දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපති ට්‍රම්ප්ගෙන් FBI වෙත වාග් ප්‍රහාරයක්.
Homeගොසිප්

ජනපති ට්‍රම්ප්ගෙන් FBI වෙත වාග් ප්‍රහාරයක්.

PropellerAds

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කෝපයෙන් යුතු ට්විටර් පණිවුඩ මාලාවක් නිකුත් කරමින් FBI හෙවත් මධ්‍යම විමර්ශන කාර්යාංශය දැඩි විවේචනයට ලක් ...

අලුත්වැඩියාවට දුන් ලංගම බස් 143ක් අතුරුදන්
ලසන්ත හා ප්‍රගීත් ඝාතන ගැන නව හෙළිදරව්වක්
තල්මසුන් නැරඹීම මිරිස්සට නියාමනයක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කෝපයෙන් යුතු ට්විටර් පණිවුඩ මාලාවක් නිකුත් කරමින් FBI හෙවත් මධ්‍යම විමර්ශන කාර්යාංශය දැඩි විවේචනයට ලක් කළේය.

FBI ආයතනයේ කීර්තිය විනාශ වී ඇති බව පවසන ජනාධිපති ට්‍රම්ප් එය "ඉතිහාසයේ මෙතෙක් පැවති නරකම තත්ත්වය" ලෙස විග්‍රහ කරයි.

ජාතික ආරක්ෂාව පිළිබඳ හිටපු උපදේශක මයිකල් ෆ්ලින් සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණය අත්හැර දමන ලෙස FBI ආයතනයේ හිටපු ප්‍රධානී ජේම්ස් කෝමිගෙන් ඉල්ලීමක් කළ බව ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළේය.

රුසියාව සමග පැවති සබඳතා පිළිබඳ FBI ආයතනය වෙත සාවද්‍ය ප්‍රකාශ ලබා දීම මුල් කරගනිමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂාව සම්බන්ධ උපදේශකවරයා ලෙස කටයුතු කළ මයිකල් ෆ්ලින් පසුගිය පෙබරවාරි මාසයේ දී සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

FBI ආයතනය වෙත සාවද්‍ය ප්‍රකාශ ලබා දීම පිළිබඳ ජනාධිපති ට්‍රම්ප් දැනසිටි බව ඇඟවෙන ට්විටර් පණිවුඩයක් පසුගියදා ඔහුගේ ටිව්ටර් ගිණුමේ පළ වී තිබිණි.

ජනාධිපතිවරයා වෙත එල්ලවන පීඩනය නැවතත් අලුත් වූයේ ඉන් අනතුරුවය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති ට්‍රම්ප්ගේ පෞද්ගලික නීතිඥ ජෝන් ඩවුඩ් කියා සිටියේ තමන් විසින් සටහන් තබන ලද එම ට්විටර් පණිවුඩය අත්වැරදීමක් බවය.

ජනාධිපතිවරණයේ සිය ප්‍රතිවාදියා වූ හිලරි ක්ලින්ටන්ගේ ඊමේල් පණිවුඩ පිළිබඳ පරීක්ෂණය මුල් කර ගනිමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් FBI ආයතනයේ අධ්‍යක්ෂවරයාව සිටි ජේම්ස් කෝමි ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කළේ පසුගිය මැයි මාසයේදීය.

ඩිමොක්‍රටික් පක්ෂය එවක කියා සිටියේ ජනාධිපති ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය හා රුසියාව අතර තිබූ බව පැවසෙන සබඳතා සම්බන්ධයෙන් FBI ආයතනය විසින් ගෙන යනු ලැබූ පරීක්ෂණ අධ්‍යක්ෂරයා සේවයෙන් පහ කිරීමට හේතු වූ බවය.

ජනාධිපතිවරණයේ දී තමන්ට රුසියාවේ සහාය ලැබුණු බවට පලවන වාර්තා ජනාධිපති ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි.


ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ඩොනල්ඩ් ට්‍රම්ප්ට වාසි සහගතවන අයුරින් හැසිරවීම සඳහා වෙබ් අඩවිවලට රහසින් ඇතුළු වූ රුසියානු හැකරුන් උත්සාහ කොට ඇති බවට චෝදනා එල්ල වේ.

(BBC)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29302,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපති ට්‍රම්ප්ගෙන් FBI වෙත වාග් ප්‍රහාරයක්.
ජනපති ට්‍රම්ප්ගෙන් FBI වෙත වාග් ප්‍රහාරයක්.
http://ift.tt/2iIkIYI
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/fbi_4.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/fbi_4.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy