ප්‍රතිපත්තිය තමන් ළඟ ඇති බවත් තමන් ඒ ප්‍රතිපත්තිය රකින බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඊයේ (04) බදුල්ලේ සංවිධානය කළ ජන රැ...
ප්‍රතිපත්තිය තමන් ළඟ ඇති බවත් තමන් ඒ ප්‍රතිපත්තිය රකින බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඊයේ (04) බදුල්ලේ සංවිධානය කළ ජන රැළියකට එක්වෙමින් ඒ මහතා මේ අදහස් පළ කළේය.
එහිදී හිටපු ජනාධිපතිවරයා මෙසේ අදහස් දැක්වීය.
“නුගේගොඩ රැළිය තිව්වා. ඊට පස්සේ රැස්වීම් තියලා ඇවිල්ලා තමයි මේ තත්ත්වයට ගෙනල්ලා තියෙන්නේ. හැබැයි මේ පක්ෂයක් අපි හැදුවා. මේ පක්ෂය හදනවට සමහරු විරුද්ධ වුණා. මොකටද පක්ෂයක් කියලා. නමුත් අපි පොහොට්ටුවවත් තිබුණේ නැත්තම් අපිට ගහලා ඉවර කරලා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මිනිස්සු. ඉන්න මිනිස්සු. හිටපු නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැරලා දාලා යනකොට පුතාලා, දූලා අපි තමයි හිටියේ පක්ෂේ තියාගෙන. අපි පක්ෂේ දාලා යන්නේ නැහැ. පක්ෂය කියන්නේ ලකුණ නෙවෙයි. පක්ෂය කියන්නේ ඩාලි පාර නෙවෙයි. පක්ෂය කියන්නේ ප්‍රතිපත්තිය. ඒක තියෙන්නේ අපේ ගාව. අපි ඒක රකිනවා.”
COMMENTS