දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'තව ගේන්න එපා, දෙන්න ඇමතිකම් නෑ' - ජනාධිපති.
Homeගොසිප්

'තව ගේන්න එපා, දෙන්න ඇමතිකම් නෑ' - ජනාධිපති.

PropellerAds

ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ සිට ශ්‍රීලනිප ආණ්ඩු පාර්ශ්වයට මන්ත්‍රීවරුන් බිලිබා ගැනීම නතර කරන ලෙස ජනාධිපතිවරයා ශ්‍රීලනිප ඇමතිවරුන්ට දන්වා තිබෙ...

රනිල් කී දේ මහින්ද ඇහුවේ නැති නිසා වුණ දේ!
ශ්‍රීලනිප සාමාජිකත්වයේ වෙනසක් නෑ : පොහොට්ටුවේ නායකත්වය මහින්දට.
මහේන්ද්‍රන් හොයන්න මාධ්‍යවේදියෙක් කොරියාවට යයි.

ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ සිට ශ්‍රීලනිප ආණ්ඩු පාර්ශ්වයට මන්ත්‍රීවරුන් බිලිබා ගැනීම නතර කරන ලෙස ජනාධිපතිවරයා ශ්‍රීලනිප ඇමතිවරුන්ට දන්වා තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර ඇත්තේ ආණ්ඩුවට සම්බන්ධ වන මන්ත්‍රීවරුන්ට දීමට තවත් ඇමතිකම් නොමැතිවීම නිසා ඔවුන් ආණ්ඩුවට සම්බන්ධ කරගැනීමෙන් වැලකී සිටින ලෙසයි.

හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පවුල විසින් ශ්‍රීලනිපය කෑලි කෑලිවලට කඩා දැමීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ සිටින බොහෝ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් දැඩි කලකිරීමෙන් සිටින අතර ඔවුන් ආණ්ඩුවේ ඇමතිවරුන් හරහා නැවත ශ්‍රීලනිපයට සම්බන්ධවීමට කැමැත්ත පළකර තිබේ.

මීට අමතරව ශ්‍රීලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කළ නාමයෝජනා සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වීම හරහා මැතිවරණයේ ජයග්‍රහණය පිළිබඳව තිබූ බලාපොරොත්තු බිඳවැටී ඇති අතර පිල් මාරුවට මෙය ද බරපතල හේතුවක් වී තිබේ.

මේ වනවිට විදේශගතව සිටින බන්දුල ගුණවර්ධන මහතා ද ආණ්ඩුවට සම්බන්ධවීමට විවිධ පාර්ශ්වයන් හරහා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති අතර ඔහු පවසා ඇත්තේ මුදල් අමාත්‍යංශයට සම්බන්ධ වගකීමක් ලැබෙන්නේ නම් මෙරටට පැමිණි වහාම පිල් මාරුකිරීමට තමන් සූදානම් බවයි.

මෙවැනි මන්ත්‍රීවරුන් බහුතරයකගේ ඉල්ලීම් හේතුවෙන් ජනාධිපතිවරයා දැඩි අපහසුතාවයට පත්ව ඇති අතර එයට හේතු වී ඇත්තේ ආණඩුවට සම්බන්ධවීමට බලාපොරොත්තුවෙන් සිටින සියලු මන්ත්‍රීවරුන් ඇමතිකම් බලාපොරොත්තුවීමයි.

පසුගිය මැතිවරණයේදී පරාජයට පත්ව එහෙත් ජාතික ලැයිස්තුව යටතේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට ඇමතිකම් ලබාදීමේදී අවශ්‍ය වුවහොත් එම ඇමතිකම් නැවත පක්ෂයට ලබාදිය යුතු බවට කොන්දේසියක් පණවා තිබූ අතර එහෙත් අදාල ඇමතිවරුන් කිසිවෙකුත් සිය ඇමතිධූර ආපසු ලබාදීමට කැමැත්ත පළකර නොමැත.

ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් කිසිවෙකුත් ඇමතිධූරයක් රහිතව රජයට සම්බන්ධවීමට කැමැත්තක් නොමැති අතර යහපාලන රජය තුළ තවදුරටත් ඇමතිධූර නිර්මාණය කිරීම අපහසු කරුණකි. එ් හරහා රජයේ ප්‍රධානීන් අපහසුතාවට පත්විය හැකි අතර ඇමතිධූර වැඩිකිරීමට එජාපය කිසිසේත් එකඟ නොවනු ඇත.

මේ නිසා ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ තවත් මන්ත්‍රීවරුන් රජයට සම්බන්ධ කරගැනීම අත්හිටුවීමටයි.  

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'තව ගේන්න එපා, දෙන්න ඇමතිකම් නෑ' - ජනාධිපති.
'තව ගේන්න එපා, දෙන්න ඇමතිකම් නෑ' - ජනාධිපති.
http://ift.tt/2AVISqD
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_974.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_974.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy