දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

නේපාලයට රතු ඉරක් පායයි

‘‘මේ කඳු යාය හුදු කඳුයායක්ම නොවේ හෙට, ඒ... රණශූරයන් රතු පැහැයෙන් දිලෙන මේ ඝන කැලෑ ඉම අවට මිනිස් හමුදාවකි විස්මිත සුණු විසුණු බිම් එක...

නේපාලයට රතු ඉරක් පායයි

‘‘මේ කඳු යාය හුදු කඳුයායක්ම නොවේ හෙට,
ඒ... රණශූරයන් රතු පැහැයෙන් දිලෙන

මේ ඝන කැලෑ ඉම අවට
මිනිස් හමුදාවකි විස්මිත
සුණු විසුණු බිම් එක් කළ
ප්‍රතිහිංසාවේ කඳවුර

එවරස්ට් කඳු මුඳුනත
දිලෙයි රතු කොඩි.“

ඒ මාවෝ සටන්කාමීන්ගේ උදාන වාක්‍යයයි.

රාජාණ්ඩු ක්‍රමය නිසා හෙම්බත් වී සිටි නේපාල ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය සදහා පාර කැපුණේ 2005 වසරේ සිදුවූ නේපාල රජ පවුලේ සමූල ඝාතනයත්, ඉනික්බිති වසර 10 කට පසු 2015 වසරේ සිදුවූ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දීමත් සමගය. ඒ වන තුරුම ජනතාව විසින් අරගල පිට අරගල කළද නේපාලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නැති අයාලේ ගිය රාජ්‍යක් වී තිබුණා යයි කීම වරදක් නොවේ.



රාජාණ්ඩුවේ අවසානයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආගමනයත් නේපාල දේශපාලන ඉතිහාසයේ වෙන වෙනම සාකච්ඡා කළ යුතු දිගු කථාන්දර වුවත් එකී සිදුවීම් සමග ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රටාවකට නේපාලයේ අවතීරණ වීම ඇරඹෙන්නේ 2015 වසරේ රටේ ජනාධිපතිවරිය ලෙස කාන්තා චරිතයක් පත් වීමත් සමගිනි. ඇය නේපාලයේ වත්මන් ජනපතිනිය ද වන බිද්‍යා දේවි බණ්දාරි ය. මේ සියලු සංද්ධීන් පිටුපස ක්‍රියාකාරී ලෙස සිය අභිප්‍රායන් හඹා ගිය මාවෝවාදී ගරිල්ලන් ට නේපාලයේ පාලනය හිමි වීම අද නේපාලයේ අලුත්ම දේශපාලන වාතාවරණයයි .

නේපාලය තුළ මුල් කාලීනව රාජාණ්ඩු ක්‍රමයට විරුද්ධව නැගී සිටි මාවෝවාදී ගරිල්ලන් වසර 20 කට එහා ඉතිහාසයක් තිස්සේ විටෙක ජනතාවගේ ගැළවුම්කාරයා ලෙස ඔවුන් වෙනුවෙන් සටන් කළ අතර තවත් විටෙක රටේ ජනතාවගේ දුක් සුසුම් කදුළු වලටද හේතුවත් විය. ඒ, ජනතාව බේරා ගැනීමේ අදහසින් ආරම්භ කළ ද පසු කාලීනව විවිධ පුද්ගලයන්ගේ පෞද්ගලික අභිප්‍රායන් වලට යටත් වීම නිසාවෙනි.

ජනතා යුද්ධය (peoples war) යනුවෙන් හැඳින්වූ මෙය, 1996 දී 1600කට අධික මිනිස් ජීවිත සංඛ්‍යාවක් නේපාලයට අහිමි කළේද මාවෝෙවාදීන්ගේ නිදහස් සටන්වල ප්‍රතිපලයක් ලෙසිනි. නමුත් එකී සටන් ව්‍යාපාරය නිසා මෙතෙක් සමාජ අසාධාරණයන්ට ලක්ව සිටි මදේසී හා දලිත් ආදී වූ සුළුතරයට රටේ මුල්ම ව්‍යවස්ථාදායක කමිටුව නියෝජනය කිරීමේ අවස්ථාව උදා විය.

මෙතෙක් පැවති කැරළිකාරී යුධ වාතාවරණයෙන් මිදී මාවෝවාදී ගරිල්ලන් රටේ සාමකාමී දේශපාලන ව්‍යාපාරයට ආගමනය වන්නේ 2006 වසරේ පෙර කී සුළු තර අයිතිවාසිකම් ඔවුන්ට දිනා දීමෙන් පසුවයි.

ඔවුන්ගේ එකී පිළිවෙත අද නේපාල දේශ පාලනය තුළ විශාල ජයග්‍රහණයක් කරා ඔවුන් රැගෙන විත් බවට හොඳම උදාහරණය නොබෝදා නේපාලයේ පැවති ජන්දයත් සමග දැක ගන්නට ලැබිණ අලුතින් නේපාලට තුළ පිහිටුවා ඇති පළාත් පාලන ආයතන 753 ක්, නව පළාත් සභාවන් හතක් සදහා පැවති ජන්දදයේදී පළාත් හතෙන් හයකම ජයග්‍රහණය ලබා ගන්නට ඒකාබද්ධව එක්සත් මාක්ස් හා ලෙනින්වාදීන් (UML) පක්ෂයටත් මාවෝවාදී කේන්ද්‍රයටත් හැකිව තිබේ. ඒ අනුව වාමාංශිකයන් විසින් ආසන 163 න් 70% දිනා ගැනීමට සමත් වී ඇත. ඒ අනුව ප්‍රතිවිරෝධී කොන්ග්‍රසයට දිනා ගත හැකි වූයේ 14% ක් වන සුළුතරයකි.



ඔවුන්ගේ මෙම ජයග්‍රහණය හුදු නේපාලයට පමණක් නොව විශේෂයෙන්ම සමස්ත දකුණු ආසියාතික දේශපාලන රටාවටම නව අත්දැකීමක් වනු ඇත්තේය.

මාවෝවාදී වාමාංශික දේශපාලනයේ මෙම නැගිටීම නේපාල් කොංග්‍රසයට අති ප්‍රබල පහරක් වනු ඇති අතර එය දීර්ඝ කාලීන ලෙස ඔවුන්ගේ දේශපාලන ගමන තීරණය කරනු ඇතැයි දේශපාලන මතධාරීන්ගේ අදහස වී ඇත. මන්ද නේපාල වැසියන් බොහෝ විට සිය පාලකයන්ගේ බසට කීකරු වීමට නොපසුබට වනු ඇති බැවිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දිමෙන් පසුව පැවැත්වූ මුල්ම මැතිවරණය වූ මෙවර මැතිවරණයේ ප්‍රචාරක යාන්ත්‍රණය ප්‍රධාන පක්ෂ දෙකටම දැඩි අභියෝගයක් වූයේ ශීත සෘතුවත් සමගිනි. නමුත් මාවෝවාදීන් සිය ප්‍රචාරණ ව්‍යාපාරය ඉතා සැළසුම් සහගත ලෙස හා ආකර්ෂණීය ලෙස සිදු කරන්නට සමත් වූයේ ඔවුන් ගේ සියලු පොරොන්දු හා අපේක්ෂා රටේ බහුතරයක් ජනතාවට සුබසෙත ගෙන එන ලද ඒවා වූ නිසාය. මින් පෙරද රටේ පැවචති මැතිවරණවලදී ජයගත් ප්‍රාදේශීය මාවෝවාදී කණ්ඩායම් ඒවා ඉටු කිරිමට අසමත් වීම නිසා ඉතිහාසය යම් අයුරකින් මාවෝවාදීන්ට තර්ජනයක් වුවද මෙවර මැතිවරණය තුළ ඒ සියලු වරද නිවැරදි කරමින් මැතිවරණයට සූදානම් වන්නට මාවෝවාදී වාමාංශිකයන් කටයුතු කර ඇත.

එමෙන්ම ඔවුන්ගේ ප්‍රචාරණ ව්‍යාපාරය තුළ වූ ප්‍රධාන මාතෘකා වූයේ රටේ සුළුතරය වූ දලිත් හා අනෙක් කණ්ඩායම්වලද කාන්තාවන්ගේද අයිතීන් සුරක්ෂිත කරන බවට සහතික වීම, රටේ දුප්පත්කම දුරලීම හා සෞඛ්‍ය හා අධ්‍යාපනය නගා සිටුවීම ආදී පොදු ගැටළුවලට විසඳුම් සෙවීමය. එමෙන්ම අද වන විට නේපාලය තුළ උග්‍ර අර්බුදයක් වන විරැකියාවට විසඳුම්ද වාමාංශිකයන් විසින් මැතිවරණයට පෙර සිය න්‍යාය පත්‍රයට එක් කර ඇත.

මෙතෙක් බහුතරයක් තරුණ තරුණියක් සිය අධ්‍යාපන කටයුතුවලින් පසු රැකියා සදහා මැද පෙරදිග රටවලටත් ඉන්දියාවටත් සංක්‍රමණය වූ අතර ඉන් සිදුවන බුද්ධි ගලනය පිළිබදව වැඩි අවධානයක් යොමු කරන බවට මාවෝවාදීන් මෙවර මැතිවරණයේදී ජනතාවට පොරොන්දු වී ඇත.

