යාපනයේ කච්චතීව් දූපත තුළ නාවික හමුදාව ස්ථිර ලෙස ස්ථාපිත කිරීමට නාවික හමුදාව විසින් ගෙන ඇති තීරණයට උතුරේ ධීවර සමීතිවල විරෝධතාවය එල්ල වී තිබ...
යාපනයේ කච්චතීව් දූපත තුළ නාවික හමුදාව ස්ථිර ලෙස ස්ථාපිත කිරීමට නාවික හමුදාව විසින් ගෙන ඇති තීරණයට උතුරේ ධීවර සමීතිවල විරෝධතාවය එල්ල වී තිබේ.
නාවික හමුදාව මේ දූපත තුළ ස්ථිර වශයෙන් රැදී සිටීමට තීරණය කොට ඇත්තේ ඉන්දියාවේ සිට උතුරු මුහුද හරහා මත්ද්‍රව්‍ය ඉතා විශාල වශයෙන් පැමිණීමට පටන් ගැනීමත්, ඉන්දීය ධීවරයින් අනවසරයෙන් මෙම කලාපයට පැමිණ ටෝලර් යාත්‍රා උපයෝගී කරගෙන මසුන් මැරීමේ කටයුතු වළක්වාලීම පිණිසය.
සාමාන්‍යයෙන් කච්චතීව් දූපතේ නාවික හමුදාව රදවා නොමැති අතර එහි පිහිටි ගොඩනැගිලි වලට නාවික හමුදා නිලධාරීන් පැමිණෙන්නේ කච්චතීව් දූපතේ වාර්ෂික මංගල්ලය පැවැත්වෙන දින කීපය ඇතුළතදීය.
නමුත් කච්ච්තීව් දූපත හා ඒ අවට මුහුදු ප්‍රදේශයේ නාවික හමුදා මුර යාත්‍රා සේවය නිරන්තරයෙන්ම පවතී. අක්කර 750 ක් පමණ වූ කච්චතීව් දූපතේ ජනතාව පදිංචිව නොමැත.
උතුරේ ධීවර සමීති නායකයෝ කියා සිටින්නේ නාවික හමුදාව මෙම දූපතේ පදිංචි වුවහොත් එට තම ධීවර කටයුතුවලට බාධාවක් විය හැකි බවයි. කච්චතීව් දූපතේ පිහිටා ඇති ශාන්ත අන්තෝනි දෙව් මැදුර නවීකරණය කිරීමත් එම දේවස්ථානය සදහා නව ගොඩනැගිල්ලක් ඉදි කොට දීමත් නාවික හමුදාව විසින් සිදු කොට ඇති අතර කච්චතීව් දූපතේ වාර්ෂික මංගල්ල සමයේම බැතිමතුන්ට ආහාර පාන ඇතුළු සියළුම පහසුකම් සලසා දෙනු ලබන්නේද නාවික හමුදාව විසිනි.
1973 දී සිරිමා-ශාස්ත්‍රී ගිවිසුම මගින් කච්චතීව් දූපත ශ්‍රී ලංකාවට අයත් වූ අතර එම දූපතේ පිහිටි ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ වාර්ෂික මංගල්ලයට ඉන්දීය බැතිමතුන්ට වීසා ලබා ගැනීමකින් තොරව කච්චතීව් දූපතට ළගා විය හැකිය.
වීසා ලබාගැනීමකින් තොරව ඉන්දීය බැතිමතුන්ට ශ්‍රී ලංකාවට ළගා විය හැකි එකම දූපත මෙම කච්චතීව් දූපත පමණක් වන අතර ඉන්දීය හා ශ්‍රී ලාංකික බැතිමතුන් එක්ව වසරකට වරක් ඉතා සහයෝගයෙන් වාර්ෂික මංගල්ලයක් පවත්වන එකම ස්ථානයද මෙම කච්චතීව් දූපතයි.
දකුණු ඉන්දියාවේ තමිල්නාඩු මහ ඇමතිනිය වශයෙන් ජයලලිතා සිටි කාලය පුරාම මෙම කච්චතීව් දූපත යළිත් ඉන්දියාවට ලබාගත යුතු බවට මධ්‍යම රජයට බොහෝ බාල්පෑම් කරණු ලැබුවද මධ්‍යම රජය ඊට කිසිදු ක්‍රියා මාර්ගයක් අනුගමනය නොකළේය.
(දිනසේන රතුගමගේ)
COMMENTS