාවක් මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අපි රජයට කියනවා දැන් හුරතල් කළා ඇති වහාම මේක අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරන්න”

එමෙන්ම දුම්රිය ස්ථානවලට පොලිස් ආරක්ෂාව යෙදවීමටද පියවර ගෙන ඇත.

දුම්රිය ධාවනය විධිමත්ව බාධාවකින් තොරව සිදු කිරීමට මෙන්ම සේවකයන්ගේ හා මගීන්ට අවශ්‍ය ආරක්ෂාව සැපයීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසට පොලිස්පතිවරයා සියලු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ද දැනුවත් කර ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දුම්රිය වැඩ වර්ජනය පිටුපස දේශපාලන පක්ෂයක් - දුම්රිය ස්ථානවලට පොලීසිය කැඳවයි (PHOTOS)
දුම්රිය වැඩ වර්ජනය පිටුපස දේශපාලන පක්ෂයක් - දුම්රිය ස්ථානවලට පොලීසිය කැඳවයි (PHOTOS)
http://ift.tt/2k9PdUc
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/photos_8.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/photos_8.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy