කිලිනොච්චිය රාමනාදන්පුරම් ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් බහාලුමක දමා වළලා තිබූ සී.ඩී.තැටි 91 ක් හා තවත් ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ක...
කිලිනොච්චිය රාමනාදන්පුරම් ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් බහාලුමක දමා වළලා තිබූ සී.ඩී.තැටි 91 ක් හා තවත් ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් කිලිනොච්චිය පොලීසිය විසින් සොයාගෙන තිබේ.
මෙම සී.ඩී.අතර ප්‍රභාකරන්ගේ ජීව දත්ත හා ඡායාරූප වීඩියෝද, සුනාමි ව්‍යවසනයේදී එල්.ටී.ටී.ඊ.සංවිධානයට සිදු වූ හානි හා මියගිය පුද්ගලයින්ගේ විස්තරද තිබූ බව පොලීසිය කියයි.
එම ද්‍රව්‍ය පිළිබඳව පොලීසියේ උසස් නිලධාරීන් පිරිසක් විමර්ශනයක් ආරම්භ කොට තිබේ.
COMMENTS