තමන් ව්‍යවස්ථාදායක සභාවෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසයි. ඊට අදාළ ලිපිය ජනාධිපතිවරයා සහ අග්...
තමන් ව්‍යවස්ථාදායක සභාවෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
ඊට අදාළ ලිපිය ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වෙත යොමුකර ඇතැයි මන්ත්‍රීවරයා පැවසී ය.
ව්‍යවස්ථාදායක සභාවේ අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස විජේදාස රාජපක්ෂ මන්ත්‍රිවරයා කටයුතු කළේය.
සාමාජිකයන් දස දෙනෙක්ගෙන් යුත් කමිටුවට අගමැතිවරයාගේ නිර්දේශය පරිදි විජේදාස රාජපක්ෂ මහතා පත්කර තිබිණි.
2015 සැප්තැම්බර් මස 09 වන දින ඔහුගේ පත්විම සිදු වූ අතර 2018 සැප්තැම්බර් 09 වන දින ඔහුගේ ධූර කාලය අවසන් වීමට නියමිතව තිබිණි.
COMMENTS