පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය පොදුජන එක්සත් පෙරමුණ යටතේ පුටුව ලකුණින් තරග කිරීමේ සුදානමක් ඇතැයි Info ...
පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය පොදුජන එක්සත් පෙරමුණ යටතේ පුටුව ලකුණින් තරග කිරීමේ සුදානමක් ඇතැයි Info Sri Lanka News වෙත වාර්තා වේ.
ඒ අනුව මේ වන විට දිවයින පුරා පළාත් පාලන ආයතන රැසක නාම යෝජනා සකස් කිරීම මේ වන විට අවසන් වෙමින් පවතින බව ද වාර්තා වේ.
මෙම තත්ත්වය එක්සත් ජාතික පක්ෂය බලාපොරොත්තු නොවූ තත්ත්වයක් වන අතර එය ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරයට දැඩි බලපෑමක් කරනු ඇති බව දේශපාලන විචාරකයන්ගේ මතයයි.
මේ අතර පක්ෂය දෙකඩ වීමෙන් කිසිදු ඵලක් නොවන බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වයෙන් ඔවුන්ට කිසිදු කොන්දේසියකින් තොරව එකතුවීම සඳහා කටයුතු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උපදෙස් දී ඇතැයි මාධ්‍ය වාර්තා පවසන අතර ම පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් දි.මු. ජයරත්නගේ මෙහෙයවීම යටතේ ඉදිරි මැතිවරණ කටයුතු ක්‍රියාත්මක කිරීමට නියමිතය.
COMMENTS