පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත්වන අපේක්ෂකයන් සියලූ දෙනා ලබන 29 වැනිදා කොළඹට ගෙන්වා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ම...
පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත්වන අපේක්ෂකයන් සියලූ දෙනා ලබන 29 වැනිදා කොළඹට ගෙන්වා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ ප‍්‍රතිඥාවක් ගැනීමට කටයුතු කරන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප‍්‍රකාශ කළේය.
ඔවුන්ගෙන ප‍්‍රතිඥාවක් ගනු ලබන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්තිවලට එකඟව එම ප‍්‍රතිපත්තිවලට බැඳී දේශපාලනය කරන බවට යැයි ද අමාත්‍යවරයා කීය.
නව දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් කටයුතු කරන බව කී ඇමැතිවරයා ලබන 26 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී මැතිවරණ වැඩපිළිවෙළ එළි දැක්වීමට බලාපොරොත්තු වන බව ද පැවැසීය.
COMMENTS