මැතිවරණ කොමිසමේ සභාපතිගේ දැඩි නීති ගැන විමසිල්ලෙන් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ රුවන්වැල්ල ප්‍රදේශයේ ඊයේ (27) පැව...
මැතිවරණ කොමිසමේ සභාපතිගේ දැඩි නීති ගැන විමසිල්ලෙන් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඒ රුවන්වැල්ල ප්‍රදේශයේ ඊයේ (27) පැවති ජන හමුවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“එතුමාගේ දැඩි නීති ක්‍රියාත්මක වෙන විදිය අපි බලාගෙන ඉන්නවා. අදත් මන් හිතන්නේ රේඩියෝ එකට ඇවිල්ලා කිව්වා බවලත්වරු ලිප්ස්ටික් ගාන වෙලාව අඩු ගානේ එයාලට දෙන්න කියලා. දැන් හොඳම වෙලාව දුන්නා මන් හිතන්නේ සමහර නාලිකාවල. ඒක හොඳයි. පොහොට්ටුව විතරයි අවංකවම මේ ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන්නේ. මේ අනිත් සියලුදෙනාම මැතිවරණ කල් දාන්න එක්කහු වෙච්ච කට්ටිය, ආණ්ඩු පිහිටවන්න එක්කහු වුණ කට්ටිය, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පිහිටවන්න සම්මාදම් වෙච්ච සියලුදෙනානේ ඉන්නේ අනික් පක්ෂවල. දැන් මේකේ විතරයි ඉන්නේ ඒකට විරුද්ධ වුණ අය. දෙනවා නම් ජන්දේ දෙන්නේ ඕනේ පොහොට්ටුවට. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ගන්නවා කියන එක අමූලික බොරුවක්. කිසි විටකත් සිදු වෙන්නේ නැති දෙයක්. බොහොම පැහැදිලිව අනුශාසක හැටියට කියනවා මේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක තියෙන දීගේ අතාරිනවා කියනවා.”
COMMENTS