නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත මලයාසියානු අග්‍රාමාත්‍ය නජිබ් බින් ටුන් අබ්දුල් රසාක් මහතාව හමුවීමට අවස්ථාවක් ලබා දෙන මෙන් උතු...
නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත මලයාසියානු අග්‍රාමාත්‍ය නජිබ් බින් ටුන් අබ්දුල් රසාක් මහතාව හමුවීමට අවස්ථාවක් ලබා දෙන මෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා මැලේසියානු විදේශ කටයුතු පිළිබද අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කොට තිබේ.
ප්‍රධාන අමාත්‍යවරයා සිය ඉල්ලීම මගින් දක්වා ඇත්තේ මැලේසියානු අග්‍රාමාත්‍යවරයා උතුරු ප්‍රදේශයට පැමිණෙන්නේ නම් එතුමාට මෙම පළාත් වල ඇති සැබෑ තත්ත්වය දැකබලා ගැනීමට අවස්ථාව උදා වන නිසා එතුමාගේ සංචාරය ඊට ගැලපෙන අන්දමට සකස් වන්නේනම් ඉතා වැදගත් බවයි.
නමුත් ප්‍රධාන අමාත්‍යවරයාගේ එම ඉල්ලීමට මේ වනතුරු පිළිතුරක් ලැබී නැතැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලය සදහන් කරන අතර බොහෝ දුරට ඒ සදහා අවස්ථාවක් උදා වනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ.
COMMENTS