නේපාලය යළි නොනැගිටිනු ඇතැයි යන්න පවා සිතිය හැකි තරමේ දරුණු අත්දැකීමක් වූ දස දහස් ගණනකට මරණය ගෙනා භූමිකම්පාව නිසා විනාශ වූ රට නගා සිටුවීමේ අභියෝගයට මුහුණ දෙන්නටද අලුත් නායකයින්ට ලෙහෙසි නොවනු ඇත.



2015 ආණ්ඩුක්‍රම වයවස්ථාවට අනුව වසර දෙකක කාලයක් යන තුරු පවතින රජයට විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට කිසිවෙකුටත් නොහැකි බැවින් මෙවර ජය ගත් වාමාංශිකයතක් ඉදිරි වසර පහ තුළම ස්ථාවර ලෙස රට පාලනය කරනු ඇතැයි යන්න අවිවාදිතය. එමගින් රටේ අනාගත දේශපාලන පසුබිමද තීරණය වනු ඇත්තේය.

මින් පෙර සිටම රටේ පොදු ප්‍රහ්න කෙරෙහි විවිධ අයුරින් පෙනි සිටි මාවෝවාදින්ට රටේ ආර්ථික හා සමාජ සංවර්ධනය වෙනුවෙන් සැළසුම් සහගත ලෙස කටයුතු කිරීම විශාල අභියෝගයක් වුවද ඒ වෙනුවෙන් පැහිදිලි දැක්මක් තිබෙනු ඇතැයි අපේක්ෂා කළ හැකි වන්නේය.

නව ආණ්ඩුවක් පිහිටුවන්නට සූදානම් මාවෝවාදීන්ට මීළගට ඇති විශාලම අභියෝගය වන්නේ රාජතාන්ත්‍රික සම්බන්ධතා කුමන අයුරින් පවත්වාගෙන යනවාදැයි යන්නය ආසියාවේ උඩින් සිනාසී සීතල යුද්ධයක නිරත වෙමින් සිටින රාජ්‍යයන් වන චීනය හා ඉංදියාව නේපාලය සමග දේශ සීමා බෙදා ගන්නා බැවින් මෙකී රටවල් දෙකම සතුටු කිරීමට නේපාල රජයට සිදුව ඇතිතේ ඉතිහාසයේ සිටමය. නමුත් මෙතෙක් නේපාලය විසින් වැඩි බරක් තබා ඇත්තේ චීනය වෙතය. එය ඉන්දියාවේ දෝෂ දර්ශනයට ලක්වූ අවස්ථා රැසක් නේපාල ඉතිහාසය තුළ දැකිය හැක. කෙසේ වුවත් නේපාලයට හොඳ රැකියා වෙළඳපළක් ඉන්දියාව තුළ තිබීමත් ඉන්දියාව දකුණු ආසියාවේ අනෙකුත් රාජ්‍යන් ගේ ‘බිග් බ්‍රදර්‘ ලෙස තවමත් ක්‍රියා කරමින් ඉඳීමත් නිසා වාමාංශික නව ආණ්ඩුවට ඉන්දියාව කෙරෙහි වැඩි නැඹුරුවක් දැක්වීමට සිදුවනු ඇති බවට අපේක්ෂා කළ හැකිය. නමුත් නේපාල සංවර්ධනය, එනම් මේ වන විටත් ඉතා හොඳ මට්ටමක නොමැති නේපාල යටිතල පහසුකම් සංවර්ධනයට චීනයේ සහයෝගය ලබා ගැනීමට නේපාලය පසුබට නොවනු ඇත. යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ සංවර්ධනයට චීනය නොපසුබට වුණා මෙන්ම අසල් වැසි නේපාලයට චීනයේ උදවු ලැබෙනු ඇත.

පත්වූ නව වාමාංශික ආණ්ඩුවත්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, මෙතෙක් ජනතාව මුහුණ දුන් අඳුරු දේශපාලන අත්දැකීමත් විසින් අස්ථාවර ලෙස පැවති නේපාල දේශපාලනය මෙතෙක් පටන් ස්ථාවර ගමනක් යනු ඇති බවට සුබ ලකුණු පහළ කළ හැකි වුවද රතු ධජය යටතේ නේපාලයට ආලෝකය පහළ වේ යැයි අනාවැකි කියන්නට තවම වේලාසන වැඩි ය.

- හංසනී සම්පත්

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29601,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නේපාලයට රතු ඉරක් පායයි
නේපාලයට රතු ඉරක් පායයි
http://ift.tt/2yIJYA2
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_671.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_671.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy