දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බැසිල්, විමල්ගේ පක්ෂයට 'කොකා' පෙන්නයි.
Homeගොසිප්

බැසිල්, විමල්ගේ පක්ෂයට 'කොකා' පෙන්නයි.

PropellerAds

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට එරෙහිව සමගිවී සටන් කරන්නැයි ආණ්ඩු විරෝධී බලවේගවලින් හා බිම් මට්ටමේ පක්ෂ නායකයින් ගෙන් එල...

“සමිතගේ පවුලෙන් මම ඈත් වෙලා ඉන්නේ මොකද මම විෂබීජ වලට බයයි ලෙඩ හැදෙනවා” අමායා අදිකාරි කියූ ආන්දෝලනාත්මක කතාව මෙන්න
දම්වැල් දැමූ ඇතෙක් පිට බයෙන් බයෙන් යන මනාලයාට රිදෙන්න තරුණියක් මුහුණුපොතේ දාපු සටහන මෙන්න
ඒවට ගියාම එක්කෝ කිස් කරන්න නැත්තන් අඩ නිරුවත් වෙන්න කියනවා, මියුසික් වීඩියෝ වල වෙන දේ ගැන ටීනා හෙළිකරයි

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට එරෙහිව සමගිවී සටන් කරන්නැයි ආණ්ඩු විරෝධී බලවේගවලින් හා බිම් මට්ටමේ පක්ෂ නායකයින් ගෙන් එල්ලවූ බලපෑම නොතකා කටයුතු කරන බැසිල් රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ 'කාල්ටන් කල්ලිය'ට විමල් විරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණේ බහුතරයක් මන්ත්‍රීවරුන්ගේ විරෝධය එල්ලවී ඇත.

පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා, ශ්‍රීලනිප - ඒකාබද්ධ සාකච්ජා බිඳ දැමීමේ අභ්‍යන්තර කුමන්ත්‍රණයක් ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපිටම පවසා තිබිණ.

මැතිවරණයකදී අවශ්‍ය අංක ගණිතය ඉතා සරල බවත් එහිදී අවශ්‍ය බෙදීම හෝ අඩු කිරීම නොව, එකතුකිරිම හා වැඩිකිරීම බවත් වීරකුමාර මන්ත්‍රීවරයා එහිදී පැහැදිලි කර දෙමින් සිටියදී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රීලනිපය සමග එක්විම තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

වීරකුමාර දිසානායක මහතා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේදී කල කතාවට එහිසිටි බහුතරයක් මන්ත්‍රීවරුන් රැස්වීමෙන් අනතුරුව ඔහුට ස්තුතිය පළකර ඇත. 

කෙසේවුවද විමල් විරවංශ මහතා එහිදී මුනිවත රැකීම ඔහුගේ පක්ෂයේ නායකයින්ට විශාල ගැටළුවක් වී ඇත.

විමල් වීරවංශ මහතා එජාපයේ ප්‍රබලයෙකු මෙන්ම එජාප නායකයාගේ කිට්ටුවන්තයකු සමඟ නිදහස් චතුරස්‍රය ආසන්නයේ මෝටර් රථයක් තුළ පසුගියදා සිදුකල රහස් සාකච්ඡාව ඊට හේතුවී ඇත්දැයි ද සැකයක් මතුව තිබේ.

අපේක්ෂක ලැයිස්තු ?

මේ අතර,  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා ලැයිස්තු සැකසීමේදී විමල් විරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ බලවත් අසාධාරණයක් සිදුව ඇතැයි ද වාර්තාවේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා ලැයිස්තු සකස් කිරීමේ වගකීම බාරව සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, විමල්ගේ පක්ෂයේ අපේක්ෂකයින් විශාල ප්‍රමාණයක් කපා හැරීම ජාතික නිදහස් පෙරමුණේ විරෝධයට හේතුවී ඇත.

මෙම තත්ත්වය යටතේ ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක මහතා ඉදිරිදින කිහිපය තුලදී තීරණාත්මක දේශපාලන තීන්දුවක් ගැනීමට නියමිත බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29325,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බැසිල්, විමල්ගේ පක්ෂයට 'කොකා' පෙන්නයි.
බැසිල්, විමල්ගේ පක්ෂයට 'කොකා' පෙන්නයි.
http://ift.tt/2ALOCCP
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_92.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_92.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy