පාතාලයට සම්බන්ධවී මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු පුද්ගලයකුගේ පුත‍්‍රයෙකු කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත් කිරීමට ...
පාතාලයට සම්බන්ධවී මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු පුද්ගලයකුගේ පුත‍්‍රයෙකු කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත් කිරීමට සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
කුඩු ජාවාරම්කරු මේ වන විට විදේශගතව ඇතැයි පැවසේ. මොහුගේ පුත‍්‍රයා කොළඹ මහ නගර සභා අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත් කිරීමට දිස්ත‍්‍රික්කයේ එජාප ප‍්‍රබලයකු දැඩි වෑයමක් දරා තිබේ.
මේ පිළිබඳව තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව අගමැතිවරයා පෙරේදා(21) අලූයම 3.00ට දුන් නියෝගයක් අනුව ඒ තැනැත්තාගේ නම කොළඹ මහ නගර සභා එජාප අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවත් කර ඇතැයි එම ආරංචි මාර්ගවලින් පැවසේ.
COMMENTS