ඒකාබද්ධ විපක්‍ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග එක්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අද දිනයේදී තීරණයක් ගැනීමට නියමිතය. ඒ සඳහා හිටපු ජනාධිපති ම...
ඒකාබද්ධ විපක්‍ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග එක්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අද දිනයේදී තීරණයක් ගැනීමට නියමිතය.
ඒ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) රාත්‍රීයේ ඔහුගේ නිල නිවසේ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වේ.
ඊයේ දිනයේද ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් පැවති අතර එහිදී සාකච්ඡාවට ගැණුනු කරුණු අද සාකච්ඡාවට ඉදිරිපත් කරන බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
අභ්‍යන්තර ගැටුම් කරලියට :
ශ්‍රීලනිප - ඒකාබද්ධ සමගි සාකච්ජා කඩාකප්පල් කිරීම සම්බන්ධයෙන් දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල්විරවංශ හා උදය ගම්මන්පිල ආදී ඒකාබද්ධ විපක්ෂ නායකයින්ගේ දැඩි කනස්සල්ලට හේතුවී ඇතැයි ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
මෙසේ සමගි සාකච්ජා කුමන්ත්‍රණකාරී ලෙස බිඳ දැමීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ හා ප්‍රසන්න රණතුංග ගෙන් සමන්විත 'කාල්ටන් මොන්ටිසෝරි' කල්ලියට ඔවුන්ගේ විරෝධය එල්ලවී තිබේ.
COMMENTS