දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලංකාවෙන් රුසියාවට යැවූ තේ තොගයක කුරුමිනියෙක්.
Homeගොසිප්

ලංකාවෙන් රුසියාවට යැවූ තේ තොගයක කුරුමිනියෙක්.

PropellerAds

ශ්‍රී ලංකාවේ තේ ඇතුළු වැවිලි නිෂ්පාදන ආනයන මත රුසියානු සමූහාණ්ඩුව තාවකාලික තහනමක් පනවනු ලැබ තිබේ. ශ්‍රී ලංකාවෙන් රුසියාවට යවන ලද තේ තොගය...

මාස එකහමාරේ සහායට ස්තූතියි - මහින්දගෙන් මෛත්‍රීට ලිපියක්
මහින්දගේ ඉල්ලා අස්වීමෙන් පසු නාමල් FB දැමූ ඡායාරූපය
19 සංශෝධනයට අපි යෝජනා කළ වගන්තිය කැපුවෙ නැත්තං මේ මුකුත් නෑ - විජිත හේරත්

ශ්‍රී ලංකාවේ තේ ඇතුළු වැවිලි නිෂ්පාදන ආනයන මත රුසියානු සමූහාණ්ඩුව තාවකාලික තහනමක් පනවනු ලැබ තිබේ.

ශ්‍රී ලංකාවෙන් රුසියාවට යවන ලද තේ තොගයක තිබී කුරුමිණියකු හමු වීමත් සමඟ රුසියානු සමූහාණ්ඩුව එම පියවර ගෙන තිබේ. මේ අනුව ලබන සඳුඳා සිට ශ්‍රී ලංකාවෙන් තේ සහ අනෙකුත් වැවිලි නිෂ්පාදන ආනයනය කිරීම තාවකාලිකව නවතා දැමීමට රුසියානු සමූහාණ්ඩුව තීරණය කර ඇත. 

මෙරටින් යවන ලද තේ තොගයක තිබී ‘ට්‍රෝගෝඩර්මා ග්‍රානේරියම්’ යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කුරුමිණි විශේෂය හමුවීමත් සමඟ රුසියානු සමූහාණ්ඩුව අදාළ පියවර ගෙන තිබේ. මෙම කුරුමිණි විශේෂය ගබඩා කරන ලද ධාන්‍ය වර්ගවල බහුලව සිටින අතර ලොව සිටින වඩාත් හානිකර කෘමි විශේෂයක් ලෙස ද හැඳින්වේ. 

මෙම කුරුමිණි විශේෂය සහල් ඇතුළු ධාන්‍ය වර්ග ගබඩා කරන ස්ථානවල සාමාන්‍යයෙන් සිටින බව පවසන ශ්‍රී ලංකා තේ මණ්ඩලය සඳහන් කරයි. කිසිදු අවස්ථාවකදී මෙරටින් යවන ලද තේ තොගවල එම කුරුමිණි විශේෂය සිටි බවට තොරතුරු වාර්තා නොවන බව ද එම මණ්ඩලය සඳහන් කරයි.

කෘමීන් හමු වූ තේ තොගය සහිත බහාලුම මීට පෙර ධාන්‍ය ප්‍රවාහනය කිරීමට යොදාගත්තක් බවත් එය ශ්‍රී ලංකාවට අයත් බහාලුමක් නොවන බවත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කරයි.

රුසියාව මෙරටින් ආනයනය කරන වැවිලි නිෂ්පාදන මත මෙම තහනම පනවා ඇත්තේ තාවකාලික පදනම මත බවත් ශ්‍රී ලංකා රජය සමඟ මේ සම්බන්ධයෙන් අදාළ කරුණු පැහැදිලි කරගත් පසු එම තහනම ඉවත් කරන බවත් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. මෙම අර්බුදය විසඳීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා අවශ්‍ය පහසුකම් සැලසුණු විගස රුසියාවේ සංචාරය කරන බව ද එම නිවේදනයේ දැක්වේ. 

මෙම අර්බුදකාරී තත්ත්වය නිරාකරණය කර ගැනීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, ශ්‍රී ලංකා තේ මණ්ඩලය, විදේශ කටයුතු අමාත්‍යාංශය, වෙළෙඳ දෙපාර්තමේන්තුව ආදී ඊට සම්බන්ධිත සියලු අංශ යුහුසුළුව කටයුතු කරන බව ද වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

රුසියාව යනු ශ්‍රී ලංකාවේ තේ අපනයන වෙළෙඳපොළක් වන අතර වාර්ෂිකව රුසියාවට අපනයන තේ තොග ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 50කට ආසන්න වේ. එය සමස්ත තේ අපනයනවලින් සියයට 17කට ආසන්න ප්‍රමාණයකි. රුසියානු තේ වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ තේවලට හිමි ප්‍රතිශතය සියයට 23කි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලංකාවෙන් රුසියාවට යැවූ තේ තොගයක කුරුමිනියෙක්.
ලංකාවෙන් රුසියාවට යැවූ තේ තොගයක කුරුමිනියෙක්.
http://ift.tt/2ARuX4A
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_779.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_779.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy